IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


‘තරුණියන් මැදපෙරදිග නොයවනු‘

ශ්‍රී ලංකාවේ තරුණියන් මැද පෙරදිග ගෘහසේවිකාවන් ලෙස යැවීම නතර කරීමට හැකි වන සේ නීති සම්පාදනය කරන්නැයි ඉල්ලන පෙත්සමකට මුතූර්හිදී අත්සන් ගැනේ. සෞදි අරාබියේදී මරා දැමුණු රිසානා නෆීක්ගේ ගම පිහිටියේ ද මූතූර්හිය.

ඉරිදා වන විට මුස්ලිම් කාන්තාවෝ උනන්දුවෙන් ඊට අත්සන් කරති.

බාලවයස්කාරියක වූ රිසානා සෞදියේ රැකියාවට යවා ඇත්තේ ව්‍යජ උප්පැන්න සහතිකයක් මගිනි. ඇයගේ වයස අවුරුදු හයකින් වැඩි කළ තැරැව්කරුවෝ දෙදෙනෙක් ඊට වැරදිකරුවෝ වූහ.

 



අදහස් (130)

‘තරුණියන් මැදපෙරදිග නොයවනු‘

රොෂාන් Sunday, 20 January 2013 10:09 PM

බොහොම හොඳ වැඩක් . මමත් සහයෝගය දෙනාවා (ස)

:       0       0

කුමුදු Monday, 21 January 2013 12:30 PM

ලංකාවේ මිනිස්සු ඔක්කොම පාරට බහින්න ඕනේ මේ වෙනුවෙන් (දී)

:       0       0

රුවන් Sunday, 20 January 2013 10:14 PM

දැනට අප රටට විදේශ විනිමය මුලික වශයෙන් ලැබෙන්නේ විදේශ රැකියා නියුක්තිකයන් ගෙන් බව සැබෑය,කොරියානු සහ යුරෝපා රටවල සේවා නියුක්තිකයන් ඉන් වැඩි දායකත්වයක් දරනු ලබයි .එම රටවල ශ්‍රමිකයින් හට දක්වන මානුෂික සැලකීම මැදපෙරදිග රටවල නැත . එම නිසා ලැබෙන සුළු වැටුපට නොමිනිසුන්ගේ දැලි කුණු සේදීමට අපරට කාන්තාවන් පිටත් කිරීම තහනම් කිරීමට ජනහිතකාමී රජයක් ලෙස කාරුණික වන්න.වැඩි වශයෙන් කාර්මික අංශයන් සදහා පුහුණු ශ්‍රමිකයින් (පිරිමි ) යොමුකරන්න. (ස)

:       0       0

තිලක් Wednesday, 23 January 2013 12:09 AM

මිනිස්සු රට යන්නේ නුගත් කමටද, අසරණ කමටද (දී)

:       0       0

දොන් Sunday, 20 January 2013 10:28 PM

අනේ මාන්දා. (ත)

:       0       0

රණතුංග Monday, 21 January 2013 07:45 PM

ඌරාගේ මාලු ඌරාගේම ඇගේ තියලා කපන එක හොදයි. (නි)

:       0       0

නිස්තාර් Sunday, 20 January 2013 10:30 PM

හොද වැඩක්. කරන්න නම් අමාරුයි. කරනවා නම් නියමයි. (නි)

:       0       0

ලංකා Monday, 21 January 2013 12:44 PM

රට පුරාම එවන්න. අපිටත් අත්සන් කරන්න ඕනෑ. (නි)

:       0       0

ජනක - බහරේන් Sunday, 20 January 2013 10:40 PM

මොවුන් අත්සන් කළ යුත්තේ ෂරියා නීතියට විරුද්ධවයි. (නි)

:       0       0

නිස්තාර් Sunday, 20 January 2013 10:41 PM

කවදාවත් කරන්න බැහැ. කරනවානම් හරිම හොදයි. (ත)

:       0       0

ධනුෂ්ක Tuesday, 22 January 2013 11:03 AM

කාන්තාවන් රට යවන්න ඕන ඒ සඳහා නිසි වයස සම්පූර්ණ කර තිබෙනවාද කියලා අනන්යතාව තරවුරු කර ගැනීමෙන් පසුවයි. (ත)

:       0       0

රණසිංහ Sunday, 20 January 2013 10:47 PM

නියමයි. හැමදාම මෙහෙම ඉන්නවාම් අපේ රටේ ප්‍රශ්න නෑ. (ත)

:       0       0

ඉමිතියාස් Tuesday, 22 January 2013 11:07 AM

ඒ කතාවට මම 100% එකයි(දී)

:       0       0

පද්මි Sunday, 20 January 2013 11:08 PM

දැන් අපේ රට මුස්ලිම්ද? (නි)

:       0       0

උපාලි Sunday, 20 January 2013 11:25 PM

සෞදිය‍ට පමණක් සීමා කරන්න . අනිත් රටවල්වල ප්‍රශ්නයක් නෑ (ස)

:       0       0

ඇල්ෆ්‍රඩ් Sunday, 20 January 2013 11:27 PM

ජයවේවා ! ඔය පෙත්සම කරුණාකර ලංකාව පුරාටම යවන්න. මිනී කන්නන්ගේ දේශයට කාන්තාවන් යැවීම නවතනු. අපේ සුභ පැතුම් !!! (ස)

:       0       0

රංග Monday, 21 January 2013 12:03 AM

දැන් එතකොට කලින් කිවුවේ මේ මරණය අල්ලාගේ කැමැත්ත කියලා. දැන් අත්සන් කරන්න ඕනෑ නැහැනේ, ඒක අල්ලාගේ කැමැත්ත නම්. (නි)

:       0       0

චානුක Monday, 21 January 2013 12:35 AM

මේක ලංකාවද? නැත්නම් අරාබියද? (නි)

:       0       0

සිරී Monday, 21 January 2013 12:48 AM

ක‍‍රොත් හොඳයි (ස)

:       0       0

ගාමිණි Monday, 21 January 2013 12:53 AM

දෙමවුපියන්ගෙන්ද අත්සන් ගතයුතුයි, බාලවයස්කරුවන් පිටරට නොයවන්නට. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 21 January 2013 01:11 AM

මටත් අහන්න තියන්නේ කපිල අහපු දෙයමයි.. "මේ ලංකාවේද " (ස)

:       0       0

ඈන් Monday, 21 January 2013 01:29 AM

ඒක නම් කාලෝචිත හොද යෝජනාවක් (දී)

:       0       0

නලීම් Monday, 21 January 2013 02:18 AM

තවත් කාන්තාවන් සීයක් බිලිවුනත් බලධාරීන් මෙය නතර නොකරන බව සත්‍යයි. කලයුත්තේ අපේ කාන්තාවන් වහල්බාවයට නොයවන බවට පියවරුන්.ස්වාමිපුරුෂයන් තිරණය කිරිමයි.(ස)

:       0       0

ධනුෂ්ක Monday, 21 January 2013 02:31 AM

කරනවානම් හොදයි, කරයිද? අපේ අයට කවදාවත් කරන්න බැහැ බැහැ...(ස)

:       0       0

චමින්ද Tuesday, 29 January 2013 03:42 PM

කාන්තාවන් රට නොයවා පිරිමින් රට යවන්න උනන්දු කළ යුතුයි. (නි)

:       0       0

ඉරාන් Monday, 21 January 2013 02:41 AM

අනේ හොඳයි (ස)

:       0       0

තිනුක Monday, 21 January 2013 02:11 PM

ලංකාවේ නාමය රකිනු (දී)

:       0       0

අසිත Monday, 21 January 2013 03:54 AM

හොද තීන්දුවක් නමුත් මීට කලිනුත් ඔයවගේ දේවල් වුණා .දැන් දැනෙන්නේ තමන්ගේ ලේ හෙල්ලුනු නිසා වෙන්න ඇති (ස)

:       0       0

අමිල කටුනායක Monday, 21 January 2013 10:21 PM

රට යවන්න නෙමෙයි, කොහොමත් ගැහැණු රැකියා කරනවට මම නම් කැමති නැහැ. (නි)

:       0       0

හේරත් Tuesday, 22 January 2013 12:40 PM

රණතුංග , රටක් වටින කතාවක් (ස)

:       0       0

දිසානා Monday, 21 January 2013 03:54 AM

අපිත් එකතුවෙමු .....(ස)

:       0       0

තිසල් Monday, 21 January 2013 04:54 AM

අමර 2013-01-20 17:42:21 විදේශ විනිමයට මරු පහරක්. " සල්ලි වගේද මනුස්ස ජීවිතය " (දී)

:       0       0

පෙරේරා Monday, 21 January 2013 05:15 AM

ඇයි ෂරියා නීතිය ඉවත් කරන්න කියලා අත්සන් ගන්න බැරී ? (නි)

:       0       0

ඩීන් Monday, 21 January 2013 06:30 AM

මුස්ලිම් අයට හොද පාඩමක්. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 22 January 2013 01:15 PM

රටේ අදායම සැමට එකසේ බෙදී යයි නම්.. දුප්පත්කමට නියම විසදුම් ලැබේ නම්... මේ නීති කිසිවක් අවශ්‍ය නැත. අපේ දුර්වලකම් වලට අන් රටවල නීති පලි නැත (ස)

:       0       0

සුමන හිමි Monday, 21 January 2013 06:45 AM

තරුණියන් නෙවෙයි. සියලුම කාන්තාවන් වහල්සේවය සදහා යැවීම නවත්වන ලෙස ඉල්ලිය යුතුයි. (ස)

:       0       0

සමන් Monday, 21 January 2013 06:46 AM

සමන් රොහාන් රණසිංහ, ඇයි අනික් කාන්තාවොත් ඕකට සහභාගී කරගෙන නැත්තේ? ඇයි කාන්තාවෝ කියන්නේ මුස්ලිම් විතරද?. (ස)

:       0       0

වරුණ Monday, 21 January 2013 07:33 AM

ලෙබ්බෙලා සෞදියට සපෝට් නිසා මරන එක සාධාරණයි කියාවි. (නි)

:       0       0

සුසන්ත (දෝහා) Sunday, 20 January 2013 05:36 PM

නියම වැඩක් කරනවානම්. අපිත් එකතු වෙමු. (ත)

:       0       0

අමර Sunday, 20 January 2013 05:42 PM

විදේශ විනිමයට මරු පහරක්. (ත)

:       0       0

සමන් Monday, 21 January 2013 07:42 AM

මේ තරම් ආශ්චර්‍යමත් රටේ මෙහෙකාර සේවය සඳහා ස්ත්‍රීන් පිටරට යවනවා ය යන්න අසන්නට සිදු විමත් පුද්මයට කාරණයක්.(ස)

:       0       0

ඩෑම් - දෝහා Sunday, 20 January 2013 05:55 PM

ඇති යාන්තම් යමක් වැටහුණානම්. (ත)

:       0       0

එරංග Monday, 21 January 2013 08:00 AM

කරන දේ හොදයි. ඔහොමම කරගෙන යන්න. (නි)

:       0       0

අසංක Monday, 21 January 2013 08:04 AM

පරමානු බෝම්බ ගහන්න ඕනි අපරාධකරුවන්‍ට (ස)

:       0       0

කමල් Sunday, 20 January 2013 06:05 PM

මේක මුතුර් ද ? අරාබියද ? දැක්කම ඇග කිලිපොලා යනවා. ඉස්සරහට මේක බහු වාර්ගික බහු ආගමික රටක් කියලාවත් කියන්න බැරි වේවි. (නි)

:       0       0

සමන් Monday, 21 January 2013 08:26 AM

සමන් රොහාන් රණසිංහ, ඇයි අනික් කාන්තාවොත් ඕකට සහභාගී කරගෙන නැත්තේ? ඇයි කාන්තාවෝ කියන්නේ මුස්ලිම් විතරද?.(ස)

:       0       0

පතිරාජ Sunday, 20 January 2013 06:07 PM

සිංහලයාගේ එකම පිහිට බොදු බල සේනා පමණි . (ත)

:       0       0

නෙත්මි Sunday, 20 January 2013 06:11 PM

අනන්‍යතාවය රැකගැනීම ගැන අපගේ බලවත් ප්‍රසාදය .(ත)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 21 January 2013 08:30 AM

ආගම් භේදයකින් තොරව මේ සදහා රට පුරා ජනතාව සහය ලබාදිය යුතුයි. (නි)

:       0       0

රෆික් Monday, 21 January 2013 08:34 AM

අපි මේ ගැන මිට වඩා හිතන්න ඕනේ (දී)

:       0       0

ෂර්මිලා Sunday, 20 January 2013 06:20 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

අල්සානුපත් Monday, 21 January 2013 08:35 AM

කාන්තාවන් විකුණා ආර්ථිකය ශක්තිමත් කරමු . මල්ල පුරවා ගනිමු. අපිට ඕනි සල්ලි (ස)

:       0       0

සර්මිලා Sunday, 20 January 2013 06:20 PM

ගොඩක් හොදයි. (ත)

:       0       0

නිමල් Monday, 21 January 2013 08:37 AM

මේක අපේ රටේ මිනිස්සු දැනගෙන හිටියා, නමුත් මේ තරම් උග්‍ර වෙයි කියලා හිතුවේ නැහැ (දී)

:       0       0

විරාජ් Sunday, 20 January 2013 06:24 PM

ඔය අත්සන් කරන අයගෙන් කී දෙනෙක් රට ගිහිල්ලාද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

ජෝසප් Monday, 21 January 2013 08:42 AM

ශාරියා නීතියට විරුද්දව මෙසේ ක්‍රියා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.(ස)

:       0       0

ෂාප්‍රාස් Sunday, 24 February 2013 07:08 PM

මුතුර් කාන්තාවන් රට නොයවා පිරිමින් රට යවන්න.(නදී)

:       0       0

මුස්තාපා Monday, 21 January 2013 08:46 AM

ඒජන්සියත් අපේ යවන රටත් අපේ පෙත්සමත් අපේ පොතත් අපේ නීතියත් අපේ අත්සන් කරන අයත් අපේ ................(ස)

:       0       0

පුෂ්ප - ජර්මනිය Sunday, 20 January 2013 06:31 PM

මේ කාරනාව තීරණය කර ස්ථිරකර ගන්න තිබුනේ මිට බොහෝ කාලයකට පෙර. පමාවෙලා හෝ මේ සම්බන්ද අවශ්‍ය නීති පනවා අදහස සම්මත උනොත් අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් දැන් බලයේ සිටින රජය යහපත් දෙයක් ක්‍රියාත්මක කළා කියල අපට ආඩම්බර වෙන්න පුළුවනි. (ත)

:       0       0

සරත් Monday, 21 January 2013 08:48 AM

අධිෂ්ඨානය හොඳයි. හැමෝ‍ගෙම කැපවීම අවශ්‍යයි (ස)

:       0       0

චාමික Monday, 21 January 2013 08:48 AM

සිංහලයාගේ එකම පිහිට බොදු බල සේනා පමණි (ස)

:       0       0

කුමාර Friday, 25 January 2013 06:20 PM

මේක මුතුර් ද ? අරාබියද ? දැක්කම ඇග කිලිපොලා යනවා.ඔය පෙත්සම කරුණාකර ලංකාව පුරාටම යවන්න. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 22 January 2013 02:53 PM

මේකත් එක්තරා දේශලාපන විජ්ජාවක්. මිනිසුන් ගොඩ දෙනෙක් රැවටෙනවා. (ත)

:       0       0

චුලා Monday, 21 January 2013 08:50 AM

මීටත් කලින් කරන්න තිබ්බේ ඕක (දී)

:       0       0

නීලා Monday, 21 January 2013 08:50 AM

ඇයි සමන් මුත්තූරිහි බහුතරය මුස්ලිම් කියලා දන්නේ නෑද්ද ? (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 20 January 2013 06:41 PM

ඕවා වෙන වැඩ නෙමෙයි (ස)

:       0       0

නිලා Monday, 21 January 2013 08:52 AM

නීති ගත කරන්න බැරිද ඒක (දී)

:       0       0

චන්ද්‍රානි Sunday, 20 January 2013 06:43 PM

හොද ආරම්භයක්. එහෙම නීතියක් තියෙනවානම් අපේ කාන්තාවන්ට මැද පෙරදිග යාමට අතිවෙන උවමනාවත් ඉබේම නැතිවෙනවානෙ.රිසානා වෙනුවෙන් පළමුවෙන්ම කලයුතු දෙයක්! (ස)

:       0       0

විජිත Sunday, 20 January 2013 06:46 PM

මුස්ලිම් අයත් මේ පෙත්සම අත්සන් කරන එක ගැන ගොඩක් සතුටුයි (ස)

:       0       0

ධම්මික Monday, 21 January 2013 09:05 AM

ලැබෙන විදේශ විනිමයට වඩා ඇතිවන සමාජ ප්‍රශ්න බරපතලයි.ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුයි. (ස)

