ඩුබායිහි ජාත්‍යන්තර නගරයේ මහල් ගොඩනැගිල්ලක සිව්වැනි තට්ටුවෙන් වැටී ශ්‍රී ලංකාවේ අනූපමා (26) නම් තරුණියක මිය ගිය බව ඇය වැඩකළ සමාගමේ හිමිකරු කියයි.
ජෙන් පර්ෆෙක්ට් ක්ලීනින් සමාගමේ හිමිකරු ටෙරින් ද ශ්‍රී ලාංකිකයෙකි.
ඔහු කියනුයේ ඇගේ මරණය ගැන කම්පා වන බවයි. සිව් මසක් එම සමාගමේ සේවිකාවක ලෙස වැඩ කළ ඇයට කුමක් සිදුවීදැයි තමාට අදහා ගත නොහැකි බව ද ඔහු කියයි.
අනූපමා මීට කලින් ඩුබාහි ඇඟළුම් කම්හලක සේවය කළාය.
ඇගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අමිල නම් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
ටෙරින් පවසනුයේ ඇගේ මරණයට අමිලගේ සම්බන්ධයක් ඇති බව නොදන්නා නමුත් ඔවුන් අතර රණ්ඩුවක් පැවති බව දන්නා බවයි.
හින්දි භාෂාව චතුර ලෙස කතා කළ අනූපමා විනෝදකාමී තරුණියක වූ බවත්, හැමවිටම සිනා මුසු මුහුණින් හා ප්‍රියජනක කතාවෙන් කාගේත් සිත් දිනාගෙන සිටි තරුණියක බවත්, ඇගේ සේවය කිහිප වතාවක්ම ලබා ගත් තවත් හාම්පුතෙක් කියයි.
ඇයට ප්‍රශ්නයක් ඇති බව කිසි විටක නොකී බවත් ඔහු කීවේය.
රෂීඩියා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර තම සොහොයුරියගේ මරණය සැක සහිත බව මාදම්පේ පනිරෙන්දාව නාන්කඩවල නයනා සංජීවනී මහත්මිය කියන්නීය.
තම සොහොයුරියට සියදිවි නසා ගැනීමට තරම් අවශ්‍යතාවක් නොතිබූ බව ද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක සිදුවීමක්. ඒත් ලංකාවේ අය දැන් ළමයි නළවන්නෙත්, බත් උයන්නෙත් හින්දි සිංදු කිය කියා. (නි)
ස්ථීරවම මිණීමැරුමක් විය යුතුයි. අපරාදේ ලස්සන කෙල්ලෙක්ගේ ජීවිතය (ස)
කාගේ උවමනාවකටද දන්නෑ උනේ (ස)
මට සැක කරන්න තියෙන්නේ ඇය වැඩකළ ගෙදර ස්වාමියායි.. ඔහු කියන දේවල් වැඩක් නැහැ.. ඇය රූමත් කාන්තාවක්.. මට ගොඩක් කණගාටුයි.. නිවන් සැප ලැබේවා සහෝදරිය... තව කීයක් මේ වගේ දේවල් අසන්නට ලැබෙයිද? කරුණාකර යමක් කරන්න. මේ ගැන..!(නු)
ප්‍රේම සම්බන්ධයක ගැටුමක් (ස)
මිනීමැරුමක් නම් මිනීමරුවාට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඇත්තටම කණගාටුදායක සිදුවීමක්. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ මෙයට සම්බන්ධයක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන. කොහොම නමුත් කිවයුතු යමක් ඇත. මමද එක්සත් අරාබි රාජ්‍යයේ වසර තුනකට අධික කාලයක් සේවය කරමි. මෙහි සේවය කරන බොහෝ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ හැසිරීම නම් එතරම් ප්‍රශංසනීය නැත. මෙහි සේවය කරන බොහෝ කාන්තාවන්ට පෙම්වතුන් ඇත. එම කාන්තාවන් විවාහක අවිවාහක කියා බේදයක් නැත (වයස් බේදයක්ද නැත). එම පෙම්වතුන් ශ්‍රී ලංකිකයින්ම නොවෙති. ඔවුන් ඉන්දියානු පකිස්තානු හෝ බංගලාදේශ විය හැක. මෙය මෙහි සේවය කරන සැමට පොදු කරුණක් නොවිය හැක. හොද අයද සිටින්නට පුළුවන. විවාහ වීමේ බලාපොරොත්තුවෙන් අවංකව පවත්වාගෙන යන සම්බන්ධාතාද නැතිවා නොවේ. නමුත් බහුතරයකගේ තත්වය එසේය. මෙහි සේවය කරන බොහෝ ශ්‍රී ලංකික කාන්තාවන්ගේ වැටුප පහල මට්ටමක පැවතියත්, බොහෝවිට මෙසේ පෙම්වතුන් ඇසුරු කිරීම මුල්‍යමය ලාභයක් තකා නොකරන බව කිවයුතුය. මෙය