ශ්රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද පත්කර තිබේ. විස්සයි20 පිලේ නායකත්වය දිනේෂ් චන්ද්මාල්ට හිමිව ඇති අතර ලසිත් මාලිංග උප නායකයා ලෙස කටයුතු කරයි.
ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේ සිට ලබන වසරේ (2014) ජනවාරි මස අවසන් වන පාකිස්තානු සංචාරය දක්වා මෙම පත්කිරීම් බලපැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න, අෂේන් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, කුෂල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, චානක වෙළගෙදර, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත සමීර, රංගන හේරත් සහ තරිඳු කෞෂාල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමට 25ක් විතර හිටියා නම් හැමෝටම ඕනෑ අයව ගන්න තිබුණා. (නි)
තිසරට ඕස්ට්‍රේලියා බිග් බෑෂ් එකේ ඉහළ තැනක් තිබුණ නමුත් ලංකා සංචිතයට නැහැ. (නි)
විශිෂ්ට තෝරාගැනීමක්. (නි)
කටු කොහොල් මැදින් ජය ටැඹ කරා යන්නට සියල්ලන්ටම වරම් ලැබේවා! (නි)
තිසර පෙරේරාව ටෙස්ට් වලට දාන්න ඕනෑමයි. (නි)
විස්සයි විස්සටත් ඇන්ජිලෝම නායකයා වුණොත් නරකද? (නි)
හොද තීරණයක්. (නි)
අනාගතයට හොද සැළැස්මක්... (නි)
නිහතමානිව, කාගේත් සහය එක සේ ලබාගෙන වැඩේට බහින්න. අනවශ්‍ය කැපිලි නම් දාන්න එපා. එහෙම වුණොත් නිකම්ම ලොප් වෙන්නයි සිදුවෙන්නේ. මේ කියන්නේ අපේ පොඩි එවුන්ටත් එක්කයි පුතෝ. ගම කන්නනම් එපා පැටියෝ. තරහට කියනවා නොවේ, තියෙන සෙනෙහස නිසයි මෙහෙම කියන්නේ. (නි)
තාරුණ්‍යයට ඉඩක් (දී)
කෝ තිසරලා? ඇන්ජලෝ පෙරේරලා? (නි)
ඒක හොද අදහසක් (දී)
වෙනසක් අවශ්‍යයි... හොඳ විදිහට. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල හෙට දවස ගැන හිතන්න..ජයවේවා...! (ස)
ඉහළ අයගේ උපදෙසුත් අරන් අපේ තාලෙට සෙල්ලම් කරන්න. එතකොට ගොඩ. තේරීම් කමිටු මහතුනේ මොවුන්ගේ කකුල් දෙකෙන් අදින්න නම් එපා.. (ස)
තිසර, කුලේ වගේ අය මීට වැඩිය සුදුසු නැද්ද? (නි)
සංගා, ඉක්මණින් එන්න. ඔයා නැතුව පාලුයි (නි)
චන්දිමාල්ට ටී20 නායකත්වය දුන්න එක අසාධාරණ නැද්ද? (නි)
මේකේ සමහර අදහස් නම් හරි කියල මටත් හිතෙනවා . එත් දැන් අපි කිව්වට වෙනසක් වෙන්නේ නැනේ . ඒ නිසා අපි බලන් ඉමු . මැතීව්ස් ඔබට දෙවියන් ආශීර්වාදය ලැබේව . (ස)
නවකයෙකු නායකයෙකු සඳහා පත් කිරීම වැදගත්ද (දී)
ඇත්තෙන්ම තිසර මෙම කණ්ඩායමේ සිටිය යුතුයි. (නි)
තිසරට ටෙස්ට් ගැළපෙන්නේ නැති බව මගේ විශ්වාසයයි. (නි)
ච්නදිමාල් හරියන්නේ නැහැ. අපි පලුමු ස්ථානයෙන් පහලට වැටෙනවා එහෙම උනොත්.(නදී)
කෝ තිසර පෙරේරා (ස)
විරෝධය.... චන්දිමාල්ට තියෙන සුදුසු කම මොකක්ද ලහිරැ තිරුට දුන්න නම් විශිෂ්ඨයි.. (ස)
හොඳ තේරීමක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන හිතලා ගත්ත බුද්ධිමත් තීරණයක්... මම සුභ පතනවා..(ස)
කෝ තිසර පෙරේරා... මෙතනත් මොනවා හරි වෙනසක් වෙලා වගේ... හරි අසාධාරණයි. දුකයි මේ ගැන..(ස)
රංගනට උප නායක කම දෙන්න තිබුණා..(ස)
වෙනස නම් හොදයි. (නි)
හොද තේරීමක්. (නි)
ප්‍රසන්න ජයවර්ධනට මොකද උනේ? සංචිතයේ නැද්ද? අසාධාරණයි වගේ නේද ? (ස)
ඇයි ප්‍රසන්න ජයවර්ධනව කැපුවේ? මොකක්ද ඒකට හේතුව? (නි)
ඕහ් ... චන්දිමාල් විස්සයි විස්ස එකළොස් දෙනාට හිටියෙත් නෑනේ(ස)
ෙත්රීම අසාධාරණයි වගේ නේද ? දර දිය ඇදපු ක්‍රීඩකයන්ට මොකද වෙන්නේ... ප්‍රසන්නට නායක කම දෙන්න තිබුණා නේද ? (ස)
නවක ක්‍රීඩකයන්ට ලැබුන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න හොඳ අවස්ථාවක් ! (ස)
චන්දිමාලුත් ඉවරයි එහෙනම් (ස)
ඇයි රංගන හේරත්, මැතිව්ස් මොනවද කරන්නේ? (නි)
චන්දිමාල් හරියන්නේ නැහැ අප්පා.... (ස)
තිසර පෙරේරා අනිවාර්යෙන් ජාතික කණ්ඩායමේ සිටීම අපේ රටට වාසියක්...(ස)
තිසර එක් දින (ස)
ඔබ සැබෑ නායකයෙක් (දී)
චන්දිමාල්ට වඩා තිසර හෝ ලහිරු හොඳයි. නමුත් අවස්ථාව දීල බලමු. (ස)
කෝ තිසර?? ඇයි චන්දිමාල් ???(ස)
හොද තීරණයක් (දී)
සුබපැතුම් මතිවුස් (දී)