:       0       0

සකු Monday, 21 January 2013 09:09 AM

කොහෙවත් මේ රට තරම් හොද නැහැ (දී)

:       0       0

සුභසිංහ Monday, 21 January 2013 09:09 AM

සිංහලයාගේ එකම පිහිට ජාතික හෙළ උරුමය පමණි. (නි)

:       0       0

දිලන්ක Sunday, 20 January 2013 06:50 PM

ආගම් ජාති අතහැරලා ලංකාවේ අයට එකවගේ ඉන්න බැරි ඇයි (ස)

:       0       0

සිල්වා Sunday, 20 January 2013 06:52 PM

අපි නොයිවසිල්ලෙනුයි ඉන්නේ මේක නවත්වන්නේ කවදාද කියලා. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 25 January 2013 11:21 AM

අද දින අපේ රටේ පුවත් පතක තිබුන පුවතකි මේ....ගෘහ සේවය සඳහා සවුදි අරාබියට යවන කාන්තාවන්ගේ අවම වයස්‌ සීමාව අවුරුදු 25 දක්‌වා වැඩි කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. එමෙන්ම එම කාන්තාවන් ගෘහ සේවය සම්බන්ධයෙන් දින 21 ක පුහුණුවකට යටත් විය යුතු වෙයි. මෙයට අමතරව අනෙකුත් මැදපෙරදිග රටවල් 07 සඳහා ගෘහ සේවයට යන කාන්තාවන් වයස අවුරුදු 23 ඉක්‌මවිය යුතු අතර දින 21 ක පුහුණුවක්‌ ලැබිය යුතුයි. එමෙන්ම සිංගප්පූරුව, හොංකොං, මලයාසියාව, සයිප්‍රස්‌ සහ අනිකුත් රටවල්වලට යන ගෘහ සේවිකාවන් වයස අවුරුදු 21 ඉක්‌මවිය යුතු අතර දින 30 ක පුහුණුවක්‌ ලැබිය යුතු වෙයි. (දී)

:       0       0

දිනේෂ් Sunday, 20 January 2013 06:56 PM

දැන්නේ මේ අයට මොලේ පෑදිලා තියෙන්නේ (ස)

:       0       0

සනත් Monday, 21 January 2013 09:23 AM

නලීම් ඔබ හරි... මේක රජයෙන් නෙවෙයි...ගෙදරින් පනවා ගතයුතු නීතියක්. නමුත් මෙහෙම දෙයක් හරි සිදුවෙන එක ලොකු දෙයක්.අන්තර්ජාලයෙත් මෙහෙම පෙත්සමක් යවන්න සැලසුවොත් හොඳයි. පිටරට වල ඉන්න අපේ අයගෙනුත් ලොකු සහයක් ලැබෙයි. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 20 January 2013 06:57 PM

හොඳයි වැඩේ. ඇත්තටම මීට කලිං සිදුවිය යුතු දෙයක්. මේ අයට දැන්වත් මේක තේරුනානම් එච්චරයි. එක රටක එක සහෝදරයෝ වගේ ඇයි ඉන්ට බැරි.(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 20 January 2013 06:57 PM

හොඳයි වැඩේ. ඇත්තටම මීට කලින් සිදුවිය යුතු දෙයක්. මේ අයට දැන්වත් මේක තේරුනානම් එච්චරයි. එක රටක එක සහෝදරයෝ වගේ ඇයි ඉන්න බැරි. (නි)

:       0       0

ඉන්දික Monday, 21 January 2013 09:24 AM

මැදපෙරදිගට පමණද? (නි)

:       0       0

ජනක Monday, 21 January 2013 09:27 AM

කරන්න පුලුවන් හොදම දේ තමයි තමන්ගේ පවුලෙන් කිසිම‍ කෙනෙක් රට නොයවන බවට වෙන වෙනම හිතට ගැනීම. (නි)

:       0       0

ෆාරු Monday, 21 January 2013 09:28 AM

ශරියා නීතියට මුස්ලිම් අය විරුද්ධ වියයුතුයි නේද? (නි)

:       0       0

සිරා Sunday, 20 January 2013 07:06 PM

පිට රටට අපේ රට පාවා දෙන්න එපා (දී)

