තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප (24) නීතිඥයකුගේ මාර්ගයෙන් තංගල්ල පොලිසියට අද (26) රාත්‍රියේ බාර විය. තංගල්ල වෑමැඩිල්ල නේචර් නිවාඩු නිකේතනයේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු මරාදමා ඔහුගේ පෙම්වතියට තුවාල සිදු කළැයි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ඔහු සොයමින් සිටියේය. තවත් තිදෙනෙක් ඔහුට පෙර පොලිසියට බාර වූහ. ඒ අතර ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක් ද සිටී. කලින් බාරවුවන් තංගල්ල මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. තංගල්ලේ සමන් දේශප්‍රිය, ඕ.අයි. ලසිත සහ විතරන්දෙණිය පියදාස රත්නායක වීරසේකර යන තිදෙනා එසේ රිමාන්ඩ් කළහ. පහරදුන් උල් ආයුද හෝ ගිනි අවි මෙතෙක් සෙයාගෙන නැත. මියගිය බ්‍රිතාන්‍ය පුරවැසියා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ජිනිවා කාර්යාලයයේ නියෝජිතයෙකි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd