ශ්රී ලංකාවේ තරුණියන් මැද පෙරදිග ගෘහසේවිකාවන් ලෙස යැවීම නතර කරීමට හැකි වන සේ නීති සම්පාදනය කරන්නැයි ඉල්ලන පෙත්සමකට මුතූර්හිදී අත්සන් ගැනේ. සෞදි අරාබියේදී මරා දැමුණු රිසානා නෆීක්ගේ ගම පිහිටියේ ද මූතූර්හිය.
ඉරිදා වන විට මුස්ලිම් කාන්තාවෝ උනන්දුවෙන් ඊට අත්සන් කරති.
බාලවයස්කාරියක වූ රිසානා සෞදියේ රැකියාවට යවා ඇත්තේ ව්‍යජ උප්පැන්න සහතිකයක් මගිනි. ඇයගේ වයස අවුරුදු හයකින් වැඩි කළ තැරැව්කරුවෝ දෙදෙනෙක් ඊට වැරදිකරුවෝ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක් . මමත් සහයෝගය දෙනාවා (ස)
ලංකාවේ මිනිස්සු ඔක්කොම පාරට බහින්න ඕනේ මේ වෙනුවෙන් (දී)
දැනට අප රටට විදේශ විනිමය මුලික වශයෙන් ලැබෙන්නේ විදේශ රැකියා නියුක්තිකයන් ගෙන් බව සැබෑය,කොරියානු සහ යුරෝපා රටවල සේවා නියුක්තිකයන් ඉන් වැඩි දායකත්වයක් දරනු ලබයි .එම රටවල ශ්‍රමිකයින් හට දක්වන මානුෂික සැලකීම මැදපෙරදිග රටවල නැත . එම නිසා ලැබෙන සුළු වැටුපට නොමිනිසුන්ගේ දැලි කුණු සේදීමට අපරට කාන්තාවන් පිටත් කිරීම තහනම් කිරීමට ජනහිතකාමී රජයක් ලෙස කාරුණික වන්න.වැඩි වශයෙන් කාර්මික අංශයන් සදහා පුහුණු ශ්‍රමිකයින් (පිරිමි ) යොමුකරන්න. (ස)
මිනිස්සු රට යන්නේ නුගත් කමටද, අසරණ කමටද (දී)
අනේ මාන්දා. (ත)
ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තියලා කපන එක හොදයි. (නි)
හොද වැඩක්. කරන්න නම් අමාරුයි. කරනවා නම් නියමයි. (නි)
රට පුරාම එවන්න. අපිටත් අත්සන් කරන්න ඕනෑ. (නි)
මොවුන් අත්සන් කළ යුත්තේ ෂරියා නීතියට විරුද්ධවයි. (නි)
කවදාවත් කරන්න බැහැ. කරනවානම් හරිම හොදයි. (ත)
කාන්තාවන් රට යවන්න ඕන ඒ සඳහා නිසි වයස සම්පූර්ණ කර තිබෙනවාද කියලා අනන්යතාව තරවුරු කර ගැනීමෙන් පසුවයි. (ත)
නියමයි. හැමදාම මෙහෙම ඉන්නවාම් අපේ රටේ ප්‍රශ්න නෑ. (ත)
ඒ කතාවට මම 100% එකයි(දී)
දැන් අපේ රට මුස්ලිම්ද? (නි)
සෞදියට පමණක් සීමා කරන්න . අනිත් රටවල්වල ප්‍රශ්නයක් නෑ (ස)
ජයවේවා ! ඔය පෙත්සම කරුණාකර ලංකාව පුරාටම යවන්න. මිනී කන්නන්ගේ දේශයට කාන්තාවන් යැවීම නවතනු. අපේ සුභ පැතුම් !!! (ස)
දැන් එතකොට කලින් කිවුවේ මේ මරණය අල්ලාගේ කැමැත්ත කියලා. දැන් අත්සන් කරන්න ඕනෑ නැහැනේ, ඒක අල්ලාගේ කැමැත්ත නම්. (නි)
මේක ලංකාවද? නැත්නම් අරාබියද? (නි)
කරොත් හොඳයි (ස)
දෙමවුපියන්ගෙන්ද අත්සන් ගතයුතුයි, බාලවයස්කරුවන් පිටරට නොයවන්නට. (නි)
මටත් අහන්න තියන්නේ කපිල අහපු දෙයමයි.. "මේ ලංකාවේද " (ස)
ඒක නම් කාලෝචිත හොද යෝජනාවක් (දී)
තවත් කාන්තාවන් සීයක් බිලිවුනත් බලධාරීන් මෙය නතර නොකරන බව සත්‍යයි. කලයුත්තේ අපේ කාන්තාවන් වහල්බාවයට නොයවන බවට පියවරුන්.ස්වාමිපුරුෂයන් තිරණය කිරිමයි.(ස)
කරනවානම් හොදයි, කරයිද? අපේ අයට කවදාවත් කරන්න බැහැ බැහැ...(ස)
කාන්තාවන් රට නොයවා පිරිමින් රට යවන්න උනන්දු කළ යුතුයි. (නි)
අනේ හොඳයි (ස)
ලංකාවේ නාමය රකිනු (දී)
හොද තීන්දුවක් නමුත් මීට කලිනුත් ඔයවගේ දේවල් වුණා .දැන් දැනෙන්නේ තමන්ගේ ලේ හෙල්ලුනු නිසා වෙන්න ඇති (ස)
රට යවන්න නෙමෙයි, කොහොමත් ගැහැණු රැකියා කරනවට මම නම් කැමති නැහැ. (නි)
රණතුංග , රටක් වටින කතාවක් (ස)
අපිත් එකතුවෙමු .....(ස)
අමර 2013-01-20 17:42:21 විදේශ විනිමයට මරු පහරක්. " සල්ලි වගේද මනුස්ස ජීවිතය " (දී)
ඇයි ෂරියා නීතිය ඉවත් කරන්න කියලා අත්සන් ගන්න බැරී ? (නි)
මුස්ලිම් අයට හොද පාඩමක්. (නි)
රටේ අදායම සැමට එකසේ බෙදී යයි නම්.. දුප්පත්කමට නියම විසදුම් ලැබේ නම්... මේ නීති කිසිවක් අවශ්‍ය නැත. අපේ දුර්වලකම් වලට අන් රටවල නීති පලි නැත (ස)
තරුණියන් නෙවෙයි. සියලුම කාන්තාවන් වහල්සේවය සදහා යැවීම නවත්වන ලෙස ඉල්ලිය යුතුයි. (ස)
සමන් රොහාන් රණසිංහ, ඇයි අනික් කාන්තාවොත් ඕකට සහභාගී කරගෙන නැත්තේ? ඇයි කාන්තාවෝ කියන්නේ මුස්ලිම් විතරද?. (ස)
ලෙබ්බෙලා සෞදියට සපෝට් නිසා මරන එක සාධාරණයි කියාවි. (නි)
නියම වැඩක් කරනවානම්. අපිත් එකතු වෙමු. (ත)
විදේශ විනිමයට මරු පහරක්. (ත)
මේ තරම් ආශ්චර්‍යමත් රටේ මෙහෙකාර සේවය සඳහා ස්ත්‍රීන් පිටරට යවනවා ය යන්න අසන්නට සිදු විමත් පුද්මයට කාරණයක්.(ස)
ඇති යාන්තම් යමක් වැටහුණානම්. (ත)
කරන දේ හොදයි. ඔහොමම කරගෙන යන්න. (නි)
පරමානු බෝම්බ ගහන්න ඕනි අපරාධකරුවන්‍ට (ස)
මේක මුතුර් ද ? අරාබියද ? දැක්කම ඇග කිලිපොලා යනවා. ඉස්සරහට මේක බහු වාර්ගික බහු ආගමික රටක් කියලාවත් කියන්න බැරි වේවි. (නි)
සමන් රොහාන් රණසිංහ, ඇයි අනික් කාන්තාවොත් ඕකට සහභාගී කරගෙන නැත්තේ? ඇයි කාන්තාවෝ කියන්නේ මුස්ලිම් විතරද?.(ස)
