විදුලි සංදේශ විධායකයකු වන අසේල වෛද්‍යලංකාර (27)මහතා මඩකළපුව රෝහලේ සිට කොළඹට මාරු කිළ බව මඩකළපු රෝහල් ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ පුත් අසේලට පහර දී ඇත්තේ පාසිකුඩාවේ මාළු මාළු හෝටලයේදීය.
පහර දුන් දහතුන්දෙනා අතර පල්ලේවත්ත ගමරාළලාගේ දහම් සිරිසේන(20) සිටි බවත්, ඔහු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා බවත්, දෙපිරිස අතරම ගැටුමක් ඇතිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
අසේල මීට කලින් දහම් සිරිසේන දැන ඇදින නොසිටි බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැහැ දැන් මේ රටේ (දී)
අයියෝ සල්ලි (දී)
බලමු බලයද නීතියද (දී)
මෙන්න වැඩ, බලය හමුවේ කවුරුත් අසරණයි (දී)
අසරණ කොල්ලෙක් (දී)
බොරළු පාර ටෙලි නාට්‍යය මතක් වෙනවා. (නි)
මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් එක් සිදුවීමක්. (නි)
මේ ළමයින්ට වැඩ නැතිවට (දී)
ඔන්න පොළොන්නරු ජනතාවනි, ඔබේ අනාගත නායකයෙක් සිය සුදුසුකම් සපුරා ගනිමින් සිටි. පත්කරගැනීම ඔබේ යුතුකමයි. (නි)
රකිත්, මෙයාට අධිකරණ අමාත්‍ය තනතුර දුන්න නම් නේද හොද?(නදී)
"ඇඳුම් ගලවා පින්තූරයක් ගනිද්දී නියෝජ්‍ය පොලිස්පතිගේ පුතා සහ බිරිය පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි හෙයින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ"... ඇයි තමන්ගේ පුතාව හදාගන්න බැරි? (නි)
ඒ තරම් අමාරුද (දී)
කරුණාකර දහම් මහත්තයාට කැළණිය භාරදෙන්න, පුරප්පාඩු තියනවානේ. ඔන්න සුදුස්සා හම්බවෙලා. (නි)
ඇමතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපතිතුමාට මේවා පේන්නේ නැද්ද?(නදී)
ඇමති පුතාට හෙළුවෙන් ජනතාව අතරට යන්න නොදීපු එක නම් වැරදි වැඩක්. (නි)
අයියෝ ! (නි)
දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුව දක්වා යාළුවන් දෙන්නෙක් අතර ඇතිවුණු සරදමක්ද? (නි)
තාත්තා ඩී අයි ජී කිව්වනේ. බලමු. (නි)
අපේ නාමල් පුතාට වුණත් මේ එක එක පුතාලා ආශ්‍රය කරන්න දුන්නොත් එයාවත් නරක් වෙයි. (නි)
නීතිය කාටත් පොදුයි කිව්වා නේද? එහෙනම් දැන් ඔප්පු කරලා පෙන්වන්න. ඔය ලැබිලා තියෙන්නේ අවස්ථාව.... (නි)
බලන්න පුතාගෙන් ළකුණු කැපෙන හැටි. (නි)
බලය කියන එක අනිසි ලෙස පාවිච්චි කරන්න එපා (දී)
දෙමාපියන්ට ධනය සහ බලය තිබුණත් එමගින් දරුවකුගේ චරිතය ගොඩනගන්න බැහැ කියලා අපේ ජනාධිපතිතුමා ළගදී නුවරදී කිව්වා නේද? හැබැයි බලය තිබෙනවා නම් මොන වැඩේ කළත් බේරෙන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා මේ පුතා දන්නවා ඇති. ජනාධිපතිතුමනි, මේකට තිත තියමු. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් එහෙම නෙමෙයි නේද? (නි)
වැඩේ නම් සුළුපටු නැහැ. උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නිගන්ඨ ආගමික කටයුතු ඇමතිවරයෙකු ලෙස පත්කළොත් නරකද? (නි)
මේවට බොදු බල සේනාවට බැනලා වැඩක් නැහැ. වගකියන්න ඕනෑ දෙමවුපියන්. (නි)
ඔය කොයි පුතත් එකයි.(නදී)
අයියෝ! මොකක්ද මේ කරපු වැඩේ? (නි)
අනේ මට කවුරුවත් ගැහුවෙ නැහැ කියලා ඩී අයි ජීගේ පුතා හෙට කිවුවොත් මොනවා වෙයිද? (නි)
මෙතන ප්‍රතිචාර දාලා තියෙන අයට වැරදිලා තියෙන්නේ. ඩී.අයි.ජී මහත්තයාගේ පුතාගේ පුතාම එයාට ගහගෙන. මේ අහිංසක ඇමතිතුමාග් පුතාව ඒකට ගාවාගන්න එපා.(නදී)
තාත්තගේ ගතිගුණ පොඩ්ඩ්ක් වත් නැහැ වගේ.(නදී)
අනේ මන්දා! මෙහෙම අය ඉන්නකොට කාන්තාවක් විලි ලැජ්ජා ඇතුව ඉන්නේ කොහොමද? (නි)
කවදාද අපි මේවායේ අවසානයක් දකින්නේ? (නි)
අන්න දුටුගැමුණු දෙකොනින් හිනාවෙනවා.(නදී)
තාත්තලාට බලය ලැබුණහම ළමයි පිස්සු නටන්න ගන්න එක වැරදියි. (නි)
දැන් ගමරාළලාත් ජයිනා ආගමට යන්න ලෙස්ති වෙනවා වගේ.(නදී)
සමහරවිට ඩී අයි ජී පුතාම එයාට ගහගත්තා වෙන්නත් පුලුවන්. (නි)
එහෙම කියන්න එපා. මෙයාව අපි වැඩිම මනාපය දීලා කොහොම හරි අර ඌරු කොටුවට යවමු.(නදී)
මුළු ලෝකෙම අපි දිහා බලන් ඉන්න වෙලාවක ඔය වගේ වැඩ කරන එක හරිද (දී)
තාත්තත් මොකක් හරි කරයි වැඩේට (දී)
පුතා තාත්තාට පිරුවටය ගැලෙව්වා නේද?(නදී)
බලාපොරොත්තු වුන දේවල් පුතා කෑවා නේද?(නදී)
පස්සේ කියයි මම අදුනන්නෙත් නැහැ කියලා. පුදුම දෙපත් නයිනේ දැන් ලංකාවේ බෝවෙලා ඉන්නේ? (නි)
කෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටිද්දී කොහොමද විත්තිකරුට ඇප ලබා දෙන්නේ. දුටුගැමුණුත් හිනාවෙනවා. (නදී)
දැන් කියයිද දන්නේ නැහැ එයාම ගහගත්තා කියලා.(නදී)
බලය තියෙන තැන ඔහොම තමයි අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ (දී)
මේ, මට ඒ වුණාට මුකුත් මතක නැහැනේ. (නි)
ඩී අයි ජීගේ පුතාට කම්පනය හැදිලද දන්නෙ නැහැ දැන්? (නි)
තාත්තා වගේම ඥාතියොත් ගොඩක් ආඩම්බර වෙයි මේ පුතා ගැන. (නි)
නමේ කැත විතරක්? (නි)
රටේ ලොක්කන්ගෙ ළමයි හිටගෙන කරනකොට වටේ ඉන්න අයගෙ ළමයි දුව දුව කරනවා කියන්නෙ ඕවට තමයි. (නි)
යකෝ මගේ එකා වලි දාගත්තට හෙලුවෙන් ඡායාරූප ගත්තේ නෑ බලමු දැන් ගමයා මොනවාද කියන්නේ කියලා.(නදී)
ඇමති පුතාලා ආදර්ශයට ගන්නා අයගේ හෙළුව තමයි ඒ පුතාලගේ නිරුවතින් පෙනෙන්නේ. (නි)
දැන් ඉන්න මැති ඇමතිවරු කරන වැඩ දැක්කහම පුතාට රෙද්දක් ඇදගෙන ඉන්නත් ලැජ්ජා ඇති. (නි)
ඩී අයි ජී ගේ පුතා රෝහලින් පිටව නොගිහිල්ලා තියෙද්දී කොහොමද මෙයාට ඇප දෙන්නේ? (නි)