:       0       0

සමීන් Monday, 21 January 2013 09:34 AM

මෙය ඉතාමත්ම හොඳ ආරම්භයක් කියලයි මම දකින්නෙ. විශේෂයෙන්ම මැද පෙරදිගට කාන්තාවන් යැවීම නතර කරලා වෙනත් රටවල් වලට යන්න අවශ්‍ය මුදල් ණයක් වශයෙන් රජයෙන් එයාලට සපයා දුන්නොත් හොඳයි කියලයි මම හිතන්නේ. මම දැන් ඉන්නෙත් සෞදි අරාබියාවේ තමයි. ඒ වුණත් මේ රට නම් ඇත්තටම හොඳ රටක් නෙමෙයි. හැම දෙනාම මේ රටට එන්න උත්සාහ නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි. මමත් තව මාස කිහිපයකින් ලංකාවට එනවා. ආයේ සෞදි අරාබියාව දිහා හැරිලා බත් කන්නෙත් නැහැ (නි)

:       0       0

ජසීම් Sunday, 20 January 2013 07:08 PM

බොහොම හොඳ ආරම්භයක්. ජයවේවා. (ත)

:       0       0

බන්දුල Sunday, 20 January 2013 07:09 PM

අද රටේ ප්‍රධාන ආදායම වෙලා තියෙන්නේ මෙම විදේශ විනිමයයි. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 21 January 2013 09:38 AM

අනික් රටවල්වල ඇති නීති රීති අපට වෙනස් කරන්න බැහැ. අප රටේ නීතියක් නැතිවුණාට අනෙක් රටවල්වල ඒවා තිබෙනවා. "අප රටේ නීතියක් නැති නිසා ඔබලාත් නීති ඉටුකරන්න එපා" යැයි අපට අනෙක් රටවල්වලට පාට් දාන්නත් බැහැ. එම නිසා අපේ කාන්තාවන් එහි නොයවා සිටීම වඩාත් සුදුසුයි. නමුත් මේ උත්සාහය ප්‍රායෝගික නැත. එකම විසදුම පවුලේ සිටින පියා, ස්වාමි පුරුෂයා නැතිනම් පුතා ආදීන් තම කාන්තා පාර්ශවය ගෘහ සේවයට පිටරට යවන්නේ නැහැ කියා ස්ථිර තීන්දුවක් ගැනීමයි. (නි)

:       0       0

ෂබ්දීන් Thursday, 24 January 2013 10:03 PM

ඉහත අදහස් දක්වා ඇති අයගෙන් බහුතරය බොර දියේ මාලු බානවා මෙන් ආගම්වාදය ඇවිස්සීමට උත්සාහ කරන ‍බව පෙනෙනවා. (නි)

:       0       0

ශාන් Sunday, 20 January 2013 07:10 PM

බොදුබල සේනාවේ ඉන්න කට්ටිය ගැන හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

නුවන් Monday, 21 January 2013 09:41 AM

ජීව හරි (ස)

:       0       0

තරුෂ Sunday, 20 January 2013 07:10 PM

කරන එකක් නෑ කීයක් ඔට්‍ටුද මේ ලන්කාවේ වැඩිම විදේශ විනිමය ආදායම් මාර්ගයනේ මේක කලොත් ලංකාවෙත් බෙල්ල කැපුව වගේ තියෙයි (ත)

:       0       0

සමන් Monday, 21 January 2013 09:55 AM

නීලා, මම ලංකාව ගැන හොදට දන්නවා. මට ලංකාව ගැන උගන්වන්න එන්න එපා.(ස)

:       0       0

රම්‍යා Sunday, 20 January 2013 07:15 PM

අන්න හොදයි. නියමයි. ඒ වුණත් ඕක ක්‍රියාත්මක වේවිද? (නි)

:       0       0

චාමර Monday, 21 January 2013 09:55 AM

ඒ රටේ ලංකාවෙන් ගිය මිනිස්සු දහ දුක් විදිනවා (දී)

:       0       0

ලලිත් - කටාර් Sunday, 20 January 2013 07:15 PM

තරුණියන් විතරද යවන්න හොද නැත්තේ? එතකොට වැඩිහිටි ගැහැණු අය යැවුවට කමක් නැද්ද? (නි)

:       0       0

චාමර Monday, 21 January 2013 09:57 AM

පෙන්නේ නැද්ද ඒ මිනිස්සු විදින දුක (දී)

:       0       0

සුමිත්‍රා Sunday, 20 January 2013 07:15 PM

යවන එක නවත් වන්න එපා, ඒ රටත් එක්ක එකතු වෙලා ගිවිසුමකට එන්න (දී)

:       0       0

සුමිත්‍රා Sunday, 20 January 2013 07:16 PM

ඒ නිතිය නීතිගත කරන්න බැරිද, එතකොට අසාධාරණයක් වෙන්නේ නැහැ (දී)

:       0       0

කපිල Sunday, 20 January 2013 07:22 PM

මේ ලංකාවේද? (ත)

:       0       0

හරින් Sunday, 20 January 2013 07:24 PM

විකල්පයක් කියන්නම් පැරණිම වෘත්තිය නීතිගතකරමු. (ස)

:       0       0

ෂබ්දීන් Thursday, 24 January 2013 10:33 PM

කණිෂ්ක, ඔබ අදුරු වළා‍වේ රිදී ඉරක් වගෙයි. (නි)

:       0       0

ලංකා Sunday, 20 January 2013 07:30 PM

ඒ මිනිස්සු එහෙ යන්නේ නැතිව වෙන මොනවා කරන්නද (දී)

:       0       0

ජයතිස්ස Monday, 21 January 2013 10:15 AM

තව ටික දවසක් යනකොට හැමෝටම ඔය ප්‍රශ්නේ අමතක වෙලා යාවි (ස)

:       0       0

ජීව Sunday, 20 January 2013 07:34 PM

බොරු වැඩ කරන්න ලැහස්ති වෙන්න එපා.ඕක කරන්න පුළුවන් දෙයක් නොවෙයි.අනිත් එක ඔය කරන්නෙ ලංකා රජයට බලපෑමක් මිසක් සෞදි රජයට විරෝධතාවයක් නොවෙයි .හරිනම් කරන්න ඕනෙ මිනී මරන්න එපා කියල සෞදි රජයට බලපෑමක් එක්කිරීමයි. ඒක කරන්න තරම් මේ අයට දක්ෂතාවයක් නැති බව අපි දන්නවා.(ස)

:       0       0

කාඩර් Sunday, 20 January 2013 07:32 PM

මෙය නීතිගත කරන්න බලන්න. (නි)

:       0       0

ශෆීක් Monday, 21 January 2013 10:20 AM

බොහොම හොඳ ආරම්භයක්. (ත)

:       0       0

අසෝක Sunday, 20 January 2013 07:41 PM

අනේ මේ මිනිස්සුන්ගේ බඩේ ගින්දර, දරුවන් ගේ බඩේ ගින්දර නිවන්න වෙන පිලියමක් තියෙන්වානම් මේව දැන දැනත් ඔයවගේ රටවලට යනවද​? මොනව​ හරි ඇබැද්දියක් උනාම අවවාද දෙන්න ඕනෙ තරම් ඉන්නවා. අඩුම ගානේ මෙච්චර දුක් විදින පවුල් ලංකාවෙ ඉන්නව කියල​ හිතල උදව් කරන්නෙත් කීයෙන් කී දෙනාද​? (ස)

:       0       0

සිංහ Monday, 21 January 2013 10:24 AM

අපි එහෙම කියුවට, මිනිස්සු අසරණ උනාම කරන්න තියෙන එකම වැඩේ ඕක තමයි (දී)

:       0       0

මාරසිංහ Monday, 21 January 2013 10:24 AM

මේ කාන්තාවන්ට වෙන කරදර වලට් අපිත් වගකියන්න ඕනේ (දී)

:       0       0

කමල් Sunday, 20 January 2013 07:46 PM

ඒ යෝජනාවට මම එකයි (දී)

:       0       0

නිශාර්ඩ් Monday, 21 January 2013 10:30 AM

ඒක ඇත්ත, මොකද දැන් කි දෙනෙක් නම් රට ගිහිල්ල අමාරුවේ වැටුනද (දී)

:       0       0

ජයලත් Monday, 21 January 2013 10:31 AM

සුළු වැටුපට නොමිනිසුන්ගේ දැලි කුණු සේදීමට අපරට කාන්තාවන් පිටත් කිරීම තහනම් කිරීමට ජනහිතකාමී රජයක් ලෙස කාරුණික වන්න. (ස)

