හබරණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවත්නා හබරණ හුරුළු පාරිසරික වනෝද්‍යානයේ වෙඩි තබා මරා දැමුණු තනි දළ ඇතෙකුගේ සිරුරක් සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
අවුරුදු 15ක් පමණ වයසැති ඇතාට සතියකට පෙර හිසට වෙඩි තබා මරන්නට ඇතැයි නිලධරයෝ පවසති.
මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යානවල අලි ඇත්තු පාරිසරික වනෝද්‍යානයක මේ දිනවල එම කාලයේදී සංක්‍රමනය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තිබ්බ කෙනාට නම් හොදක් වෙන්න එපා. (නි)
මේ අලියා මරපු අයට යහපතක්නම් වෙන්නේ නෑ (ස)
ඇයි මිනිසුනේ මේ වගේ අපරාධ කරන්නේ (ස)
ඉතාමත් ශෝචනීය තත්වයක්. ගම් වදින අලින්ට පමණක් නොව වනෝද්‍යාන වල සිටින අලින්ටත් වෙඩි තියන එක බරපතල අපරාධයක්. ජනපතිතුමනි, සියලු බලධාරී මහතුනි, මෙයට වහාම පිළියම් යෙදිය යුතුයි. (නි)
සහ ගහන අපරාධ ..අලි කියන්නේ ස්වභාවික පරිණාමයට පත් වෙච්ච වටිනා සතෙක් (ස)
අලින්ට වෙඩි තියන එක බරපතල අපරාධයක්. ආශ්චර්යය..... ඔහොම යං... !! බැලු බැලු අත ආශ්චර්යය..... ඔහොම යං...!! (ස)
ශාන් මල්ලි , අපි බීරි අලින්ට වීණා වයමු (ස)
මිනිස්සුන්ට කරදර කරන ඕනම කෙනෙක් මරණ්න ඕන කියලයි මම කියන්නේ (ස)
මෙන්න මේ වගේ අපරාධ කරුවන්ටනම් අර ෂරියා නීතිය ගැලපෙනවා (ස)
මෙවැනි අමනුෂ්‍යන්ට කෙදිනක හෝ වන්දි ගෙවන්නට සිදුවේවි (ස)
මේක කාගේ වැඩක්ද ?(ස)
ලංකාවේ අලින්ට කොහොමත් අපලයි. පිට රටින් එන සංචාරකයන්න පෙන්නන්න දෙයක් ඉතුරු වෙන එකකුත් නෑ (ස)
කැලයක් කිව්වට ගස් නෑනේ. දළය කපාගෙනත් නෑනේද ? (ස)
නිල නොලත් අළුගෝසුවන්ගේ වැඩ තමයි මේ (ස)
මේක බටහිර කුමන්ත්‍රණකාරයින්,අධිරාජ්‍යවාදී බලවේග එකතුවී රට අස්ථාවර කරන්න කල වැඩක් කියලා කියයි (ස)
මේවා දැකලාම එපාවෙලා තියෙන්නේ.. වනජීවී එක වහලා දැම්මනම් ඉවරයි..!(නු)
බැලු බැලු අත ආශ්චර්යය..... ඔහොම යං... (නි)
සතෙක් පණ පිටින් ඉන්නව බලන් ඉන්න බැරි තිරිසන් ගති තියෙන මිනිස්සු ඉන්න රටක් මේක (ස)
මේ වෙඩිතියපු කෙනාටත් අලියෙකුගේ පහරකෑමක් ලැබිය යුතුයි..!(නු)
අහිංසක සත්තු. අපි උන්ට කරදර කලොත් විතරයි උන් අපිට කරදර කරන්නේ (දී)