මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුනට පහර දුන්නැයි සැකපිට ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් දෙදෙනකු රිමාන්ඩ් පත් කළ මොරටුව මහේස්ත්‍රාත් බී.ඒ.ආර්. සෝමසිංහ මහතා ඔවුනට ආධාර හා අනුබල දුන්නැයි කියන සනුජ උදාර කරුණාරත්න නම් තරුණයෙක් ශරීර ඇප මත මුදා හරිණු ලැබීය. පොලිසිය අධිකරණයට දැන්වූයේ සිසුන් දෙදෙනා හඳුනා ගැනීමෙ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇති බවයි. තවත් සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය. මෙම ගැටුමෙන් සරසවියට රුපියල් දස ලක්ෂයක අලාභයක් සිදුව ඇතැයි පොලිසිය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.ඩී.ටී. මල්ලිලට 1). මිනී මැරීමට තැත් කිරීම. 2). බරපතල තුවාල සිදු කිරීම. 3). සංවිධානාත්මකව රාජ්‍ය දේපලවලට හානි කිරීම. ...කියලා කියන්නෙ බරපතල දඬුවම් ලැබිය හැකි වැරදි. ඒවාට අනුබල දීම, ඒවා අනුමත වන පරිදි හැසිරීම හෝ අදහස් දැක්වීම මගිනුත් ඒ චූදිතයන්ට කිසිදු සෙතක් සිදුවන්නේ නැහැ. ලැබිය හැකි දඬුවම් මොනවද කියලා ඔබතුමාලා පොඩ්ඩක් හොයලා තියාගන්න. හැබැයි දැන් ප්‍රමාදයි. ඒක නිසා තවත් වීරයො වෙන්න හදන්නෙ නැතුව ටිකක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි. මේක මේ බය කරන්න කියන දෙයක් නෙමෙයි. ඔයාලත් ඉතින් අපි වගේම මිනිස්සුනේ කියලා අපි තවමත් හිතන නිසා කියන කතාවක් විතරයි. පිළිගන්නවද නැද්ද කියන එක ඔයාලට බාරයි. (නි)
මේක මේ වයසේ වැරැද්දනේ. (නි)
මේවට කවුද වග කියන්න ඕනේ (අ)
මෙවැනි අපරාධකරුවන් නොපමාව වැලිකඩ යවා ඉගෙන ගන්න ළමයින්ට පමණක් විශ්ව වද්‍යාල ඇත තබන්න. (අ)
මෙවන් සිසුන්ගේ සරසවි වරම් නවතා වහාම කුළී වැඩ සදහා යෙදවිය යුතුයැයි මම යෝජනා කරමි. (නි)
මේ සිද්ධියට සම්බන්ධ නොවූ සිසුන් පවා කුපිත වන අයුරින් මෙසේ කටයුතු කිරීම සාධාරණද? තීරණය බුද්ධිමත් ඔබට භාරයි. (නි)
ඇත්ත වශයෙන්ම ඉංජිනේරුවන්ට වඩා වැඩි සේවයක් එන්.ඩී.ටී අයගෙන් රටට වෙනවා. ඉංජිනේරුවෝ බහුතරයක් අවුරුදු 2-3 ගියාම රට පනිනවා. මහා ලොකු විදේශ විනිමයක් එන්නේ නැහැ. මොකෝ එයාලගේ පවුල් පිටින් රට ඉන්නේ. නමුත් එන්.ඩී.ටී අය ලංකාවේ ඉන්නේ. ඉතින් රට පැත්තෙන් බැලුවහම වැඩිය ලාභ එන්.ඩී.ටී. අය ඉන්න එක. (නි)
ජවිපෙ ගෑවුණොත් හරි. (ත)
ඉස්සෙල්ලම ගහන්න පටන් ගත්ත අයව ඇයි අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ. මනුෂ්‍යයෙක් මැරයෙක්ද යහපත් මිනිසෙක්ද කියන එක විශ්ව විද්‍යාලයේ ඉන්න ටික කාලයකින් තීරණය වෙන්නෙ නැහැ. ඒකට බොහෝ සාධක බලපානවා. ඔය දෙපැත්තෙම විෂමාකාරී පුද්ගලයො ඉන්නවා. ඔතන මම දකින විදිහට බුද්ධිය පරයා ඊර්ෂ්‍යාව කුහකකම වගේ දේවල් ඉස්මතු වෙනවා දරා ගන්න බැරි තරමට. පහු ගිය දවස් වල පත්තර වල තිබුන සංවාද දිහා බැලුවම ඒක කාට වුණත් තේරුම් ගන්න පුලුවන්.ඔලුවල තියෙන නරක සිතුවිලි අයින් කරලා සෑබෑ මිනුසුන් විදිහට හිතන්න දෙපැත්තටම පුරුදු කරන්න බලධාරීන් ක්‍රියා කළොත් විතරයි මෙම ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුලුවන් වෙන්නෙ. තමාගෙ බඩගෝස්තරේ වෙනුවෙන් කාගෙ හරි අධ්‍යාපනය කඩා දාන්න හිතන එක පාප කර්මයක් බව කවුරුත් ඉගෙනගත යුතුයි. (නි)
අනවශ්‍ය වැඩ කරන්න ගියාම ඔහොමතමයි (දී)
NDT එක විශ්ව විද්‍යාලයෙන් ඉවත් කල යුතුයි (ස)
මේවාට මේ සිසුන්ට විතරක් දොස් කියලා වැඩක් නැහැ. මේවා පරිපාලනයෙත් තියෙන දුර්වලතා. (නි)
එන්.ඩී.ටී අය උගත් මෝඩයින් බව හැගේ. (නි)
අඩු කලේ සෙලවෙනවා කියන්නේ ඔන්න ඕකයි. (ත)
අයියෝ සල්ලි (දී)
අඩු කළේ සෙළවෙනවා කියන්නේ ඔන්න ඕකයි. (නි)
මේ අය සිසුවොද? පාතාල මැරයොද? (නි)
NDT අය වැරදී කරුවන් වීම මගින් BSc අය සිල්වත් නිවැරදි අය බව නොසැලකේ. එය හුදෙක් වැරදි වෙලාවක සිදු වූ වැරදී දෙයකි . දෙගොල්ලන්ගේම ඉතිහාස එච්චර හොඳ නැත (ස)
ඉගෙනගන්න ඉගෙනගන්න අනෙක් මිනිස්සු නිහතමානී වෙනවා. මෙයාලා ඉගෙනගන්න ඉගෙනගන්න දාමරිකයෝ වෙනවා. (නි)
කරුණාකරලා ඒ අලාභ සියල්ල මේ ගැටුමට සම්බන්ධ සිසුන්ගෙන් අයකර ගන්න. ඒ වගේම මේ අයගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි (නි)
ප්‍රශ්නය නම් ලංකාවේ රැකියා වෙළද පොලේ BSC අයට රැකියා අඩු වීඹ නිසා දෙගොල්ලෝ අතර ගැටුමක් ඇති වීමයි. ඒකයි මේ ගැටුමට හේතුව. ලංකාවේ රැකියා වෙළඳ පොල වර්ධනය කිරීමයි (ස)