ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඔහුගේ මඟ පෙන්වීම යටතේ ‘ට්‍රම්ප් ටීවී’ නමින් නව රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු ආරම්භ විය.

රුසියාවේ සහ උතුරු කොරියාවේ පවතින රාජ්‍ය මාධ්‍ය ජාලයන්ට සමානව, ට්‍රම්ප් පාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘ට්‍රම්ප් ටීවී’ නාළිකාව පැය 24 පුරා විකාශන කටයුතු සිදු කරනු ඇතැයි පැවසෙයි.

ජනාධිපති ට්‍රම්ප්​ගේ ප්‍රකාශ පැය 24 පුරා සජීවීව මෙම නාළිකාවෙන් විකාශය වෙයි.

‘ට්‍රම්ප් ටීවී’ නව නාළිකාව ආරම්භ වූයේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන බවට සහ ජනතාව නොමග යවන බවට චෝදනා කරමින්, ජනපති ට්‍රම්ප්, ‘සී.එන්.එන්’, ‘එම්එස් නව්’ සහ ‘පොලිටිකෝ’යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරය තහනම් කිරීමේ සිද්ධියෙන් දින 3 කට පසු වීම ද විශේෂත්වයකි.

ට්‍රම්ප් ‘සී.එන්.එන්’, ‘එම්එස් නව්’ සහ ‘පොලිටිකෝ’යන මාධ්‍ය ආයතවලට පැනවූ එම තහංචියට විරෝධය දැක්වීමක් ලෙස ඇමෙරිකාවේ තවත් ප්‍රධාන රූපවාහිනී නාලිකා පහකමාධ්‍යවේදීන් එත් වී ජනාධිපති ට්‍රම්ප්ගේ දෛනික පුවත් ආවරණය කිරීමෙන් ඉවත් වීමට  තීරණය කර ඇතැයි ද පැවැසෙයි.