තංගල්ල කුඩාවැල්ලේ ”චේජාන්” බහුදින යාත‍්‍රාව පැහැරගෙන ඕස්ටේ‍්‍රලියාවට අනවසරයෙන් ඇතුළු වූ කේ. රංජිත් නිශාන්ත (39) මීට මාසයකට පෙර හොරෙන් ඕස්ටේ‍්‍රලියා ගොස් පිටුවහල් කළ පුද්ගලයෙකියි ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය කියයි. ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට ගියහොත් රුපියල් ලක්‍ෂ හතර හමාර බැගින් දෙන බව තමාට හා තම කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියාව කී බව රංජිත් කිය. කුමාර නමින්ද හැඳින්වෙන රංජිත් ඕස්ටේ‍්‍රලියාවෙන් අවුත් සති තුනකට පසුව මුහුද මැදදී ”චේජාන්” යාත‍්‍රාව පැහැරගෙන තවත් දස දෙනෙකු සමග ඕස්ටේ‍්‍රලියාවට ළඟාවිය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කියනුයේ ඔහු සියලූ දේ විකුණා තම බිරිය හා දරු තිදෙනා (12,10,5) හා බාල සොයුරු කේ.එස්. රංජිත් ද සමග යළි රැුකවරණය පතා ගිය බවයි. නිශාන්තගේ මව එච්.ඒ. සෝමාවතී මහත්මිය ද තම පුතාගේ හැටි කියා ඇත. තම සැමියා මිය යෑමන් පසුව දරුවන් ඉතා අමාරුවෙන් හදා වඩාගත් නමුත් මේ සියල්ල වතුරේ ගොස් ඇතැයි ඇය කියයි. අර අහිංසක දරුවන් මේ භයානක ගමනට රැගෙන ගියේ ඇයි දැයි ඇය අසන්නීය. මේ සිද්ධිය නිසා ගමට මුහුණ දීමට නොහැකි බව ඔහුගේ සොයුරු නිහාල් ද කියා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දූපතේ ඉන්න අයට පුරවැසිභාවය දුන්නට පස්සේ වැටුප විදියට රුපියල් ලක්ෂ පහක් දෙනවා කියන කතාව ඇත්තක්ද? (නි)
තව ටික කලක් යනකොට මොනවා වෙයිද (අ)
සල්ලි දීලා වීසා හදාගෙන ගියපු අයටත් රැකියා නැති එකේ හොරෙන් ගියාම රැකියා ඉදුම් හිටුම් උඩින් පහළ වෙලා දෙන්නද අනේ..? මේ මිනිස්සුන්ට මොලේ නැති හැටි ...(නු)
මේ වගේ අය පිටුවහල් කරලා මදි..!(නු)
අයියෝ සල්ලි
පිටිගලගේ අදහස නම් පන්කාදුයි. (නි)
මේ ජීවා කියන කෙනාගේ මොළය හොද නැද්ද?හොද නම් මෙහෙම දේවල් ලියයිද? (නි)
අසරණ බිරියයි දරුවොයි.... අනාගතය හොද වුවහොත් හොදයි. (නි)
ඕසට්‍රේලියාවට වඩා හොදයි මෙහේ. හොරුන්ට අහුනොවී මෙහේ එන්න. කඩයක් හරි දාලා බඩු ටිකක් හරි විකුණගන්න පුලුවන්. (නි)
දකුණේ අයගේ වැඩ තමයි (ස)
ඇලෙක්ස්, බලාගෙන ඉන්නකෝ ඕස්ට්‍රේලියාවෙ අය ලංකාවෙ පදිංචියට එනකල්. (නි)
ජීව, හම්බ කරලා ගෙවුවම ඔක්කොම හරියනවද? ඔය තියරිය අනුව වෙන්න ඇති එහෙනම් කේපීත් අතාරින්න ඇත්තේ. අනේ අම්මපා අපේ පාඨක ප්‍රජාවගේ මොළ? (නි)
මොන හේතුවකට රැකවරණ පතාගෙන එහෙට ගියාද ? ළමයින්ට මොකද වෙන්නේ ? එයාලගේ අනාගතය විහින් මේ තාත්තා අඳුරට ඇදල දැම්මා නේද ? (ස)
ලුම්බිණි, ස්වර්ගයට යන්නෙ අහිංසක මිනිස්සු කපලා කෙටලා ධීවර යාත‍්‍රා පැහර ගෙනද? (නි)
ජීව ඔයාගෙ මොළේ හොඳ නැද්ද? ඒ මිනී මරලා බෝට්ටුව පැහැරගත්තු අපරාධකාරයෙක්. (නි)
ලංකාවත් එක්ක බලන කොට ඕස්ට්‍රේලියාව ස්වර්ගය වගේ පෙනෙන්න පුළුවන්. (අ)
මහ මෝඩ වෑඩක්නෙ කරල තියෙන්නෙ, මෝඩ පියා නිසා ළමයිට අසාධාරනයක් වන්නට ඉඩ නොදෙමු.(අ)
මේ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාව පෙනෙන්නේ ස්වර්ගය වගේද ? තව ටික කලකින් ඕස්ට්‍රේලියානුවන් ලංකාවට එයි ජිවත් වෙන්න හොඳම රට ලංකාව කියලා.... (නි)
ඔල්මොරොන්දම්ද මන්දා. (නි)
කොහොමහරි ඔහු දැන් ඕස්ට්‍රේලියාවට ගිහින්නෙ. ඒ නිසා ඔස්ට්‍රේලියා ආණ්ඩුව ඔහුට එහෙ ඉන්න දෙනවා නම් පාඩුවේ ඉන්න දෙන්නයි තියෙන්නෙ. කරපු වැරදි වලට ඔහු පසුව යමක් හම්බකරගත්තම ගෙවයි. දැන් ලංකාවට ආවත් කරන්න දෙයක් නැහැනෙ. රට යන උණ හැදුණහම ඔහොම තමයි. (නි)
දරුවන්ගේ අගයක් දන්නෙ නැති මිනිස්සු. (නි)
තණ්හා ආශා.... (නි)
මේ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාව පේනනේ ස්වර්ගය වගේද ? (ස)