මහනුවර මහ රෝහලේ තුන් නිවුන් දරුවන් බිහි කළ මවක හා ඇගේ සැමියා ලොකු ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. මහනුවර මහ රෝහලේ සිට දරුවන් රැගෙන යෑමට නිවෙසක් නැති බව එම ප්‍රශ්නයයි.
පී ශාන්ති (36) දරුවන් බිහි කළේ අඩු මාසයෙනි. ගැහැණු දරුවන් දෙදෙනාත් පිරිමි දරුවාත් දැනට නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. දරුවාගේ පියා කුළියට ගත් ත්‍රීරෝද රියක් පදවන්නෙකි. දැනට මාපානවතුර පැසේජ් හි තම සහෝදරයාගේ නිවසේ කාමරයක ඔහු ජීවත් වෙයි.
ඔවුනට අවුරුදු අටක දියණිකද සිටී.
රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නාලනී මැණිකේ පවසනුයේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් වෙමින් සිටින බවයි.
උපත් බර අඩු වුවද දැනට දරුවන්ගේ බර කෙමෙන් වැඩි වන බව වෛද්‍යවරිය කියන්නීය. සති දෙකකින් හෝ තුනකින් ඔවුනට රෝහලෙන් පිටවී යා හැකි බවද, එම දරුවන් රැගෙන යන පරිසරය සෞඛ්‍ය සම්පන්න විය යුතු බව ද ඇය කියන්නීය.
දරුවන්ගේ පියා වන සුරේෂ් ඛන්නා (33) පවසනුයේ දිනපතා උපයණ තම ආදායම අනුව ඉඩමක් මිලදී ගැනීම හෝ නිවසක් තනා ගැනීම කවදාවත් කළ නොහැකි බවයි.
සුරේෂ්ගේ ලිපිනය - සුරේෂ් කන්නා, අංක 31/ඒ, මාපනාවතුර පැසේජ්, මහනුවර.
මව පී ශාන්තිගේ ලංකා බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුම් අංකය 73946787
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඔබේ නම වෙනස් කර ගන්න. ලංකාවට ලැජ්ජයි. (ස)
මේ අයට පිහිට වෙන අයට ගොඞාක් පිං (නි)
අයියෝ සල්ලි කනගාටුයි
ළමයි හදද්දී ඕනෑ ඕවා හිතන්න. (නි)
මේ අයට උදව් කරන අයට ගොඩක් පිං..!(නු)
අපි ඉන්නේ කටාර්. අපි කැමතියි මෙම දරුවන්ට උදවු කරන්න (නි)
වත්කමක් නැතිව දරුවන් බිහිකරන අම්මලා ඕනතරම් අපේ රටේ ඉන්නවා ලංකා. ඒත් ඔයවගේ අදහස් පළකරන්න එපා පව්..!(නු)
ගරු විමල් මන්ත්‍රී තුමනි ඔබ උපරිමයෙන් උදව් කරයි කියලා අපි හිතනවා..!(නු)
මෙහි ඔබේ අදහස් ලියන්න නිදහස තියනවා. නමුත් මේ වගේ මානුෂික ප්‍රශ්ණයකට අවශ්‍ය අදහස් නෙවෙයි. මේ රටේ මිනිස්සු අනිවාර්යයෙන්ම උදව් කරනවා. එහෙම කරන අය ප්‍රතිචාර දාන්නේ නෑ. ජාතිය ජන්මය කුලය බලන්න එපා. අපි ඔක්කොම මනුස්සයෝ.(නදී)
මේ දරුවන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම වාසනාවන්ත වේවා!(නදී)
අපි උදවු කරමු
මේ දවස්වල කාටවත් උදව් කරන්න අමාරුයි.. හැම දෙයක්ම මිල වැඩිවෙලා.. මේ අය පවුල් සැළසුම් කරගෙන හිටියනම් ඉවරයි.. අනික හැමදාම හැමදෙයක්ම නිකම් ලැබෙනකම් බලාගෙන ඉන්න එපා. (නු)
පේ ගෙදර කාමර දහයක්වත් තිබුණන්ම් එකක් දෙන්න තිබුණා.. ඒත් එච්චර නැහැනේ..!(නු)
මුස්ලිම් ද? (නි)
ශිරාෂ්, සංක ගේ කතාවේ ඇත්තක් තියෙනවා. ළමය වැඩිපුර හදන්නේ මුස්ලිම් අය තමයි. අද සිංහල අයට ළමයි අඩු ඒගොල්ලන්ට එකට අවශ්‍ය කාය ශක්තිය නැති නිසා. අරක්කු භාවිතය වැඩි නිසා පන නැහැ. දැන් ඉන්න අයට කොන්ද පනත් නැහැ. එකයි මේ විදිහට රට යන්නේ. (ස)
ඔවුන් අප ලක් දෙරණේ උපන් අයයි. අපි ඔවුන්ට උදවු කිරීමට අත්වැල් බැද ගනිමු. (නි)
හැකි ඉක්මනින් නිවාස ඇමතිතුමාට යොමුවේවා..!(නු)
කනගාටුයි
අපි පිහිට වෙමු
ලංකා ළමයි හදන්න පුළුවං සල්ලි තියෙන අයට විතරද? මේ වගේ කතා කියන්න එපා.. ඔයා වගේ අය උදව් නොකලාට මේ අයට උදව් කරන්න අය ඉන්නවා..!(නු)
අයියෝ සල්ලි
ලංකා නමටත් කැතයි..ඔයා වගේ මිනිස්සු ඉන්නෙ හරි පොඩි ප්‍රමාණයක්.. මේ පවුලට උදව් කරන්න මේ රටේ ඕනතරම් මිනිසුන් ඉන්නවා...!(නු)
ලංකා , මේ දවස්වල එළියට බහින්න එපා. හෙණ වදීවි (ස)
සුසන්තයි, ලංකායි මනුෂ්‍ය ජාතියේ නම් වෙන්න බැහැ (නි)
කනගටුයි
ලංකා, ඔයා එහෙනම් අයවැය බලලා ළමයි හදාගන්න. (නි)
ලංකා ඔබේ අදහස මිනිසත්කමට නිගාවක්.. ?(නු)
මේ අයට පිහිට විය යුතුයි ලංකා මෝඩයෙක් (අ)
ලංකා ඔයාගේ අම්මයි තාත්තායි ඔයාව හදන්න කලිනුත් මේ වගෙ හිතුවද කියලා අහන්න..!(නු)
ලංකාලා වගේ අය සිතද්දි ලංකාවට හරි යයිද? අනුන්ගේ දුකක් නොතේරෙන මිනිස්සු මේ ගොල්ලන්ට හැමෝම උදව් කරයි...!(නු)
මේ වගේ උදවියට ලොතරයි මණ්ඩලයෙන් උදව් කලොත් මොකද ?? (ස)
අනේ ලංකා ඔයා කොහොද ඉන්නෙ.. සෝමාලියාවෙද? මීට කලිං මේ වේග දරුවොන්ට අපේ මිනිසුන් උදව් කළා.. ඒ වගේම මේ සැරෙත් උදව් කරයි..!(නු)
ලංකා ඔයාගේ නමටත් ඔයා අපහාසයක් . කරුණා කරලා නම වෙනස් කරන්න (ස)
ලංකා හිතක් පපුවක් නැති කෙනෙක් වගේ කතා කරන්න එපා.. මේ අහිංසකයින්ට පිහිට වෙන්න බැරිනම් සද්ද නොකර ඉන්න.. අපේ රටේ ඕන තරම් පින්වත් උදවිය ඉන්නවා ඇත්තටම පිහිට වෙන.. මේ පවුලට වාසනාව උදා වේවා..!(නු)
ලංකා ඔයාට උදව් කරන්න බැරිනම් නොලියා ඉන්න.. ළමයි කියන්නෙ සම්පතක්.. අහන්න ඔබේ අම්මාගෙන්.. මම පුදුම වෙනවා ඔබට ළමයි ඉන්නවානම්..!(නු)
ප්‍රියන්ත මම හිතන්නේ ඔයාට වැරදිලා .! කොහොම උනත් මේ අයට උදව් කිරීම වටිනවා (ස)
මෙයාලට උදව්කරන එක ලොකු පිනක් (ස)
පව් හැබැයි
දැක්කද ස්වභාව ධර්මය දෙන දායාද? සිංහල ජාතියේ වර්ධනය අඩු වෙනකොට එකවර තුන පහ දෙනවා. (නි)
ලංකා ඔයා ටිකක් රළු වැඩියි.. ඔයා උදව් නොකලාට මේ දරුවන්ට ගොඩක් දෙනා උදව් කරයි..!(නු)
විමල් වීරවංශ මැතිතුමානම් දෙන්නේ ප්‍රේමදාස මහතා හදපු ගෙවල්..!(නු)
ලංකා, නිලංකා වෙලා. (නි)
ලංකා, පොඩි උදවුවක් කරන්න බරරිද?කරුණාකර ඔයාගේ නම වෙනස්කර ගන්නකෝ. මොකද ඔය වගේ අය ඉන්න එක අපේ රටට නින්දාවක්. ඔය ළමයි හදනකොට හොඳට පිරිමහලා කරගන්න.අනුන්ට කියන්න යන්න එපා. (නි)
හැකි උපරිමයෙන් මේ අයට උදවු කරමු. (නි)
සමහරවිට ලංකාට දරු සමපත් නැතුව ඇති. හිතේ දුකට එහෙම කියන්න ඇත්තේ. සමහරවිට ගෙදරටම නාකි වුණ කෙනෙක් වෙන්න ඇති. (නි)
නිවාස ඇමතිතුමාගේ වාරය ඔන්න ඇවිල්ලා. (නි)
ජාතිය ගැන ලොකුවට කතා කරන අය සුරේෂ් ඛන්නා කියන්නේ සිංහල කෙනෙක්ද කියලවත් දන්නවද ?? (ස)
කවුරුත් මොන ජාතියෙද / මොන පාටද කියලා බලන්න එපා. මේ දරුවොන්ගේ මූණ බලලා කරුණාකරලා පුළුවන් විදියට උදව් කරන්න. මේක ලොකු පිනක් (ස)
හැමෝම රු. 100 කින් ආධාර කරත් ඒ අයට ගෙයක් ගන්න පුළුවන් වේවි (ස)
ලංකා මුස්ලිම්වරු ළමයි හදනවා 5ක් 6ක්. එක ගෙදර පවුල් තුනක් හතරක් ඉන්නවා. සිංහල ජාතිය දැන් එන්න එන්නම වදවේගෙන යනවා. සල්ලි තියෙන අයවත් ළමයි දෙන්නෙකුට වඩා හදන්නෙ නැහැ. අඩුතරමේ ජාතිය ගැන හිතලවත් මේ අයට පිහිට වෙන්න.. (නි)
ලංකා, මේ ආත්මෙවත් ළමයින්ට ආදරේ කරලා, ලබන ආත්මේදිවත් දරුවෙක් ලබාගන්න බලන්න. (නි)
ළමයි අපේ රටට සම්පතත් ! මේ ළමයින්ට රජයෙන් සහ ධනවත් පුත්ගලයන් ගේ උදව් වුවමනායි !අනේ ඒ අයට පිහිට වෙන්න.ළමයි හදන්න වත්කම් නැතිනම් හැදුවේ ඇයි කියලා අහලා තියෙන ලන්කා කියන කෙනාට කවදාවත් ළමයෙක් නම් හැදෙන එකක් නැහැ ! මොකද මැන්ට ළමය් දිරවන්නෙ නැහැ ! (අ)
එයාලා ගොඩක් පින්බරයි. අපේ රටට ලැබුණූ දායාදයක්. (නි)