සිංහලයාගේ එකම පිහිට බොදු බල සේනා පමණි . (ත)
අනන්‍යතාවය රැකගැනීම ගැන අපගේ බලවත් ප්‍රසාදය .(ත)
ආගම් භේදයකින් තොරව මේ සදහා රට පුරා ජනතාව සහය ලබාදිය යුතුයි. (නි)
අපි මේ ගැන මිට වඩා හිතන්න ඕනේ (දී)
ගොඩක් හොඳයි (ස)
කාන්තාවන් විකුණා ආර්ථිකය ශක්තිමත් කරමු . මල්ල පුරවා ගනිමු. අපිට ඕනි සල්ලි (ස)
ගොඩක් හොදයි. (ත)
මේක අපේ රටේ මිනිස්සු දැනගෙන හිටියා, නමුත් මේ තරම් උග්‍ර වෙයි කියලා හිතුවේ නැහැ (දී)
ඔය අත්සන් කරන අයගෙන් කී දෙනෙක් රට ගිහිල්ලාද කියලා කවුද දන්නේ? (නි)
ශාරියා නීතියට විරුද්දව මෙසේ ක්‍රියා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.(ස)
මුතුර් කාන්තාවන් රට නොයවා පිරිමින් රට යවන්න.(නදී)
ඒජන්සියත් අපේ යවන රටත් අපේ පෙත්සමත් අපේ පොතත් අපේ නීතියත් අපේ අත්සන් කරන අයත් අපේ ................(ස)
මේ කාරනාව තීරණය කර ස්ථිරකර ගන්න තිබුනේ මිට බොහෝ කාලයකට පෙර. පමාවෙලා හෝ මේ සම්බන්ද අවශ්‍ය නීති පනවා අදහස සම්මත උනොත් අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් දැන් බලයේ සිටින රජය යහපත් දෙයක් ක්‍රියාත්මක කළා කියල අපට ආඩම්බර වෙන්න පුළුවනි. (ත)
අධිෂ්ඨානය හොඳයි. හැමෝගෙම කැපවීම අවශ්‍යයි (ස)
සිංහලයාගේ එකම පිහිට බොදු බල සේනා පමණි (ස)
මේක මුතුර් ද ? අරාබියද ? දැක්කම ඇග කිලිපොලා යනවා.ඔය පෙත්සම කරුණාකර ලංකාව පුරාටම යවන්න. (නි)
මේකත් එක්තරා දේශලාපන විජ්ජාවක්. මිනිසුන් ගොඩ දෙනෙක් රැවටෙනවා. (ත)
මීටත් කලින් කරන්න තිබ්බේ ඕක (දී)
ඇයි සමන් මුත්තූරිහි බහුතරය මුස්ලිම් කියලා දන්නේ නෑද්ද ? (ස)
ඕවා වෙන වැඩ නෙමෙයි (ස)
නීති ගත කරන්න බැරිද ඒක (දී)
හොද ආරම්භයක්. එහෙම නීතියක් තියෙනවානම් අපේ කාන්තාවන්ට මැද පෙරදිග යාමට අතිවෙන උවමනාවත් ඉබේම නැතිවෙනවානෙ.රිසානා වෙනුවෙන් පළමුවෙන්ම කලයුතු දෙයක්! (ස)
මුස්ලිම් අයත් මේ පෙත්සම අත්සන් කරන එක ගැන ගොඩක් සතුටුයි (ස)
ලැබෙන විදේශ විනිමයට වඩා ඇතිවන සමාජ ප්‍රශ්න බරපතලයි.ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
කොහෙවත් මේ රට තරම් හොද නැහැ (දී)
සිංහලයාගේ එකම පිහිට ජාතික හෙළ උරුමය පමණි. (නි)
