ටියුෂන් රැල්ලට හසු නොවී පාසල් අධයාපනය තුලින් උසස් ප්‍රථීපල ලබා ගත් මා උපකාරක පන්ති කිසිවකට සම්බන්ධ නොවූවත් මේ වන විටත් දිස්ත්‍රික් ප්‍රථමයා තමන් බිහිකළා යැයි කියමින් නොයෙකුත් ටියුෂන් කඩකාරයින් බැනර් පෝස්ටර් ගසමින් මගේ නම විකුණා කන තත්වයට පත් වී ඇතැයි මෙවර කලා අංශයේ පොදු විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත් මුළු දිවයිනෙන් හයවන ස්ථානයත් ලබාගත් මිනුවන්ගොඩ නාලන්දා:(පිරිමි) විදයාලයේ ඒ. නිශාන් ධනංජය පෙරේරා සිසුවා කියයි.
කුඩාකල සිට චිත්‍ර ඇදීමට දස්කමි පෑ ධනංජය විනෝදාංශයක් වශයෙන් සිත්තමිකරණයට යොමු වී ඇති අතර මේ වන විට සමස්ථ ලංකා චිත්‍ර තරග රැසකින්ද ජයග්‍රහන හිමිකරගෙන ඇති දක්ෂ සිසුවෙකි.
මිනුවන්ගොඩ නාලන්දා විද්යාලයේ විදුහල්පති ජේ.එච්.ආර් ජයපත්ම සහ නියෝජ්ය විදුහල්පති තිලකරත්න බංඩාර යන මහත්වරුන් පවසන්නේ ධනංජය සිසුවාගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය සියයට අනූදෙකක් වූ බවකි.
එසේම සෙසු දරුවන් විභාගය ලංවෙද්දී පෞද්ගලික පන්ති සොයා දුවද්දී ධනංජය සිසුවා ඉතා ඕනෑකමින් පාසැල් පැමිණි බවත් එය ඔහුගේ ජයග්‍රහණයට මනා පිටුවහලක් වී ඇති බවට මෙම ජයග්‍රහණය සාක්කි දරන බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්තේමත් නැහැ ගියා ගියා.(නදී)
නිශාන් ධනංජය පුතේ, ඔබට කරන්න තියෙන හොඳම දේ ඔය ටියුෂන් කාරයො කවුද කියලා නම් ගම් එක්ක මෙම තීරුවෙන් එලිකරන එකයි. (නි)
ආඩමිබරයි මල්ලී.දිනේවා නාලන්දය (ආදි නාලන්දියෙක්).(නදී)
මමත් පෞද්ගලික පන්ති නොගිහින් 2007 උසස් පෙල පාස් කලා.(නදී)
ටියුෂන් නැතුව ඉගෙන ගන්න ලංකාවේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. නමුත් අද රටේ ඒවාට ඉඩ නැහැ. (ස)
පන්ති ගියා ඒත් විභාගේ සේරම අසමත් (ස)
ඒ ළමයාගේ හැකියාවට කල නිගාවක් ඒක (දී)
ඒ වැඩේ අනුමත කරන්න බැහැ (දී)
මොකද්ද මේ කමෙන්ට් වල අග තියෙන අකුර (දී)
ඇයි, බොරු කියන්නේ. හොදට උගන්නනවානම් ළමයි එනවා (දී)
ගණන් ගන්න එපා, කවදත් උනේ ඔය වැඩේම තමයි (දී)
හරි ගියා කියමුකෝ. ගිය තරමට පාස් වෙන්න බැහැනේ.(නදී)
ඒක ඒ ලමයාටයි ඒ ළමයාගේ දක්ෂ කමටයි කල නිගාවක් (දී)
අසාධාරණ වැඩක් (දී)
ඇත්ත නම් හොඳයි... (ස)
ආඩම්බරයි... මමත් නාලන්දේ. ජයවේවා මල්ලී.. (ස)
ඇත්තටම ටියුෂන් ගියේ නැත්නම් ඔය ටියුෂන් කඩ කාරයින්ට විරුද්දව නීතිමය පියවර ගන්න.(නදී)
ආගම දහම හා රට ජාතියම විකුනාගෙන කන මේ සමාජයේ මේවත් දෙයක්ද?(නදී)