:       0       0

සමන් Sunday, 20 January 2013 07:56 PM

රිසානාට වෙච්ච දේ සිංහල කෙල්ලෙකුට වුණා නම් මේක මෙච්චර දුරදිග යන්නෙ නැහැ. (නි)

:       0       0

අත්තනායක Monday, 21 January 2013 10:47 AM

අන්න ඒ උතුම් කටයුත්තට අපි සහය දෙනවා (ස)

:       0       0

සෑම් Monday, 21 January 2013 06:19 PM

ජීවා, අපේ රටේ නීතිය අපි කොහොමද මෙහේ ඉදගෙන වෙනස් කරන්නේ? (නි)

:       0       0

ජයනාත් Monday, 21 January 2013 06:24 PM

ඒත් ඔය අත්සන් කරන අයම නේද මරපු එකත් සාධාරණීකරනය කළේ? (නි)

:       0       0

නාමල් Sunday, 20 January 2013 08:04 PM

එතකොට ලැම්බොගිනිත් නැද්ද? (නි)

:       0       0

අමිල Sunday, 20 January 2013 08:05 PM

රටට තියෙන ‍එකම ආධායම් මාර්ගයත් මෙයාලා නැතිකරන්න මේ යන්නේ (ස)

:       0       0

දිසානායක Sunday, 20 January 2013 08:08 PM

මෙන්න මේවා තමයි ගෙන්න ඕනේ නීති (දී)

:       0       0

සිල්වා Sunday, 20 January 2013 08:10 PM

මේ පෙත්සම රට පුරා ගෙනගොස් අත්සන් ගත යුතුයි. (නි)

:       0       0

ගුණරත්න Sunday, 20 January 2013 08:26 PM

කරුණාකරලා බාලවයස්කාර දැරියන් වහල් සේවයට යැවීමෙන් වළකින්න. (නි)

:       0       0

හිල්ම් Sunday, 20 January 2013 08:28 PM

ඒක ඉක්මනටම ක්‍රියාත්මක කලයුතුයි (දී)

:       0       0

දිලාන් Sunday, 20 January 2013 08:39 PM

අපි ඔක්කොම මිනිස්සු (දී)

:       0       0

නිලන්ත Sunday, 20 January 2013 08:53 PM

කරන්න පුලුවන් නම් නියම වැඩක්. (නි)

:       0       0

ජයී තිසර Monday, 21 January 2013 06:55 PM

ඔසන් සලාම් - දෝහා, ශ්‍රී ලංකාවේ නීතියක් නැතැයි කීමෙන් ඔබ කුමක් අදහස් කරනවාද නොදනිමි. ලංකාවේ නීතියක් සහ නිදහස යන දෙකම තිබෙන බව මේ පෙත්සමට අත්සන් කිරීමට ඕනෑම කෙනෙකුට නීතියෙන් ඉඩදී තිබීමෙන් පවා පෙනේ. ඔබට කිසිම භියක් නැතිව ලංකා ආණ්ඩුව හෝ ලංකා නීතිය විවේචනය කිරීමට නීතියෙන් ඉඩ තිබේ. ඔය නීතියක් තිබේයයි කියන රටවල පුළුවන් නම් ප්‍රසිද්ධියේ යමක් විවේචනය කර බලන්න. ඔබට අතපය නැතිවවත් ගෙදර එන්න බැරි වෙයි. (නි)

:       0       0

සරත් Sunday, 20 January 2013 09:18 PM

ඔවු. අවශ්‍ය නැහැ තමයි. (නි)

:       0       0

සංජීව Sunday, 20 January 2013 09:36 PM

ඔය තීරණය සංශෝධනය වෙලා හෝ ක්‍රියාත්මක වුණොත් හොදයි. (නි)

:       0       0

ලංකාසිරි Sunday, 20 January 2013 09:44 PM

මෙය කෙසේ හෝ සාර්ථක කළ යුතුයි. (නි)

:       0       0

ශිහාන් Sunday, 20 January 2013 09:49 PM

උණු හින්දා බොන්නත් බෑ ...කිරි හින්දා අහක දාන්නත් බෑ (ස)

:       0       0

Lenin kohilawatta Saturday, 11 May 2024 04:39 PM

අවුරුදු 50 පැනපු අය යවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 650 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site