ආගම් ජාති අතහැරලා ලංකාවේ අයට එකවගේ ඉන්න බැරි ඇයි (ස)
අපි නොයිවසිල්ලෙනුයි ඉන්නේ මේක නවත්වන්නේ කවදාද කියලා. (නි)
අද දින අපේ රටේ පුවත් පතක තිබුන පුවතකි මේ....ගෘහ සේවය සඳහා සවුදි අරාබියට යවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 25 දක්‌වා වැඩි කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. එමෙන්ම එම කාන්තාවන් ගෘහ සේවය සම්බන්ධයෙන් දින 21 ක පුහුණුවකට යටත් විය යුතු වෙයි. මෙයට අමතරව අනෙකුත් මැදපෙරදිග රටවල් 07 සඳහා ගෘහ සේවයට යන කාන්තාවන් වයස අවුරුදු 23 ඉක්‌මවිය යුතු අතර දින 21 ක පුහුණුවක් ලැබිය යුතුයි. එමෙන්ම සිංගප්පූරුව, හොංකොං, මලයාසියාව, සයිප්‍රස් සහ අනිකුත් රටවල්වලට යන ගෘහ සේවිකාවන් වයස අවුරුදු 21 ඉක්‌මවිය යුතු අතර දින 30 ක පුහුණුවක් ලැබිය යුතු වෙයි. (දී)
දැන්නේ මේ අයට මොලේ පෑදිලා තියෙන්නේ (ස)
නලීම් ඔබ හරි... මේක රජයෙන් නෙවෙයි...ගෙදරින් පනවා ගතයුතු නීතියක්. නමුත් මෙහෙම දෙයක් හරි සිදුවෙන එක ලොකු දෙයක්.අන්තර්ජාලයෙත් මෙහෙම පෙත්සමක් යවන්න සැලසුවොත් හොඳයි. පිටරට වල ඉන්න අපේ අයගෙනුත් ලොකු සහයක් ලැබෙයි. (ස)
හොඳයි වැඩේ. ඇත්තටම මීට කලිං සිදුවිය යුතු දෙයක්. මේ අයට දැන්වත් මේක තේරුනානම් එච්චරයි. එක රටක එක සහෝදරයෝ වගේ ඇයි ඉන්ට බැරි.(ස)
හොඳයි වැඩේ. ඇත්තටම මීට කලින් සිදුවිය යුතු දෙයක්. මේ අයට දැන්වත් මේක තේරුනානම් එච්චරයි. එක රටක එක සහෝදරයෝ වගේ ඇයි ඉන්න බැරි. (නි)
මැදපෙරදිගට පමණද? (නි)
කරන්න පුලුවන් හොදම දේ තමයි තමන්ගේ පවුලෙන් කිසිම කෙනෙක් රට නොයවන බවට වෙන වෙනම හිතට ගැනීම. (නි)
ශරියා නීතියට මුස්ලිම් අය විරුද්ධ වියයුතුයි නේද? (නි)
පිට රටට අපේ රට පාවා දෙන්න එපා (දී)
මෙය ඉතාමත්ම හොඳ ආරම්භයක් කියලයි මම දකින්නෙ. විශේෂයෙන්ම මැද පෙරදිගට කාන්තාවන් යැවීම නතර කරලා වෙනත් රටවල් වලට යන්න අවශ්‍ය මුදල් ණයක් වශයෙන් රජයෙන් එයාලට සපයා දුන්නොත් හොඳයි කියලයි මම හිතන්නේ. මම දැන් ඉන්නෙත් සෞදි අරාබියාවේ තමයි. ඒ වුණත් මේ රට නම් ඇත්තටම හොඳ රටක් නෙමෙයි. හැම දෙනාම මේ රටට එන්න උත්සාහ නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි. මමත් තව මාස කිහිපයකින් ලංකාවට එනවා. ආයේ සෞදි අරාබියාව දිහා හැරිලා බත් කන්නෙත් නැහැ (නි)