එකම දවසක් හරි ඔය කියන එකම ගුරුවරයෙකුගෙන්වත් ඉගෙන නොගත්තා නම් ඔය කියන කතාව සාධාරණයි. (නි)
මමත් උසස් පෙළ පාස් වුනේ ඔයා වගේ පන්ති නොගිහින්.(නදී)
අපේ සුභ පැතුම් මිනුවන්ගොඩට ආඩම්බරයක්.(නදී)
අද ගම්පහ විතරක් නෙමෙයි හැමතැනම ටියුෂන් මාපියාවෙන් වෙලිලා. පුතා ගැන සතුටුයි.(නදී)
අනෙක් සිසුන් නොමග යවන ඔය හොර මගඩියන්ට අධයාපන දෙපාර්තමේන්තුවෙන් හෝ නිසි නිලධාරීන් නීත්‍යානුකූලව නිසි පියවර ගත යුතුයි නේද? ඒ වගේම මේ දරුවගේ දෙමවිපියන්ටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් නේද?(නදී)
මානම් හිතන්නේ ටියුෂන් පන්තිවලට යන නිසා සිසුන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහනය කරනවා. වානිජ විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුන බැගින් ලබාගත් සිසුන් ප්‍රමානය විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගතහැකි ප්‍රමාණයටත් වඩා සිටීමෙන් එය ස්ථිර වෙනවා. (නදී)
ඔයා හොද දරුවෙක් පුතේ. ඔය විදියටම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.(නදී)
ධනංජය පුතේ බොරු කියන්න එපා.(නදී)
ගුරුවරු සැබෑ ඕනෑ කමින් විෂයන් සම්පූර්ණ් කරණව නම් පුද්ගලික පන්ති අවශ්‍ය වෙන්න නැහැ .නමුත් ගුරුවරු ම තමයි ළමයි පුද්ගලික පන්තිවලට යොමු කරන්නෙ.(නදී)
ඇයි ඉතින් ටියුෂන් කාරයොනේ අද රටේ ප්‍රධාන තැන්වල ඉන්නේ. උන්ට ඕනේ මේක විකුනගෙන කන්න තමයි.(නදී)
නිෂාන් ඔයා ගැන ආඩම්බරයි.(නදී)
ඔය ඇත්තටමද කොළුවෝ කියන්නේ.(නදී
පුද්ගලික පන්ති නොගිය එකම සිසුවා මොහු වෙන්න ඇති.(නදී)
ගෞරවය හිමිවිය යුත්තේ විදුහල්පතිට සහ ගුරුවරුන්ටයි. (නි)
විස්වාස කරන්නනම් අමාරුයි. උසස් පෙළ පාසැල් අධ්‍යාපනය ගැන අපි දන්නවනේ. සිලබස් එකවත් සම්පූර්ණ කරන්නේ නැහැ.(නදී)
ඇත්තටම මගෙනුත් සුභ පැතුම්! (නි)
ප්‍රකාශය නිවැරදි නම් වටිනා ආදර්ශයකි. සුභ පැතුම්! (නි)
සත්තටම ඇත්තයි. පාසැලෙන් විභාගය ලියලා ඉහලින්ම සමත් උනාම ආඩමිබර පාසැලටයි. නමුත් පෝස්ටර්වල දකින්නේ මේ ළමයි කවදාවත් පාසැල් ගිහින් නැති බවයි. (නදී)
මටත් ආඩම්බරයි. මොකද මමත් මිනුවන්ගොඩ. (නි)
ටියුෂන් පන්ති නොගිහින් වානිජ, විද්‍යා,ගණිතය වගේ විෂය දාරාවක් කරන්න අමාරුයි. නමුත් කලා විෂය දාරාව නමි පුළුවන් බව ධනංජය ඔප්පු කලා නේද?(නදී)
ඇයි ටියුෂන්කාරයෝ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ.(නදී)
ඇයි මල්ලි බොරු කියන්නේ. ඔයා ගම්පහ මොන්ටානා එකට ටියුෂන් ආවා කියලා ඔක්කොම දන්නවා.(නදී)