සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාර්තු මස 3 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පුහුණු තුන්දින තරගය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෝරා ගැනීම සඳහා යොවුන් ක‍්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
නායකයකු නම් කර නැති මෙම සංචිතයට ශ්‍රී ලංකා 19 න් පහළ පිල නියෝජනය කළ ප‍්‍රබල යොවුන් පිතිකරුවන් වන ඇන්ජලෝ පෙරේරා සහ අෂාන් ප‍්‍රියංජන් ඇතුළත්ව සිටිති.
මෙම සංචිතයේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රොමේෂ් කළුවිතාරණ මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකා නැගී එන සංචිතය:
ආරම්භක පිතිකරුවෝ: අෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල (කඩුලූ රකින්නා), උදාර ජයසුන්දර සහ ෂෙහාන් ජයසූරිය
මැද පෙළ පිතිකරුවෝ: ඇන්ජලෝ පෙරේරා, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, රුමේෂ් බුද්ධික, ගයාන් මනීෂාන් (කඩුලූ රකින්නා) සහ සඳුන් වීරක්කොඩි
වේග පන්දුයවන්නෝ: ළහිරු මධුසංඛ, ඉෂාන් ජයරත්න, දුෂාන්ත සමීර, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ, කසුන් මධුසංඛ සහ ළහිරු ජයරත්න, දඟ පන්දු යවන්නෝ: චතුරංග ද සිල්වා, රමිත් රඹුක්වැල්ල, තරිඳු කෞෂාල්, දුලංජන් මෙන්ඩිස්, මධුක ලියනපතිරණ සහ අකිල ධනංජය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඔහොම හොදයි.(නදී)
තේරීම අති ප්‍රභලයි. අනිවාර්යයෙන්ම මේ තරුණ ජවය හොද තරගයක් දෙනවා. සනා ජය වේවා!(නදී)
තේරීම නම් හොදයි. ඒත් එක්කෙනෙක්ගේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. එයා හොද ස්පිනර් කෙනෙක් නෙමෙයි. (නි)
සමන් කියන එක්කෙනා ගැන තේරෙනවනේ. ඒ කියන කෙනා විශේෂ දක්ෂතාවයක් පෙන්නුවෙත් නැහැ. හොද දගපන්දු යවන්නෙකුත් නෙමෙයි.(නදී)
අනිත් අයගේ සිත් සතුටු කරන්නත් එපැයි. ඔය 23 න් 11 යි ගන්නේ. අනිත් 12 ක් කපනවා. හිමිහිට තරග දිනේට ඒක කරයි.(නදී)