බොහොම හොඳ ආරම්භයක්. ජයවේවා. (ත)
අද රටේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ මෙම විදේශ විනිමයයි. (නි)
අනික් රටවල්වල ඇති නීති රීති අපට වෙනස් කරන්න බැහැ. අප රටේ නීතියක් නැතිවුණාට අනෙක් රටවල්වල ඒවා තිබෙනවා. "අප රටේ නීතියක් නැති නිසා ඔබලාත් නීති ඉටුකරන්න එපා" යැයි අපට අනෙක් රටවල්වලට පාට් දාන්නත් බැහැ. එම නිසා අපේ කාන්තාවන් එහි නොයවා සිටීම වඩාත් සුදුසුයි. නමුත් මේ උත්සාහය ප්‍රායෝගික නැත. එකම විසදුම පවුලේ සිටින පියා, ස්වාමි පුරුෂයා නැතිනම් පුතා ආදීන් තම කාන්තා පාර්ශවය ගෘහ සේවයට පිටරට යවන්නේ නැහැ කියා ස්ථිර තීන්දුවක් ගැනීමයි. (නි)
ඉහත අදහස් දක්වා ඇති අයගෙන් බහුතරය බොර දියේ මාලු බානවා මෙන් ආගම්වාදය ඇවිස්සීමට උත්සාහ කරන බව පෙනෙනවා. (නි)
බොදුබල සේනාවේ ඉන්න කට්ටිය ගැන හිතාගන්න අමාරුයි. (නි)
ජීව හරි (ස)
කරන එකක් නෑ කීයක් ඔට්‍ටුද මේ ලන්කාවේ වැඩිම විදේශ විනිමය ආදායම් මාර්ගයනේ මේක කලොත් ලංකාවෙත් බෙල්ල කැපුව වගේ තියෙයි (ත)
නීලා, මම ලංකාව ගැන හොදට දන්නවා. මට ලංකාව ගැන උගන්වන්න එන්න එපා.(ස)
අන්න හොදයි. නියමයි. ඒ වුණත් ඕක ක්‍රියාත්මක වේවිද? (නි)
ඒ රටේ ලංකාවෙන් ගිය මිනිස්සු දහ දුක් විදිනවා (දී)
තරුණියන් විතරද යවන්න හොද නැත්තේ? එතකොට වැඩිහිටි ගැහැණු අය යැවුවට කමක් නැද්ද? (නි)
පෙන්නේ නැද්ද ඒ මිනිස්සු විදින දුක (දී)
යවන එක නවත් වන්න එපා, ඒ රටත් එක්ක එකතු වෙලා ගිවිසුමකට එන්න (දී)
ඒ නිතිය නීතිගත කරන්න බැරිද, එතකොට අසාධාරණයක් වෙන්නේ නැහැ (දී)
මේ ලංකාවේද? (ත)
විකල්පයක් කියන්නම් පැරණිම වෘත්තිය නීතිගතකරමු. (ස)
කණිෂ්ක, ඔබ අදුරු වළාවේ රිදී ඉරක් වගෙයි. (නි)
ඒ මිනිස්සු එහෙ යන්නේ නැතිව වෙන මොනවා කරන්නද (දී)
තව ටික දවසක් යනකොට හැමෝටම ඔය ප්‍රශ්නේ අමතක වෙලා යාවි (ස)
බොරු වැඩ කරන්න ලැහස්ති වෙන්න එපා.ඕක කරන්න පුළුවන් දෙයක් නොවෙයි.අනිත් එක ඔය කරන්නෙ ලංකා රජයට බලපෑමක් මිසක් සෞදි රජයට විරෝධතාවයක් නොවෙයි .හරිනම් කරන්න ඕනෙ මිනී මරන්න එපා කියල සෞදි රජයට බලපෑමක් එක්කිරීමයි. ඒක කරන්න තරම් මේ අයට දක්ෂතාවයක් නැති බව අපි දන්නවා.(ස)
මෙය නීතිගත කරන්න බලන්න. (නි)
