කැකිරාව පල්ලේකාගම නඛා වෙහෙර ඉපැරැණි චෛත්‍ය හතරැස් කොටුව හාරා නිධන් රැගෙන ගොස් ඇතැයි විහාරාධිපති උණවටුනේ රාහුල හිමිනයන් කැකිරාව පොලිසිය පැමිණිල්ලක් කර ඇත. මේ විහාරයට ගෙට්ඨතිස්ස රජු දවස දක්වා ඉතිහාසයක් ඇත. මීට පෙරද දෙවරක් නිධන් හොරු විහාරය වැනසූහ.