හුදෙක් විනෝදය හා පාළුව මකා ගැනීමේ උත්සාහයක් ලෙස සඳහන් කල හැක. මෙම තත්වයට පුරුෂ පක්ෂයද එකසේ වගකිවයුතු බව නොකිවමනාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු සෞදි අරාබිය මෙන් දරදඩු නීති තිබෙන රටක් නොවේය. මෙහි ලංකාවටත් වඩා නිදහස තිබේ. තමන් හදුනන අය බොහෝ අඩුවීම සහ මව් රටේදී නොලැබෙන නිදහස යන කාරණා මෙම තත්වයට රුකුලක්ව පවතී. රැකියා ස්ථානය වෙනස් වීම, නිවාඩු සඳහා මව් රට යාම වැනි අවස්ථාවලදී (හෝ වෙනත් මොනයම් හේතුවක් මත) පවතින සම්බන්ධතා බිඳී ගොස් නව සම්බන්ධතා ඇතිවන අතර ඇතැම්විට එවැනි අවස්ථා ගැටුම් කාරී තත්වයන් දක්වා වර්ධනය වේ. සමහර විටෙක එවැනි ගැටුම් ගුටි බැට හුවමාරු වීම්, පිහින ඇනුම් හෝ මිනි මැරුමකින් කෙළවර වූ අවස්ථා වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන එම අයගේ පවුලේ සාමාජිකයන්හට මෙම තත්වය ගැන වැටහීමක් නැත. මෙම අදහස් මියගිය නැගණියට අගෞරවයක් කිරීමේ අදහසින් පල නොකරන අතර පාඨක ඔබගේ දැනගැනීම පිනිස පල කලෙමි. (ස)
මම දැං ඉන්නෙත් ඩුබායිවල.. ලංකාව ඉදලා මෙහෙ ඇවිල්ල ාකරන දේවල් අපි ඇස්වලින් දැකලා තියෙනවා.. ලංකාවෙ අය.. කියන්නත් ලැජ්ජයි.. මෙයාලා රටේ නම විනාශ කරනවා.. මෙහෙ ඉන්න ලංකාවෙ අය ගෙවන්නේ අමුතුම පව්ල් ජීවිත... ඩුබායි රට තුල වෙනමම පවුල් කෑමක් කරනවා.. ලංකාවෙ අය මේවා දන්නේ නැහැ.. මොකද මම දැනටමත් ඩුබායි රටේ සේවයකරන නිසා මම මේවා ඇස්වලින් දකිනවා..!(නු)
ඔවැනි දේ වලින් වෙන වෙන සැකත් මතුවෙනවා. (නි)
තට්ටු 4ක් උඩින් පැනලා මැරෙන්න තරම් මේ ළමයාට ප්‍රශ්නයක් නොතිබුණා නම් කොහොමද මේ මරණය වුණේ? (නි)
කාන්තාවන් මැදපෙරදිගට යවන්නේ පිරිමින්ට කොන්දක් නැති නිසාද? (නි)
සිල්වා නිදා සිටින්නන් කියලා මැරිච්ච අයටද කියන්නේ? ප්‍රේම සම්බන්ධය කාත් සමගද? ඔහුට විරුද්ධවද නැගී සිටින්න කියන්නේ? (නි)
පඩ්පෙලින් පහලට තල්ලු කරලා දාන්නඇති (ස)
කෝ දැන් අර රිසානාගේ මරණයට අදහස් දාපු කට්ටිය? (නි)
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! (නි)
සෞදි වල නීති කොච්චර තද වුණත් ඩුබායි වල අපේ කාන්තාවන් දමන සෙල්ලම් අපි ඇස් දෙකින් දැකලා තියෙනවා. (නි)
ඩුබායි පුවත්පතක තිබුණෙ සිය දිවි නසාගෙන කියලා.. මේ සිදුවීම වෙන්න කලින් කැෆේ එකකට ගිහිං ලංකාවට කතාකරලා ගොඩක් කෑ ගැහුවා කියලයි පත්තරේ තිබුණෙ..!(නු)
විදේශ රටකට ආවට පස්සේ ගොඩක් කල්පනාවෙන් වැඩකටයුතු කරන්න ඕනෑ. (නි)
මිනීමැරුමක් නම් අපරාධකරුට එරෙහිව ෂරියා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
දැන් මේකේ කොහේහරි තියෙනවාද පඩිපෙළකින් තල්ලු කරපු කතාවක්? අදහස් දමන අයට පිස්සුද මන්දා? (නි)
කවුරු මොනවා කිවුවත් නැතිවුණේ වටිනා ජීවිතයක්. (නි)
අනිවාර්‍යයෙන්ම පඩිපෙලින් තල්ලු කරලා තමයි මරන්න ඇත්තේ (ස)
අනුපමා ඔබ මින්මතු සසරේ මෙවන් අකල් මරණයක් අත් නොවේවා! ඔබට නිවන් සුව.සියදිවි නසාගත්තත්, හිස ගසා දැමුවත් මරණය මරණයමයි. සෝචණීයයි. නිදා සිටින්නන් දැන්වත් අවධිවන්න (ස)
අනේ දෙවියනේ මොනවද මේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල්. සොයුරිය ඔබට නිවන් සුව (ස)