IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තමිල්නාඩුවෙන් පන්දහසක් කච්චතිව් ඇවිල්ලා

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය වෙනුවෙන් අද රාත්‍රී වනවිට තමිල්නාඩුවෙන් පන්දහසක්  ද ශ්‍රී ලංකාවෙන් දෙදහසක් ද බැතිමත්හු පැමිණ සිටිති.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය ඉරිදා උදේ 7.00 ට පැවැත්වීමට සියල්ල සූදානම්කැර ඇත.

තමිල්නාඩුවෙන් තවත් 7000 ක් පමණ එතියි නාවික හමුදාව කියයි. තමිල්නාඩුවේ වන්දනාකරුවන් ඇතුළු සියළුදෙනාට නාවික හමුදාව ආහාර නවාතැන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සලසයි.

උතුරු නාවික හමුදාව භාර රියර් අද්මිරාල් ඩී.එස්.දළුවත්ත මහතාගේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදුවේ.

යාපනයේ දූපත් සමූහයේ ශ්‍රී ලංකාවට වඩාත් ඈතින් සහ ඉන්දියාවට වඩාත් සමීපව පිහිටි දූපත වන්නේ කච්චතිව් දූපතයි. වර්ග සැතපුම් 1.5 ක් පමණ විශාලත්වයකින් යුතු මෙම දූපත ඩෙල්ෆ්ට් දූපතට සමීපව පිහිටා ඇත. වසර 200 ක් පමණ පැරණියැයි විශ්වාස කැරෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය මෙහි පිහිටා තිබේ. ස්ථිර වාසස්ථාන නොමැති දූපතේ සිටින්නේ ධීවර ප්‍රජාව පමණි. අතීතයේ ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් විසින් තම කටයුතු සඳහා මෙම දූපත භාවිතා කැර ඇත.



අදහස් (0)

තමිල්නාඩුවෙන් පන්දහසක් කච්චතිව් ඇවිල්ලා

කණිෂ්ක Monday, 25 February 2013 12:15 AM

එයාලා මෙහේ ආවේ වීසා වලින්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නි)

:       0       0

අමිල Sunday, 24 February 2013 12:58 AM

ලංකාවෙන් දඹදිව යන බැතිමතුන්ට මොනතරම් හිරිහැර කළාද? ඒත් මේ තමිල්නාඩු මිනිස්සුම තමයි. මේ එන සේරම නැවත පිටත් වේවි නේද? (නි)

:       0       0

කාලා Sunday, 24 February 2013 02:55 AM

ඇයි අපිට මේ පහසුකම් නැත්තේ ? (නි)

:       0       0

සංජීව Sunday, 24 February 2013 03:14 AM

සියලුම දෙනාට ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ පිහිටයි. අපි කණගාටු වෙනවා අපිට යාමට නොහැකිවීම ගැන. (නි)

:       0       0

සේන Sunday, 24 February 2013 03:49 AM

කෑම බීම ඉදුම් හිටුම් විතරක් නෙවි අතින් ගානක් දුන්නත් පාඩු නෑ . අඩියෙන් අඩිය සිංහ කොඩි ගහල තියෙන හැටි හරිම ලස්සනයි.(නදී)

:       0       0

තිසල් Sunday, 24 February 2013 04:01 AM

මටනම් බයක් සැකක් තියෙනවා. සැලසුම් සහගතව 10.000 ක් 15,000 විතර ඇවිත් කච්චතිවි වලින් යන්න බැහැ මේක අපේ කිවිවොත් මොකද කරන්නේ.(නදී)

:       0       0

පුබුදු Sunday, 24 February 2013 04:09 AM

ජය ලලිතට එන්න කියමු, මේවා බලන්න කියමු, බලලා ඉගෙන ගන්න කියමු.(නදී)

:       0       0

සම්පත් Monday, 25 February 2013 12:22 PM

සංචාරක වීසා ගතයුතුයි නේද? එයයි නීතිය. (නි)

