ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියානු ශාන්තිකර කලාපීය II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග සිය පළමු තරගාවලිය අරඹමින් ඊයේ පැවති කේවල තරගයකින් තරග වට 3-0 ක් ලෙස ජය ලැබීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
මෙම තරගාවලිය ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඊයේ (1 වැනිදා) පැවති පළමු තරගයේදී දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් අඛීල් ඛාන් තරග වැදුණු අතර එහිදී දිනේෂ්කාන්තන් පළමු වටය ලකුණු 6-4 ක් ලෙස ජය ගැනීමට සමත් විය. නමුත් දෙවන වටයේදී ඔහු ලකුණු 1-6 ක් ලෙස අඛීල් ඛාන් හමුවේ පරාජයට පත්විය. තෙවන වටය ලකුණු 2-4 ක් ලෙස තිබියදී දිනේෂ්කාන්තන් ආබාධයකට ලක්වී තරගයෙන් ඉවත් වීම හේතුවෙන් අඛීල් ඛාන්ට තරග වට 2-1 ක ජයක් හිමිවිය.
දෙවැනි තරගයේදී හර්ෂණ ගොඩමාන්න සමගින් අසාම් කුරේෂි තරග වැදුණ අතර එහිදී අසාම් කුරේෂි පරදවා හර්ෂණ ගොඩමාන්න තරග වට 3-0 ක් ලෙස ජය ලැබීය. තරගයේ පළමු වටය ලකුණු 7-6 ක් ලෙස ජයගත් හර්ෂණ දෙවන සහ තෙවන වට ජයගත්තේ පිළිවෙළින් ලකුණු 7-5 ක් සහ 7-6 ක් ලෙස ලකුණු වාර්තා කරමිනි.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගාවලිය කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත වන අතර යුගළ තරගය අදත් (2 වැනිදා), ඉතිරි කේවල තරග 2 හෙටත් (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.
අද (2 වැනිදා) පැවැත්වෙන යුගළ තරගය සඳහා හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්ෂ, අඛීල් ඛාන් සහ අසාම් කුරේෂිට එරෙහිව තරග කිරීමට නියමිතය. හෙට (3 වැනිදා) පැවැත්වෙන ඉතිරි කේවළ තරග දෙක සඳහා හර්ෂණ ගොඩමාන්න සමගින් අඛීල් ඛාන් ද, දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් අසාම් කුරේෂි ද තරග බිමට පිවිසීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම රොහාන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර දිනේෂ්කාන්තන් තංගරාජ්, හර්ෂණ ගොඩමාන්න, අම්රේෂ් ජයවික‍්‍රම සහ රජීව් රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මොහොමඞ් කලීිඞ් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන අතර අඛීල් කාන්, මොහොමඞ් අබීඞ්, යසීර් කාන්, අසාම් කුරේෂි සෙසු කී‍්‍රඩකයෝ වෙති.
හර්ෂණ ගොඩමාන්න ජයග‍්‍රහණයෙන් පසු
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ශ්‍රී ලංකාව හා පකිස්තානය කරට කර