පසුගිය දින කිහිපයේ වේගනේ ඉහළ ගිය එළවළු තොග මිල පහත වැටී ඇතත් සිල්ලර මිල අඩුවී නැත. පාරිභෝගිකයන් කියනුයේ තොග මිල අඩුවීමේ වාසිය තමනට නොලැබෙන බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල ද , අවට කඩවල සිල්ලර මිලද මෙසේය.
තක්කලි තොග මිල 40-50 සිල්ලර මිල 120-150
මෑකරල් තොග 130-140 සිල්ලර 200-220
වට්ටක්කා තොග 15-18 සිල්ලර 50-60
බෝංචි තොග 110-120 සිල්ලර 250-300
බීට් තොග 80-90 සිල්ලර 150-200
අමුමිරිස් තොග 180-200 සිල්ලර 300-350
වම්බටු තොග 140-150 සිල්ලර 250-300
බණ්ඩක්කා තොග 80-100 සිල්ලර 150-200
කරවිල තොග 60-70 සිල්ලර 150-200
වැටකොළු 70-75 සිල්ලර 150-200
බී ලූනු තොග 68-75 සිල්ලර 120-150
අර්තාපල් තොග 55-60 සිල්ලර 120-150
අර්තාපල් තොග 55-60 සිල්ලර 120-150
ලීක්ස් තොග 90-100 සිල්ලර 200-220
කැරට් තොග 100-120 සිල්ලර 200-250
නෝකෝල් තොග 50-60 සිල්ලර 150-180
මාළු මිරිස් තොග 200-220 සිල්ලර 300-350

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලාභය.... කොහොම හරි පාරිභෝගිකයා අමාරුවෙ..!(නු)
මාර ලාභයක්නෙ..!(නු)
මාර වාසියක්නෙ..! කවුද මේ මුදල් ලබාගන්නෙ.. මේ නිසා තමයි ගොවියන් සියදිවි නසාගන්නෙ..!(නු)
දැං මිනිසුන් බඩු ගන්නේ එදා වේල පිරිමසාගන්න ග්රෑම් 100 බැගින්.. මේක තමයි 2013 අය වැයෙන් දීපු සහන මල්ල.. (නු)
මොනවාද මේ කතා.. එලවළු තියෙන්න එපැයි කන්න..!(නු)
සිල්ලර මිල දෙගුණයක් වැඩිවෙන්නේ කොහොමද? පාරිභෝගික අපි කන්නේ එලවලු නොවෙයි කන්නෙ සල්ලි..!(නු)
විවිධ හේතුන් මත මිල පරාස වල සිදුවීම් වලක්වන්න ඉතාලියෙ නම් ‘රෙගියුලටරි බොඩි‘ වගේ එකක් ආණ්ඩුවෙන් සැකසිය යුතුයි..!(නු)
ඇමතිතුමනි, කරුණාකරලා පාරිභෝගික ජනතාව වෙනුවෙන් සුදුසුම දේ කරන්න. පින් සිද්ධ වෙනවා. (නි)
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අර හැම වැඩකටම හුරේ දාන කට්ටිය කෝ? මේකටත් හොදයි කියන්න.ගොවියාගෙ ආර්ථිකය නගිනවා කියන්න. (නි)
ඉහළ යන එළවලු මිල පාලනයට සහ ගුණාත්මක එළවලු අපට දෙන්නට දැනට ඇති යාන්ත්‍රනය වන පෞද්ගලික අංශයේ අසාර්ථක බව නැවතත් එළි දැකලා. පාරිභෝගිකයා සහ ගොවියා රැක ගැනීමට පෞද්ගලික අංශයට අමතරව එකල තිබුන රාජ්‍ය යාන්ත්‍රනය වූ අළෙවි කිරීමේ දෙපාර්තමේන්තුව වසා දැමුණා. සමුපකාර යාන්ත්‍රනය වූ ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අළෙවි කිරීමේ සමුපකාර සමිති විනාශ කර පිහිටවූ සමුපකාර අළෙවි සංගමය තම පරමාර්ථ ඉටු නොකිරීමත්, පාරිභෝග සමුපකාර සංගමය අයාලේ යාමත් මේ ගැටලුවට මුලික හේතුව වේ . එළවලු මිල නියාමනය කිරීමට මෙම රාජ්‍ය යාන්ත්‍රනය සහ සමුපකාර යාන්ත්‍රනය නැවත නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු නැද්ද? (නි)