:       0       0

සෝම හිමි Sunday, 24 February 2013 04:24 AM

කවුරු කොහොම කිව්වත් අප විදේශිකයින්ට දක්වන සත්කාර ඉතා ඉහලයි. අපි සියළු දෙනා ආගම් භේදයෙන්, ජාති භේදයෙන් තොරව ඒ සම්බන්ධව අවංකව සතුටු විය යුතුයි.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 24 February 2013 05:41 AM

ආව ගානම ආපහු යවන්නත් වග බලාගන්න ඕනි. නැත්තම් ලෙඩේ තමා.(නදී)

:       0       0

ජීවක Sunday, 24 February 2013 06:34 AM

මෙම ස්ථානයේ පන්සලකුත් ඉදිකළා නම් හොද නැද්ද? (නි)

:       0       0

එරංග Sunday, 24 February 2013 07:42 AM

ඇත්තටම සැදැහැවත් සිතින් ආවා නම් හොදයි. (නි)

:       0       0

පිටිගල Sunday, 24 February 2013 04:38 PM

අනේ මේ අයට කාගේ පිළිසරණයක්ද? (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 24 February 2013 07:54 AM

බල ‍සේනාවට අපි මේක කියමු. (නි)

:       0       0

;සුපුන් Sunday, 24 February 2013 08:33 AM

මෙවන් ක්‍රියාවන් ජාතික අවශ්‍යතාවයන් වේ. (නි)

:       0       0

කෙවින් Sunday, 24 February 2013 08:48 AM

අපිට මෙවන් වටිනා වූ සංස්කෘතියක් තිබීම පිළිබදව සිංහලයින් වශයෙන් අපි ආඩම්බර වියයුතුයි. (නි)

:       0       0

සුරංග Sunday, 24 February 2013 08:54 AM

අපේ බොදු බල සේනාව මේ ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

දිසා Sunday, 24 February 2013 08:56 AM

අනුන්ගේ වැරදි හොය හොයා විවේචන කර කර ඉන්නවට වැඩිය තමන් හරි දේ කරන එකයි මේ වෙලාවේ කළ යුත්තේ. (නි)

:       0       0

බොතේජු Sunday, 17 March 2013 11:23 PM

අපි ගහන්නේ නැහැ එන්න (දී)

:       0       0

ලසන්ත Sunday, 24 February 2013 09:34 AM

ජීවක මේකටත් ආගම්වාදේ ගාවන්නද යන්නේ (ස)

:       0       0

සුමාල් Sunday, 24 February 2013 09:35 AM

බල සේනාවට බැරිද මේ වෙනුවෙන් යමක් කරන්න? නිකන් හරියට උද්ඝෝෂණයක් වගේ. (නි)

:       0       0

දෝහා Sunday, 24 February 2013 09:51 AM

මේවා බලලාවත් අපිට කරන කෙණෙහිලිකම් අඩු කරනවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

ෂාෆික් Sunday, 24 February 2013 10:01 AM

බල්ලෝ අපිව හැපුවත් අපි බල්ලන්ව හපන්නේ නැහැ. (නි)

:       0       0

ධර්මසේන Sunday, 24 February 2013 10:08 AM

මේක කොච්චර අමාරු වැඩක්ද කියලා මම අත්දැකීමෙන් දන්නවා..ගිය අවුරුද්දෙ ඔය උත්සවයට මමත් නාවික හමුදාව වෙනුවෙන් සම්බන්ද උනා...හැම දේම ලස්සනට ලන්කාවෙ නම ‍රැකෙන විදිහට සිද්ද උනා..වෙන දෙයක් නෙමේ එහා කොන මෙහා කොන පේන මේ වගේ දුපතක මේ තරම් ජනකායකට බොන වතුර ටික පවා ලබාදෙන1 මාර අභියෝගයක් උනා..එත් නාවික හමුදාවෙන් කෑම ,බීම ඇතුලුව සියලුම පහසුකම් උපරිම විදිහට ලබා දුන්නා..අන්තිමට අපේ නැවුවල පාවිච්චියට තිබුන වතුර ටික පවා දුන්නා.. ආගමික භක්තිය වෙනුවෙන් මේ මිනිස්සු ලොකු ජීවිත අවදානමක් ගන්නවා..පොඩි මාලු බෝට්‍ටුවල ගෑනු,මිනිස්සු ,පොඩි ලමයි 50-60 පුරවගෙන එන්නේ...කච්චතිවු උත්සවය කියන්නේ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාරය පෙන්නන හොදම අවස්තාවක්... (ස)

:       0       0

ශාන්ත ලාල් Sunday, 24 February 2013 10:16 AM

අපි ආගන්තුක සත්කාර අතින් පෙරමුණේ සිටින රටක්. අපේ ජාතික ධජය ලෙලදෙන්නේ ඒ නිසයි... (ස)

:       0       0

ශාන්ත ලාල් Sunday, 24 February 2013 10:19 AM

කච්චතිව් ගියා වගේ හිතට දැනෙනවා.. ලංකාදීප පුවත් පතට ස්තුතියි...! (ස)

:       0       0

ලලිත් Sunday, 24 February 2013 10:24 AM

මේක හොඳ අවස්ථාවක් ලාංකිකයන්ගේ මනුස්සකම එයාලට තේරුම් ගන්වන්න. උපරිම පහසුකම් දෙන්න. ලංකා මෑණියන්ට ජයම වේවා !! (ස)

:       0       0

ගීත් Sunday, 24 February 2013 10:51 AM

හිල්මි, ඇයි ඔයා එහෙම කියන්නේ කච්චතිව් කියන්නේ අපේ උරුමයක් ඔයා ජයලලිතට කඩේ යනවද?? (ස)

:       0       0

හිල්මි Saturday, 23 February 2013 08:55 PM

කච්චතිවු දූපත තමිල්ණාඩුවට දුන්නොත් නරකද? (නි)

:       0       0

නාරද Saturday, 23 February 2013 08:58 PM

ඉතාම හොද පුවතක්. මෙවැනි පුවත් වලට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලාල් Saturday, 23 February 2013 09:35 PM

පේනවා නේද තමිල්ණාඩුවෙයි ලංකාවෙයි වෙනස? (නි)

:       0       0

අමිල Saturday, 23 February 2013 09:36 PM

මෙම දූපතේ අයිතිය මෙසේ තහවුරු වීමට මෙම පල්ලියෙන් ලැබුණේ ‍ලොකු පිටුවහලක්. (නි)

:       0       0

චානක මධුසංඛ Saturday, 23 February 2013 10:55 PM

අපිට ඔය සැලකිලි තියනවද ඉන්දියාවට ගියාම ? ලංකාවටම ආවේණික උන අගන්තූක සත්කාර තියන නිසා හොදයි.(නදී)

:       0       0

අනුර Saturday, 23 February 2013 11:06 PM

මේක තමයි ජීවිතය. අපි කවදාහරි මැරෙනවා. කරන හොද පමණයි ගෙනියන්නේ. (නි)

:       0       0

අනුර Saturday, 23 February 2013 11:09 PM

අපේකම ගැන මට හරිම සතුටුයි. (නි)

:       0       0

අසේල Saturday, 23 February 2013 11:19 PM

ආගන්තුක සත්කාර කෙසේ වෙතත් බලාගෙන! කොටි හෙවනැලිත් ඔය අතර ඉන්න පුලුවන්. (නි)

:       0       0

ඉන්දි Saturday, 23 February 2013 11:22 PM

වන්දනාකරුවන් සියළු දෙනා බැතිමත් සිතින් ශ්‍රී ලංකාවට පැමිණි නිසා, වන්දනාකරුවන් සියළු දෙනා ඇතුළු නාවික හමුදාවට ශාන්ත අන්තෝනි පිගිට! (නි)

:       0       0

ඉෂාන් Saturday, 23 February 2013 11:47 PM

මේවාට යන වියදම දරන්නේ කවුද, කොහොමද කියලාත් අපි දැනගන්න කැමැතියි. (නි)

:       0       0

නිශ්ශංක Saturday, 23 February 2013 11:47 PM

අපිට නොසැළකුවාට කමක් නැහැ. අපි ඔවුන්ට හොදට සළකන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site