පිටුපස ටේලි ලයිට් හෙවත් රතු පරාවර්තක නැතිව පාපැදි රාත්‍රියේ පදවන්නන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
රාත්‍රී සිදුවන අනතුරු රැසකට ලක්වූ පාපැදිවල ටේල්ලයිට් නැතැයි කියන ඔහු මේ නිසා ජීවත හානි රැසක් ද අහිමිවී ඇතැයි ද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් කියලාවත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැනේ. (නි)
රෙඩ් ටේල් ලයිට් කන්ටේනර් එකක් ගෙන්නුවා නම් තමයි හොද. (නි)
මම දැක්කා බස් කිහිපයකුත් ටේල් ලයිට් නැතුව යනවා. පොලිසිය දකින්නේ නැතුව ඇති. (නි)
අධිවේගයෙන් යන ප්‍රභූ වාහන අල්ලන බැරිනම්, නැති බැරි මිනිස්සුන්ට විරුද්දව නීතිය හරියටම ක්‍රියාකළ යුතුයි. එහෙම නොකර බෑ නේ ?(ස)
කියනවා වගේම ක්‍රියාත්මක වෙනවනම් හොඳයි (ස)
රෑට බයිසිකල් සෑහෙන්න තියෙනවා මොනම ජාතියකවත් ලයිට් නැති. (නි)
හෙඩ් ලයිට් නැත් අයට බ්ලූ ලයිට් දෙන්න. (නි)
ටෙල් ලයිට... ටෙලි ලයිට්... මක්කැයි මේ? ටේල් ලයිට් මොන වගේ ජාතියක්ද? (නි)
වාසිය කාටද ?? (ස)
ඔව් ඉතින් ලොකු වාහන වල විදුලි ලාම්පු කුඩා නිසා පාපැදි කරුවන් තියා පයින් යන අයවත් පෙන්නේ නැනේ, ඒක නිසා දෙපයින් යන අපිටත් පිටුපස ටෙල් ලයිට් දාන්න කියයිද දන්නේ නැ.නැත්නම් පස්සටත් දඩ ගහයි අනාගතේ (ස)
කට්ටියට හොඳයි එහෙනම් (ස)
කුස්සියට යන වෙලාවක් ගානේ මිනිසුන්ට බද්දක් ගහන්න පුලුවන් නම් කෑම වුණත් පාලනය කරගන්න පුලුවන්. (නි)
මීටපස්සේ පාරේ පයින් ගියත් අපිට පසුපසට ලයිට් එකක් සවිකරගන්න වෙනවා. (නි)
දුප්පත් මිනිහටයි හැම එකක්ම. වාහනවල යන අයට පේන්නේ නැද්ද ඕච්චරටම (ස)
ඕකට හොදම දේ තමා ඔය පොඩි ටේල් ලයිට් නැතුව ආරක්ෂක ලුමිනස් පටි හෝ කබා හදුන්වා දීම.මොකද එය බොහෝ දුරක තියෙන එළියකට උනත් දීප්තිමත් ලෙස පෙනෙන නිසා හදුනා ගැනීමට පහසුයි.වඩාත්ම හොද දේ හොද විදිහට ලබා දෙන්න ජනතාවට. (ස)
ගිය වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වෙන්න ඇත්තේ රිය අනතුරු නිසා වෙන්න ඇති. (නි)
හැම වාහනයක්ම විකිණිමේදි ඒවාට අවශ්‍ය හෙඩ් ලයිට්, ටේල් ලයිට් සියල්ලම ලැබේ. නමුත් දුප්පතා පාපැදිය ගැනිමේදි ඔහුට ලැබෙන්නේ ලයිට්, ටේල් ලයිට් නැති නිකම්ම පාපැදියකි. ඒ උපාංග ඔහු අමතර මුදලක් ගෙවා ලබා ගත යුතුය. දැන් ඒ මදිවාට ලයිට් නැතිව ගියොත් දඩ කැමට සිදුවේ.රජයේ යෝජනාව කාලෝචිතය. එයින් මාර්ග අනතුරු බොහෝ දුරට පාලනය කළ හැකිය.ඒ සමගම පාපැදි අලෙවි කරන වෙළදුන්ට අහිංසක දුප්පත් ජනයා හූරා කැමට ඉඩ නොදී පාපැදියට අවශ්‍ය සියලුම උපාංග සහිතව විකිණිමට උපදෙස් දිය යුතුය. එසේ කොට මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් පාපැදි පාවිච්චි කරන දුප්පත් ජනතාවගේ පැසසුමට රජය ලක්වනු නොඅනුමානය. (නි)
දැන් පාපැදිකරුවෝ නම් මාර්ග නීති කියලා දෙයක් දන්න බවක්වත් පෙනෙන්න නැහැ. (නි)
දුප්පතටම තමයි ඔක්කොම (දී)
දුප්පතාට තවත් පහරක්....(ස)
මුලින්ම කරන්න ඕනෑ හැම පාරකටම හොදට එළිය තියෙන විදුලි බුබුලු සවිකිරිමයි. (නි)
තව ටික දවසකින් පදිකයින්ටත් ඔය නීතිය දමාවිද දන්නෙ නැහැ. (නි)
බයිසිකල් නෙවේ, පාරෙ ත්‍රී වීල් කීයක් යනවද හෙඩ් ලයිට් එක විතරක් තියෙන. හිතෙන්නෙ බයික් එකක් කියල, ළඟටම ආවමයි ඒක ත්‍රීවීල් එකක් කියල පේන්නෙ. ඒවගේ ත්‍රී වීල් කීයක් කොළඹ පාරවල් වල දුවනවද? බයිසිකල් වලට නීති ගේන්න කලිං ඒව ගැන හොයල බැලුවනම් වටිනවා. (ස)
කණ් අඩි පුපුරන තරම් සද්දෙන් දුම් බට හදාගත්ත බයිසිකල් වලටත් මොකක්හරි කරන්න බැරිද? (නි)
ටේල් ලයිට් විතරද ඕනෑ? හෙඩ් ලයිට් නැති වුණාට කමක් නැද්ද එතකොට? (නි)