අපේ රට එක එක ලාංඡන ගෙන්නලා අල්ලගන්න හදන මොහොතක සිංහල අපි එකමුතු වෙලා ඉන්න ඕනෑ එකේ මෙයාලා ගහගන්නවා. (නි)
කරුණාකර මේ ඇමති පුතා අපේ අහවල්ඇමතිතුමාට භාරදෙන්න හදලා ගන්න. (නි)
නම නම් දහම්. කරන්නෙ නම් චණ්ඩිකම්. ඊළග පාර මෙයාව වැඩිම මනාපෙන් පොළොන්නරුවෙන් යවමුද? (නි)
මානව හිමිකම් ගැටලු ගොඩ ගැසී ඇති මේ කාලයේ විශේෂයෙන්ම ප්‍රවේශම් වියයුතුයි. (නි)
අපි ඡන්දෙ දීලා තියෙන්නේ ඇස් කන් නැති අයටයි. ඒකයි මෙහෙම දේවල් පේන්නේ නැත්තේ.(නදී)
මොකද දන්නෙ නැහැ අරයා මේ දවස් වල සද්දයක් නැතුව ඉන්නේ? (නි)
ඇමතිතුමා ඉල්ලා අස්විය යුතුයැයි මම යෝජනා කරනවා. (නි)
මොහුගේ නම වහාම වෙනස් කළ යුතුයි. (නි)
මට තියෙන ගැටළුව මේකයි. ගුටිකාපු කෙනාගෙ විස්තර තිබුණත් ගහපු කෙනා ගැන මුකුත් ම නෑහැනෙ... (නි)
ලොකු අපලයක් ගෙවුණා කියලා හිතාගන්න (නි)
ලංකාවේ දේශපාලනය කිරීමට උපරිම සුදුසුකම් ඇති බව මේ ඇමති පුතා මේකෙන් ඔප්පු කරලා තිබෙනවා. ඔහුව රැකගෙන වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවා නියෝජ්‍ය ඇමති කමකින් පුදමු. (නි)
දැන් හදන්නේ මේ වැඩෙත් ෂේප් කරන්න වගෙයි... (නි)
අනේ රුවන්, ලාංඡන වලින් කොහොමද රටක් අල්ලන්නේ? (නි)
මට දුක මෙයාගේ නම ගැනයි. (නි)
හෙට අනිද්දාට කියාවිද දන්නෙ නැහැ "මට දහම් ගැහුවේ නැහැ, මම ඔලුව ගහගත්තා" කියලා. (නි)
මගේ ඇගේ මවිල් කෙලින් වුණා. තවත් ආශ්චර්යයක්නේ හැබෑටම. (නි)
දේශපාලනය තුළ බළලුන් මිස මීයන් නැත. (නි)
ඇමතිතුමාගේ පුතා මොනවා වුණත් ඇත්ත තේරුම් අරගෙන තියෙනවා, දේශපාකයෝ කරන දේ වලට රෙදි ඇදගෙන ඉන්න බැහැ කියලා. (නි)
පොලිසියටත් මේවා හොද පාඩම්. (නි)
මෙදාපාර දෙන්නගෙම පියවරු බලවත් නිසා මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
දෙන්නම ලොකු පුත්තු නිසා හැමෝම කතාකරනවා. අපි වගේ පොඩි මිනිස්සුන්ට වුණා නම් මොනවා වෙයිද? (නි)
අර පහුගිය නඩුවකදී කිවුවා වගේ, අනාගතේදී මෙයා මොන ඇමති වෙයිද දන්නේ නැහැ. (නි)
අර එයාලා ගන්නවා කියපු ඡායාරූප වල කොපියක් අපිට ගන්න පුලුවන්ද? (නි)
පුතා දහම්. තාත්තා....? (නි)
මේ ඇමතිගෙයි, අර අපේ චණ්ඩි ඇමතිගෙයි වෙනස මොකක්ද එතකොට? (නි)
ඔන්න බලා ගන්න පුළුවන් දේශපාලනයද නීතියද දිනන්නේ කියලා (දී)
මට මේ අයට කියන්න වචන නැහැ (දී)
බලන් කඩතුරා හැර දෑසේ.... මෙයයි ආසියාවේ ආශ්චර්යය. (නි)
විකාර ළමයිගේ (දී)
අනේ! ඕක කිරි සප්පයෙකුගේ පොඩි වැඩක්නේ. ගණන් ගන්න එපා. (නි)
මම කියන්නේ තාත්තලා අත දාන්න එපා මේ වැඩේට පුතාලටම බේරා ගන්න දෙන්න (දී)
අයියෝ සල්ලි (දී)
මෙතනින් පෙනෙන්නේ එකම දෙයයි. පොලිසියට ලොක්කන්ට විරුද්ධව කරන්න පුළුවන් දෙයක් නැහැ. ලංකාවේ නීතිය තියෙන්නේ පොඩි උන්ගෙන් ලොකු උන්ව බේරන්න විතරයි. ලොකු උන්ගෙන් පොඩි උන්ට බේරෙන්න පුළුවන් නීතියක් ලංකාව වගේ 3 වන ලෝකේ රටක නැහැ. (නි)
ඒ ගත්ත ෆොටෝ එක තියාගන්න. කවද හරි ඡන්දේ ඉල්ලනකොට ඡන්ද ලකුණට ගන්න පුළුවන්. (නි)
අවුරුදු 20ට ඔහොම නම් තව අවුරුදු ගාණක් ගියහම මොනවා වෙයිද? (නි)
ඒ තරම් අමාරුද (දී)
හොද නරක මොකද්ද කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු (දී)
දහතුන්දෙනා අතර සිටි කෙනාගේ නමින් අපි දන්නවා ඇමති කව්ද කියලා. ඊලග පාර අපි එයාව වැඩිම මනාපෙන් දිනවමු.(නදී)
නීතියක් කියලා එකඟ නැහැ දැන් මේ රටේ (දී)
මේ කරුණා මුදිතා තියෙන තාත්තෙක්ගේ පුතෙක්.(නදී)
පොලිස් පුතාලට මෙහෙම නම් අපි වගේ නිකම්ම පුත්තුන්ට කොහොම වෙයිද?(නදී)
මෙන්න රටේ තත්වේ. අර කොයිදේත් පුරුද්දට වගේ ‘හොද වැඩක්‘ කියන උදවිය කෝ?(නදී)
රට නැති වෙලා (දී)
අයියෝ! (නි)
මේක මේ දේශපාලනයට එන්න මූලික පෙරහුරුවක්. (නි)
තාත්තලා, බාප්පලා වගේ වෙන්නේ නැතුව ඉතින් පුතා වෙන කවුරු වගේ වෙන්නද?(නදී)
ලොකු ලොකු අයගේ වැඩ වලට මම වචනෙකින්වත් මොකුත් කියන්නේ නැහැ (දී)
තාත්තා කතාකරනකොට හරිම නිමිලා. ඒත් පුතා හෙළුවෙන් මුහුදෙ නානවා.(නදී)
පොදු ජනතාව පොඩි චරදක් කළත් හිරේ දානවා. මෙයාලට පොලිස් ඇප. ඇයි මේ වෙනස?(නදී)
අයියෝ! මේ මොකද කරගත්තේ? (නි)
මේවා අපි හැමෝටම හොද පාඩම්. ඔන්න ගන්නවා නම් හොද ආදර්ශය. ඔහොම යං.(නදී)
තාත්තලාගේ බලය පුතාලා පාවිච්චි කරනවා කියන්නේ ඕවට තමයි (දී)
එක පාරක් ඇමතිතුමා එයාගේ මල්ලි වරදක් කරපු වෙලාවේ සාධාරණය පෙන්නුවනේ. දැන් බලමු පුතාට මොකද වෙන්නේ තියලා.(නදී)
මෙයාලා හැමෝම එකයි. (නි)
බලය තියෙන තැන වරදත් නිවෑරැද්දක් (දී)
සතුන්ටත් වඩා පහත් මට්ටමේ ජාතියක්ද මේ?(නදී)
ඔන්න ලංකාවේ තත්වය (දී)
අනේ පව් අහිංසක පැටව් ටික.(නදී)
මෙයාලව වැලිකඩට යවා පුනරුත්තාපනය කරන්න.(නදී)
මොකක්ද මේ ඇමති පුතාට අපි අනාගතයේදී බාර දෙන අමාත්‍ය තනතුර? (නි)
ෂුවර් එකටම ඩී.අයි.ජී මහත්තයාව දැනටමත් තවත් දුෂ්කර පළාතකට මාරුකරලා ඇති.(නදී)
මේ දෙගොල්ලෝ ගහ ගත්තාම පොලීසිය වැඩ කරන හැටියෙන් බලා ගන්න පුළුවන් නියම බලවතා කවුරුන් ද කියලා. සාමාන්‍ය මිනිහට තමා කිසි පිහිටක් නැත්තේ. (නි)
නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කලයුතු වෙලාවක් මේ (දී)
මෙන්න රටේ හොද ප්‍රවණතාවයක් ඇති වී ගෙන යනවා. (නි)
ආ... ඕක හොද ප්‍රවණතාවයක්. (නි)
හෙහ්... හෙහ්...හෙහ්... හේරත්, පොලිසියට මේවා හොද පාඩම් වෙන්නේ කොහොමද? (නි)
මුලු රටයි, ආගමයි, ජාතියයි සියල්ලම කාලා තමයි මෙයාලා කවදා හරි නවතින්නේ. (නි)
දේශපාලනය හැමතැනම රජ වෙලා (දී)
ඔක්කොම බලය හමුවේ යටයි (දී)
ලංකාවේ නිතිය වල් වැදිලා නැහැ (දී)