ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව සිය පළමු තරගය සඳහා පාකිස්තානයට මුහුණ දෙයි. මෙම තරග ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී ඊයේ ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගය කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත වේ.
ඉන් කේවල තරග 2 ක් ඊයේ (01) පැවති අතර යුගල තරගය අදත් (2 වැනිදා), ඉතිරි කේවල තරග හෙටත් (3 වැනිදා) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම රොහාන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර දිනේෂ්කාන්තන් තංගරාජ්, හර්ෂණ ගොඩමාන්න, අම්රේෂ් ජයවික‍්‍රම සහ රජීව් රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මොහොමඞ් කලීඞ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන අතර අඛීල් කාන්, මොහොමඞ් අබීඞ්, යසීර් කාන්, අයිසම් කුරේෂි සෙසු කී‍්‍රඩකයෝ වෙති.
දෙවැනි කාණ්ඩයේ තවත් තරගයක් නවසීලන්තය සහ ලෙබනනය අතර පැවැත්වේ. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් තරග කිරීමෙන් පසුව පළමු කාණ්ඩයට සුදුසුකම් ලබනු ඇත. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් පරාජය වන කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර තරගයෙන් පරාජය වන කණ්ඩායම සමග තෙවන ස්ථානය සඳහා තරගයකට සහභාගී වීමට නියමිතය.
ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගයේ තීරක ලෙස ඉන්දියානු ජාතික ප‍්‍රනීත් ගුප්තා කටයුතු කරන අතර තරග විනිසුරුවන් ලෙස මුෆාඩල් හාසාරි සහ ප‍්‍රසන්න ජයලත් ආරච්චි කටයුතු කරති. දිනිත් පතිරාජ තරගාවලි අධ්‍යක්ෂක ලෙස තොරාගෙන ඇත.
ඡයාරූපය: ශානුක අරවින්ද
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශී‍්‍ර ලංකා - පාකිස්තානු සටන ඇරඹෙයි