ලොව ප‍්‍රධානතම බැඞ්මින්ටන් තරගාවලියක් වන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී ශ්‍රී ලංකාව පරදවා තරග 5-0 ක ජයක් ලබා ගැනීමට ජපන් ක‍්‍රීඩකයෝ ඊයේ (14) සමත්වුහ. මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකාවට තෝමස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, තායිලන්තය, ජපානය සහ කසකස්තානය තරග කළ අතර එහිදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින තායිලන්තයට සහ ජපානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග 5-0 ක් ලෙස පරාජය විය. කාණ්ඩ හතරේ පළමු හා දෙවැනි ස්ථානය හිමිකර ගන්නා රටවල් දෙක තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන ඌබර් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තායිලන්තය, ඉන්දුනීසියාව, සහ කසකස්තානය යන කණ්ඩායම් තුනක් සමග තරග වදියි. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල ඉන්දුනීසියාව සහ තායිලන්තය හමුවේ තරග 5-0 ක් ලෙස පරාජය විය. චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා අංක එකේ ක‍්‍රීඩක නිලූක කරුණාරත්න, ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ සිටින ජපන් ක‍්‍රීඩක ෂෝ සෂාකි හමුවේ (21/18, 21/8) පරාජය විය. නිලූක තායිලන්තයට එරෙහිව පැවැති තරග වටයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානයේ සිටින බොන්සාක් පොන්සනා ට තියුණු තරගයක් ලබා දුන්නේය. තරගයේ ලකුණු තත්ත්වය 21/18, 21/8, 22/20 ක් ලෙස සටහන්විය. නිලූක, බැඞ්මින්ටන් ලෝක සම්මේලන ශ්‍රේණිගත කිරීමේ 62 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා වන අතර ඔහු ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්ම වීමට ද සමත්ව සිටියි. මේ මස 19 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් අද (15) කසකස්තානයට එරෙහිව තරග කිරීමට නිය
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෝමස් සහ ඌබර් බැඞ්මින්ටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට