
(රොෂන් තුෂාර)
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 16 සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (26) දින නියම කළේය.
සාක්ෂි විභාගය ඊයේ දින සිදුකිරීමට නියමිතව තිබුණද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා සිටි හෙයින් මෙසේ දින නියම කෙරිණි.
2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්. 50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම,වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවන් යටතේ හිටපු ඇමතිනී ඩයනා ගමගේ විත්තිකාරියට එරෙහිව රහස් පොලිසිය පැවරූ පැමිණිල්ලේ සාක්ෂි විභාගය මෙසේ කල් තැබිණි.
මෙම නඩුවට අමතරව 2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා, 2017 ජූලි මස 17 සිට 2018 ජූලි මස 16 දින දක්වා, 2018 ජූලි මස 17 සිට 2019 ජූලි මස 16 දක්වා,2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ තවත් නඩු හයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය මගින් ගොනුකර ඇති අතර ඊයේ දින එක් නඩුවක සාක්ෂි විමසීමට නියමිතව තිබිණි.
විත්තිකාරිය අධිකරණය පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd