IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තංගලූ ධීවරයා නිරුවත් වෙයි

තංගල්ල කුඩාවැල්ලේ ”චේජාන්” බහුදින යාත‍්‍රාව පැහැරගෙන  ඕස්ටේ‍්‍රලියාවට අනවසරයෙන් ඇතුළු වූ කේ. රංජිත් නිශාන්ත (39) මීට මාසයකට පෙර හොරෙන්  ඕස්ටේ‍්‍රලියා ගොස් පිටුවහල් කළ පුද්ගලයෙකියි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය කියයි. ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට ගියහොත් රුපියල් ලක්‍ෂ හතර හමාර බැගින් දෙන බව තමාට හා තම කණ්ඩායමට  ඕස්ටේ‍්‍රලියාව කී බව රංජිත් කිය. කුමාර නමින්ද හැඳින්වෙන රංජිත්  ඕස්ටේ‍්‍රලියාවෙන් අවුත් සති තුනකට පසුව මුහුද මැදදී ”චේජාන්” යාත‍්‍රාව පැහැරගෙන තවත් දස දෙනෙකු සමග  ඕස්ටේ‍්‍රලියාවට ළඟාවිය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ද කියනුයේ ඔහු සියලූ දේ විකුණා තම බිරිය හා දරු තිදෙනා (12,10,5) හා බාල සොයුරු කේ.එස්. රංජිත් ද සමග යළි රැුකවරණය පතා ගිය බවයි. නිශාන්තගේ මව එච්.ඒ. සෝමාවතී මහත්මිය ද තම පුතාගේ හැටි කියා ඇත. තම සැමියා මිය යෑමන් පසුව දරුවන් ඉතා අමාරුවෙන් හදා වඩාගත් නමුත් මේ සියල්ල වතුරේ ගොස් ඇතැයි ඇය කියයි. අර අහිංසක දරුවන් මේ භයානක ගමනට රැගෙන ගියේ ඇයි දැයි ඇය අසන්නීය. මේ සිද්ධිය නිසා ගමට මුහුණ දීමට නොහැකි බව ඔහුගේ සොයුරු නිහාල් ද කියා ඇත.



අදහස් (0)

තංගලූ ධීවරයා නිරුවත් වෙයි

සදුන් Sunday, 28 October 2012 09:35 PM

තණ්හා ආශා.... (නි)

:       0       0

එච්.එස්.රවීන්ද්‍ර Saturday, 03 November 2012 11:47 AM

සල්ලි දීලා වීසා හදාගෙන ගියපු අයටත් රැකියා නැති එකේ හොරෙන් ගියාම රැකියා ඉදුම් හිටුම් උඩින් පහළ වෙලා දෙන්නද අනේ..? මේ මිනිස්සුන්ට මොලේ නැති හැටි ...(නු)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:03 PM

අසරණ බිරියයි දරුවොයි.... අනාගතය හොද වුවහොත් ‍හොදයි. (නි)

:       0       0

ජයනාත් Sunday, 28 October 2012 10:15 PM

දරුවන්ගේ අගයක් දන්නෙ නැති මිනිස්සු. (නි)

:       0       0

අස්රන් Wednesday, 31 October 2012 08:04 AM

පිටිගලගේ අදහස නම් පන්කාදුයි. (නි)

:       0       0

ජීව Sunday, 28 October 2012 11:06 PM

කොහොමහරි ඔහු දැන් ඕස්ට්‍රේලියාවට ගිහින්නෙ. ඒ නිසා ඔස්ට්‍රේලියා ආණ්ඩුව ඔහුට එහෙ ඉන්න දෙනවා නම් පාඩුවේ ඉන්න දෙන්නයි තියෙන්නෙ. කරපු වැරදි වලට ඔහු පසුව යමක් හම්බකරගත්තම ගෙවයි. දැන් ලංකාවට ආවත් කරන්න දෙයක් නැහැනෙ. රට යන උණ හැදුණහම ඔහොම තමයි. (නි)

:       0       0

කපිල Monday, 29 October 2012 04:55 PM

මේ ජීවා කියන කෙනාගේ මොළය හොද නැද්ද?හොද නම් මෙහෙම දේවල් ලියයිද? (නි)

:       0       0

සේනානායක Sunday, 28 October 2012 11:43 PM

ඔල්මොරොන්දම්ද මන්දා. (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 29 October 2012 12:55 AM

මේ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාව පෙනෙන්නේ ස්වර්ගය වගේද ? තව ටික කලකින් ඕස්ට්‍රේලියානුවන් ලංකාවට එයි ජිවත් වෙන්න හොඳම රට ලංකාව කියලා.... (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 29 October 2012 02:14 AM

මහ මෝඩ වෑඩක්නෙ කරල තියෙන්නෙ, මෝඩ පියා නිසා ළමයිට අසාධාරනයක් වන්නට ඉඩ නොදෙමු.(අ)

:       0       0

ලකී Wednesday, 31 October 2012 11:48 PM

අයියෝ සල්ලි

:       0       0

ලුම්බිණි Monday, 29 October 2012 06:03 AM

ලංකාවත් එක්ක බලන කොට ඕස්ට්‍රේලියාව ස්වර්ගය වගේ පෙනෙන්න පුළුවන්. (අ)

:       0       0

කුමාර Monday, 29 October 2012 09:07 AM

ජීව ඔයාගෙ මොළේ හොඳ නැද්ද? ඒ මිනී මරලා බෝට්ටුව පැහැරගත්තු අපරාධකාරයෙක්. (නි)

:       0       0

මනුජ Monday, 29 October 2012 09:53 AM

ලුම්බිණි, ස්වර්ගයට යන්නෙ අහිංසක මිනිස්සු කපලා කෙටලා ධීවර යාත‍්‍රා පැහර ගෙනද? (නි)

:       0       0

චතුරංග Monday, 29 October 2012 10:49 AM

මේ දූපතේ ඉන්න අයට පුරවැසිභාවය දුන්නට පස්සේ වැටුප විදියට රුපියල් ලක්ෂ පහක් දෙනවා කියන කතාව ඇත්තක්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 29 October 2012 10:42 AM

ජීව, හම්බ කරලා ගෙවුවම ඔක්කොම හරියනවද? ඔය තියරිය අනුව වෙන්න ඇති එහෙනම් කේපීත් අතාරින්න ඇත්තේ. අනේ අම්මපා අපේ පාඨක ප්‍රජාවගේ මොළ? (නි)

:       0       0

ඉමිතියාස් මොහොමඩ් Sunday, 04 November 2012 01:26 PM

තව ටික කලක් යනකොට මොනවා වෙයිද (අ)

:       0       0

වසන්ත Saturday, 03 November 2012 06:58 AM

මේ වගේ අය පිටුවහල් කරලා මදි..!(නු)

:       0       0

ශානි Monday, 29 October 2012 01:07 PM

ඇලෙක්ස්, බලාගෙන ඉන්නකෝ ඕස්ට්‍රේලියාවෙ අය ලංකාවෙ පදිංචියට එනකල්. (නි)

:       0       0

නන්දන Monday, 29 October 2012 01:48 PM

දකුණේ අයගේ වැඩ තමයි (ස)

:       0       0

පිටිගල Monday, 29 October 2012 01:59 PM

ඕසට්‍රේලියාවට වඩා හොදයි මෙහේ. හොරුන්ට අහුනොවී මෙහේ එන්න. කඩයක් හරි දාලා බඩු ටිකක් හරි විකුණගන්න පුලුවන්. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 28 October 2012 06:48 PM

මොන හේතුවකට රැකවරණ පතාගෙන එහෙට ගියාද ? ළමයින්ට මොකද වෙන්නේ ? එයාලගේ අනාගතය විහින් මේ තාත්තා අඳුරට ඇදල දැම්මා නේද ? (ස)

:       0       0

යොහාන් ඩුබායි. Sunday, 28 October 2012 06:39 PM

මේ මිනිස්සුන්ට ඕස්ට්‍රේලියාව පේනනේ ස්වර්ගය වගේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site