පියාට හොඳ රැකියාවක් හෝ ත්‍රීරෝද රථයක් හෝ ලබාදීමට පුලුවන් නම් ඔහු ආර්ථිකය ශක්තිමත් කර ගනිවී. (නි)
ලංකාදීපය පෙරමුණ ගන්න. අපිට ඔබ විශ්වාසයි. ලක්ෂ ගාණක පිරිවරක් ලංකාදීපය එකක් ඉන්නවනේ (ස)
ලංකා ගැණියෙක් හරි පිරිමියෙක් හරි වේවා, එයා කළේ තමන් වැදූ අම්මාටත් හැදූ පියාටත් අවනම්බුවක්. ලැජ්ජයි ලංකාව ගැන. (නි)
රජ මැදුරක ඉපදී සිටියා නම්, නුඹත් රජෙකි පුතුනේ... (නි)
අනේ ලංකා ඔයාලා වගේ අය වාසනාවන්.. කරුණාකරලා නපුරුකම ප්‍රදර්ශණය කරන්න එපා.. ඒ අයට මුදල් නති උනනත් ඒත් මිනිස් ජීවිත.. ටිකක් හිතන්න..!(නු)
අයියෝ සල්ලි
කනගාටුයි
නිකන් බහුබූත කියවන්න එපා. පුලුවන්නම් මේ අම්මට උදවු කරන්න. (නි)
අයියෝ සල්ලි,
එකක් කියන්න ඕනි. අද කාලේ අහන්න ලැබෙන අම්මලත් එක්ක බැලුවහම මේ අම්මා උතුම් කාන්තාවක් . උපකාර ලැබේවි ඔබට (ස)
බුදුහාමුදුරුවන්ගේ කලෙත් ලංකා එල් එස් ටි කේ වගේ අජාසත්තල හිටියා අනේ පින්බර ලංකා කියන නමෙන් කෑල්ලක් දාගත්ත ඔයානම් මහම මහා කුහකයෙක් (නු)
ශෝකනියයි
සංක , ඔයා මෝඩයිද ? ඇයි මුස්ලිම්ද කියලා අහන්නේ ? ළමයි බිහිකරන්න ශක්තිය තියෙන්නේ මුස්ලිම් අයට විතරයි කියලද හිතන්නේ ? (ස)
මොනවාද ලංකා මේ ඔයාගේ අදහස්..!(නු)
ලංකා කියන්නේ මෝඩයෙක්. (නි)
කනගාටුයි
හොදට හිතට ගන්න ලංකා හදවතේ තෙත් ගතිය තියෙන මිනිසු ඕන තරම් ලංකාවෙ ඉන්නවා ඔයා නැතිවට..!(නු)
ලංකා තමන්ගේ ජාතිය තේරෙනවා.. මේ වගේ කතා කියනකොට..!(නු)
ලංකා කියන්නේ සිංහලයෙක් නොවේ .. වෙන කෙනෙක් එන්නේ බොරු නමකින් ...(නු)
මේ ළමයින් අපේ රටට සම්පතකි.. සියල්ල නිරෝගී වේවා..! මව්පියන්ට මේ දරුවන් හදාගන්න උපකාරයක් ලැබේවා.!(නු)
ලස්සන දරුවන් රටට වාසනාවන්තයි.. බලධාරින්ගේ නෙත් යොමු වේවා..!(නු)
ලංකා ඔයාගේ අදහසට විරුද්ධයි..!(නු)
පවු ඒ දරුවෝ. දරුවන් කියන්නේ අපේ අනාගතයයි. (නි)
අපි ජාතිබේද නොබලා අසරණඅයට උදවු කිරිම උතුම් පිං කමක් ඇත්තම කියනවනම් රජයෙන් මෙවැනි අයට උදවු කලයුතුයි කියා මට සිතේ පිංවන්ත දරුවන්ට වාසනාව උදාවේවා බුදුසරණයි ...... (ස)
ලංකා ඒ අම්මා දුප්පත් උන්ත හරිම වාසනාවන්තයි.. ඔයා එහෙම කියන එක හරි නැහැ..!(නු)
දරුවෝ කියන්නේ කොච්චර වටිනා සම්පතක්ද මම මුලින්ම බබා ලැබෙන්න ඉන්නකොට හිතුවේ මටත් නිවුන් දරුවෝ ලැබෙන්න කියල මට දුව ලැබෙන කොට අපි ආර්ථික අතින් ගොඩක් අමාරුවෙන් හිටියේ. එත් ඔබ දන්නා වද මේ දරු පවුලට අද ලංකාවේ කීදෙනෙක් සාදාරන ඉරිසියාවක් කරනවා ඇති ද කියල.සාදාරන ඉරිසියාවක් කියන්නේ දරුවෝ නැති ඇති හැකි පවුල් මේ පවුල ගෙන ඉරිසියා කරනවා ඇති. වාසනාව ලැබිම යනු මිලමුදල් හෝ රස්සාවම නොවෙයි හදවතේ සතුටයි..(නු)
විමල් වීරවංස ඇමතිතුමනි! මෙන්න ගෙවල් නැති අය, මේ අහිංසකයන්ටත් ගෙයක් දෙමු. එතකොට ජිවත් වෙන්න කවුරු කවුරු හරි අතදෙයි. (අ)
අපිට කරන්න දෙයක් නෑ (ස)
ඇතිහැකි අය මේ අහිංසක දරු තුන්දෙනාට පිහිටක් වෙන්න. (නි)
පින්වත් මවක්, පින්වත් දරුවන්. කවුරුත් උදව් කළ යුතුයි (අ)
කනගාටුයි
දරුවෝ සම්පතක් ...දකින ඕනිම අයෙක්ට උදව් කරන්න හිතෙනවා (ස)
ලංකාවට ජය වේවා (ස)
ඔබට දරුවන් හදන්න වත්කමක් නැත්නම් ඇයි ඒ ගැන කලින් නොසිතුවේ? මම හිතන්නෙ නැහැ ඔබට කවුරුත් උදවු කරයි කියලා. (නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
මෙන්න උදවු කරනවා නම් වැඩ (අ)
සංඛයි, ලංකයි මෝඩයි. (නි)
ලංකා, ළමයි හම්බවෙන්න කලින් දන්නෙ කොහොමද කී දෙනෙක් බිහිවෙයිද කියලා? (නි)
කියව කියව ඉන්නේ නැතුව කීයක් හරි දෙන්න (ස)
ලංකා, සිංහල අපිව වදවේගෙන යන කාලේ අපි මෙවන් අයට උදවු කළ යුතුයි. (නි)
දැන් කවුද එතකොට උදවු කළේ? (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම්. ලංකාවට බනින, ජාතිය ගැන ලොකු කැක්කුමකින් කතා කරන අය බැනිල්ල නවත්වල තව ළමයි දෙතුන් දෙනෙක් හැදුවනම් නරකද ? (ස)
ලංකා ඔයාට උදව් කරන්න බැරි නම් කටවහගෙන ඉන්න.. මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයට ඇගිළි ගහන්න එපා. ඔයා සිටුමැදුරක ඉන්නවා කියලා හිතන්න එපා.. සමහර විට ඔයා අසාධාරයෙන් මුදල් හම්බකරන කෙනෙක් වෙන්න ඕන.. මෝඩකම තිබුණට ප්‍රදර්ශණය කරන්න එපා..!(නු)
එතකොට මේ අය පිළිසිඳගත්තේ කොහේදී ද ? (නි)
පිහිට වෙන්න ඕනේ
ව්‍යාජ ලංකා ඔබේ ජාතිය අපට වැටහුනා. ඒ දරුවන්ට රටේ ආශිර්වාදය හිමිවේවා. (ස)
ෙහේමන්ත, අඩු වයසින් අඩු බරින් ඉපදීමට, පියාට නිසි රැකියාවක් නැතිවීමට සහ පවුලටම ඉන්න නිවසක් නැතිවීමට හේතුව ඔබ කියන පින්වත් බව ද ? (නු)
ලංකා ඇත්ත කතා කරන්න ගිහින් ඇන ගත්තද මන්දා ? (ස)