IMG-LOGO

ත්‍රිකුණාමලේ තව වැවක් කැඩේ

ත්‍රිකුණාමලය ගෝමරංගඩවර ඩෙල්ලික්කඩ වැවේ බැම්ම අද කැඩී ගිය බව ගෝමරංකඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි. මේ වෑ කණ්ඩිය අලි මංකඩකි. අලි ඇතුන් නිතර ගමන් කිරීම ද වෑ කණ්ඩිය කඩී යාමට හේතුවක් විය හැකි යැයි ජයසුන්දර මහතා කියයි. යුද්ධයෙන් පසු ඩෙල්ලික්කඩ ගමේ පවුල් 45ක් පදිංචි කරවනු ලැබූහ. වැව කැඩීයාම නිසා අක්කර 180ක පමණ කුඹුරු වගා කරගත නොහැකි වනු ඇත.



අදහස් (0)

ත්‍රිකුණාමලේ තව වැවක් කැඩේ

රමිලා ආසිරි Thursday, 01 November 2012 01:06 PM

අලි ගියා කියලා බැමි කැඩෙන්නෙ නැහැ.. බලන්න මේක දිහා. කිසිම පිලි වෙලකට හදලා නැහැ. අඩුම ගානෙ බැම්මෙ තණකොල හිටවලා තියෙනවාද?(නු)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 01:29 PM

ඉතුරු බැමිත් කැඩෙන්න ඉස්සෙල්ලා වැලි ගෝනි පුරවලා ආරක්ෂා කරගන්න වග බලා ගන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න ලෑස්ති වෙන්න එපා (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:30 AM

වැව් බැදි රාජ්ජේ.... (නි)

:       0       0

මුතු Thursday, 01 November 2012 01:32 PM

අපේ වැව් ඇමති කෝ (ස)

:       0       0

තුසිත් Thursday, 01 November 2012 05:37 PM

එහෙනම් අපි අලි ටික මරලා දාමු, වැව් ටික ආරක්ෂා කර ගන්න ඕනෑ නිසා (නි)

:       0       0

ජීව Thursday, 01 November 2012 05:53 PM

අලි ගියාට බැමි කැඩෙන්නෙ නැහැ.එහෙම ගියා නම් බැම්ම තවත් හයිවෙනවා. පස් පුරවලා බැමි හදනකොට මොකද කරන්නේ.ඒව තද කර කර නේද පස් පුරවන්නෙ.මෙතන එහෙම දෙයක් වෙලා නැහැ.නිකන් පස් පුරවලයි බැම්ම හදලා තියෙන්නෙ.එහෙම ඒවා කඩාගෙන යන එක අහන්න දෙයක් නෙවෙයි.මේ බැම්ම ගොඩනගපු සමාගමට හෝ කොන්ත්‍රාත්කරුවාට විරුද්ධව ඕනෑ නම් නඩුවක් දාන්න පුළුවන් අලාබ ඉල්ලලා. (නි)

:       0       0

ජයන්ත Thursday, 01 November 2012 06:11 PM

මෙයාට මොක ද වෙලා තියෙන්නේ. අලිගියානම් මේවට පිළියම් යෙදුවේ නැත්තේ ඇයි. නිදාගෙන ද හිටියේ. (ස)

:       0       0

සරත් Thursday, 01 November 2012 03:04 PM

ඒ ගොල්ලන්ට වැස්සේ තෙමෙන්න කියලද කියන්නේ මුතූ ..(ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 01 November 2012 03:15 PM

හරි තියෙන වැව් ටිකත් කැඩිලා ගියාම ඉදිරියෙදි ගොවි තැන් ගැන හිතාන්නවත් වෙන්නෙ නැහැ.. ගොවි මහත්වරු නෝනලා වෙන අතක් බලා ගත්තනම් හොදයි.. සමහර විට වැව් ඉඩමේ හෝටලය් හදයි.. ඒකෙවත් රස්සාවක් ගන්න බලන්න.. ජීවත් වෙන්න.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 532 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site