බොහොම හොඳ ආරම්භයක්. (ත)
අනේ මේ මිනිස්සුන්ගේ බඩේ ගින්දර, දරුවන් ගේ බඩේ ගින්දර නිවන්න වෙන පිලියමක් තියෙන්වානම් මේව දැන දැනත් ඔයවගේ රටවලට යනවද? මොනව හරි ඇබැද්දියක් උනාම අවවාද දෙන්න ඕනෙ තරම් ඉන්නවා. අඩුම ගානේ මෙච්චර දුක් විදින පවුල් ලංකාවෙ ඉන්නව කියල හිතල උදව් කරන්නෙත් කීයෙන් කී දෙනාද? (ස)
අපි එහෙම කියුවට, මිනිස්සු අසරණ උනාම කරන්න තියෙන එකම වැඩේ ඕක තමයි (දී)
මේ කාන්තාවන්ට වෙන කරදර වලට් අපිත් වගකියන්න ඕනේ (දී)
ඒ යෝජනාවට මම එකයි (දී)
ඒක ඇත්ත, මොකද දැන් කි දෙනෙක් නම් රට ගිහිල්ල අමාරුවේ වැටුනද (දී)
සුළු වැටුපට නොමිනිසුන්ගේ දැලි කුණු සේදීමට අපරට කාන්තාවන් පිටත් කිරීම තහනම් කිරීමට ජනහිතකාමී රජයක් ලෙස කාරුණික වන්න. (ස)
රිසානාට වෙච්ච දේ සිංහල කෙල්ලෙකුට වුණා නම් මේක මෙච්චර දුරදිග යන්නෙ නැහැ. (නි)
අන්න ඒ උතුම් කටයුත්තට අපි සහය දෙනවා (ස)
ජීවා, අපේ රටේ නීතිය අපි කොහොමද මෙහේ ඉදගෙන වෙනස් කරන්නේ? (නි)
ඒත් ඔය අත්සන් කරන අයම නේද මරපු එකත් සාධාරණීකරනය කළේ? (නි)
එතකොට ලැම්බොගිනිත් නැද්ද? (නි)
රටට තියෙන එකම ආධායම් මාර්ගයත් මෙයාලා නැතිකරන්න මේ යන්නේ (ස)
මෙන්න මේවා තමයි ගෙන්න ඕනේ නීති (දී)
මේ පෙත්සම රට පුරා ගෙනගොස් අත්සන් ගත යුතුයි. (නි)
කරුණාකරලා බාලවයස්කාර දැරියන් වහල් සේවයට යැවීමෙන් වළකින්න. (නි)
ඒක ඉක්මනටම ක්‍රියාත්මක කලයුතුයි (දී)
අපි ඔක්කොම මිනිස්සු (දී)
කරන්න පුලුවන් නම් නියම වැඩක්. (නි)
ඔසන් සලාම් - දෝහා, ශ්‍රී ලංකාවේ නීතියක් නැතැයි කීමෙන් ඔබ කුමක් අදහස් කරනවාද නොදනිමි. ලංකාවේ නීතියක් සහ නිදහස යන දෙකම තිබෙන බව මේ පෙත්සමට අත්සන් කිරීමට ඕනෑම කෙනෙකුට නීතියෙන් ඉඩදී තිබීමෙන් පවා පෙනේ. ඔබට කිසිම භියක් නැතිව ලංකා ආණ්ඩුව හෝ ලංකා නීතිය විවේචනය කිරීමට නීතියෙන් ඉඩ තිබේ. ඔය නීතියක් තිබේයයි කියන රටවල පුළුවන් නම් ප්‍රසිද්ධියේ යමක් විවේචනය කර බලන්න. ඔබට අතපය නැතිවවත් ගෙදර එන්න බැරි වෙයි. (නි)
ඔවු. අවශ්‍ය නැහැ තමයි. (නි)
ඔය තීරණය සංශෝධනය වෙලා හෝ ක්‍රියාත්මක වුණොත් හොදයි. (නි)
මෙය කෙසේ හෝ සාර්ථක කළ යුතුයි. (නි)
උණු හින්දා බොන්නත් බෑ ...කිරි හින්දා අහක දාන්නත් බෑ (ස)
අවුරුදු 50 පැනපු අය යවන්න...