ත්‍රිකුණාමලය ගෝමරංගඩවර ඩෙල්ලික්කඩ වැවේ බැම්ම අද කැඩී ගිය බව ගෝමරංකඩවල ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා කියයි.
මේ වෑ කණ්ඩිය අලි මංකඩකි. අලි ඇතුන් නිතර ගමන් කිරීම ද වෑ කණ්ඩිය කඩී යාමට හේතුවක් විය හැකි යැයි ජයසුන්දර මහතා කියයි.
යුද්ධයෙන් පසු ඩෙල්ලික්කඩ ගමේ පවුල් 45ක් පදිංචි කරවනු ලැබූහ. වැව කැඩීයාම නිසා අක්කර 180ක පමණ කුඹුරු වගා කරගත නොහැකි වනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගියා කියලා බැමි කැඩෙන්නෙ නැහැ.. බලන්න මේක දිහා. කිසිම පිලි වෙලකට හදලා නැහැ. අඩුම ගානෙ බැම්මෙ තණකොල හිටවලා තියෙනවාද?(නු)
ඉතුරු බැමිත් කැඩෙන්න ඉස්සෙල්ලා වැලි ගෝනි පුරවලා ආරක්ෂා කරගන්න වග බලා ගන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න ලෑස්ති වෙන්න එපා (ස)
වැව් බැදි රාජ්ජේ.... (නි)
අපේ වැව් ඇමති කෝ (ස)
එහෙනම් අපි අලි ටික මරලා දාමු, වැව් ටික ආරක්ෂා කර ගන්න ඕනෑ නිසා (නි)
අලි ගියාට බැමි කැඩෙන්නෙ නැහැ.එහෙම ගියා නම් බැම්ම තවත් හයිවෙනවා. පස් පුරවලා බැමි හදනකොට මොකද කරන්නේ.ඒව තද කර කර නේද පස් පුරවන්නෙ.මෙතන එහෙම දෙයක් වෙලා නැහැ.නිකන් පස් පුරවලයි බැම්ම හදලා තියෙන්නෙ.එහෙම ඒවා කඩාගෙන යන එක අහන්න දෙයක් නෙවෙයි.මේ බැම්ම ගොඩනගපු සමාගමට හෝ කොන්ත්‍රාත්කරුවාට විරුද්ධව ඕනෑ නම් නඩුවක් දාන්න පුළුවන් අලාබ ඉල්ලලා. (නි)
මෙයාට මොක ද වෙලා තියෙන්නේ. අලිගියානම් මේවට පිළියම් යෙදුවේ නැත්තේ ඇයි. නිදාගෙන ද හිටියේ. (ස)
ඒ ගොල්ලන්ට වැස්සේ තෙමෙන්න කියලද කියන්නේ මුතූ ..(ස)
හරි තියෙන වැව් ටිකත් කැඩිලා ගියාම ඉදිරියෙදි ගොවි තැන් ගැන හිතාන්නවත් වෙන්නෙ නැහැ.. ගොවි මහත්වරු නෝනලා වෙන අතක් බලා ගත්තනම් හොදයි.. සමහර විට වැව් ඉඩමේ හෝටලය් හදයි.. ඒකෙවත් රස්සාවක් ගන්න බලන්න.. ජීවත් වෙන්න.!(නු)