IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටියුෂන් කඩ ගම්පහ ප්‍රථමයා ‘‘විකුණයි‘‘

ටියුෂන් රැල්ලට හසු නොවී පාසල් අධයාපනය තුලින් උසස්  ප්‍රථීපල ලබා ගත් මා උපකාරක පන්ති කිසිවකට  සම්බන්ධ නොවූවත් මේ වන විටත් දිස්ත්‍රික් ප්‍රථමයා තමන් බිහිකළා යැයි කියමින්  නොයෙකුත් ටියුෂන් කඩකාරයින්  බැනර්  පෝස්ටර් ගසමින් මගේ නම විකුණා කන තත්වයට පත් වී ඇතැයි මෙවර  කලා අංශයේ පොදු විෂය ධාරාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත් මුළු දිවයිනෙන් හයවන ස්ථානයත් ලබාගත් මිනුවන්ගොඩ නාලන්දා:(පිරිමි)  විදයාලයේ ඒ. නිශාන් ධනංජය පෙරේරා සිසුවා කියයි.

කුඩාකල සිට චිත්‍ර  ඇදීමට දස්කමි පෑ ධනංජය  විනෝදාංශයක් වශයෙන් සිත්තමිකරණයට යොමු වී ඇති අතර මේ වන විට සමස්ථ ලංකා චිත්‍ර තරග රැසකින්ද ජයග්‍රහන   හිමිකරගෙන ඇති දක්ෂ සිසුවෙකි.
මිනුවන්ගොඩ නාලන්දා  විද්යාලයේ විදුහල්පති ජේ.එච්.ආර් ජයපත්ම  සහ නියෝජ්ය  විදුහල්පති තිලකරත්න බංඩාර යන මහත්වරුන් පවසන්නේ ධනංජය සිසුවාගේ පාසල් පැමිණීමේ  ප්‍රතිශතය සියයට අනූදෙකක් වූ බවකි.

එසේම  සෙසු දරුවන් විභාගය ලංවෙද්දී පෞද්ගලික පන්ති සොයා දුවද්දී ධනංජය සිසුවා ඉතා ඕනෑකමින් පාසැල් පැමිණි බවත්  එය ඔහුගේ ජයග්‍රහණයට මනා පිටුවහලක් වී ඇති බවට මෙම ජයග්‍රහණය සාක්කි දරන බවද කියති.



අදහස් (0)

ටියුෂන් කඩ ගම්පහ ප්‍රථමයා ‘‘විකුණයි‘‘

ගාර්දි.. Monday, 11 February 2013 02:36 PM

මොකද්ද මේ කමෙන්ට් වල අග තියෙන අකුර (දී)

:       0       0

මහේන්ද්‍ර Sunday, 10 February 2013 08:44 PM

ගණන් ගන්න එපා, කවදත් උනේ ඔය වැඩේම තමයි (දී)

:       0       0

ප්‍රියා Monday, 11 February 2013 10:26 AM

පන්ති ගියා ඒත් විභාගේ සේරම අසමත් (ස)

:       0       0

සිල්වා Monday, 11 February 2013 02:45 PM

ඇයි, බොරු කියන්නේ. හොදට උගන්නනවානම් ළමයි එනවා (දී)

:       0       0

හසිත Wednesday, 13 February 2013 02:21 PM

ඇත්ත නම් හොඳයි... (ස)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:33 PM

නැත්තේමත් නැහැ ගියා ගියා.(නදී)

:       0       0

රණසිංහ Monday, 11 February 2013 10:48 AM

ඒ ළමයාගේ හැකියාවට කල නිගාවක් ඒක (දී)

:       0       0

සෙනානයක Tuesday, 12 February 2013 02:47 PM

ඒක ඒ ලමයාටයි ඒ ළමයාගේ දක්ෂ කමටයි කල නිගාවක් (දී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 02:47 PM

අසාධාරණ වැඩක් (දී)

:       0       0

නාමල් Saturday, 16 February 2013 10:53 PM

එකම දවසක් හරි ඔය කියන එකම ගුරුවරයෙකුගෙන්වත් ඉ‍ගෙන නොගත්තා නම් ඔය කියන කතාව සාධාරණයි. (නි)

:       0       0

අජිත් Sunday, 10 February 2013 02:55 PM

පුද්ගලික පන්ති නොගිය එකම සිසුවා මොහු වෙන්න ඇති.(නදී)

:       0       0

සිසිර Sunday, 10 February 2013 02:56 PM

අද ගම්පහ විතරක් නෙමෙයි හැමතැනම ටියුෂන් මාපියාවෙන් වෙලිලා. පුතා ගැන සතුටුයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 10 February 2013 03:09 PM

අනෙක් සිසුන් නොමග යවන ඔය හොර මගඩියන්ට අධයාපන දෙපාර්තමේන්තුවෙන් හෝ නිසි නිලධාරීන් නීත්‍යානුකූලව නිසි පියවර ගත යුතුයි නේද? ඒ වගේම මේ දරුවගේ දෙමවිපියන්ටත් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් නේද?(නදී)

:       0       0

රෝධී Sunday, 10 February 2013 03:15 PM

මානම් හිතන්නේ ටියුෂන් පන්තිවලට යන නිසා සිසුන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහනය කරනවා. වානිජ විෂය ධාරාවෙන් ඒ සාමාර්ථ තුන බැගින් ලබාගත් සිසුන් ප්‍රමානය විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගතහැකි ප්‍රමාණයටත් වඩා සිටීමෙන් එය ස්ථිර වෙනවා. (නදී)

:       0       0

බුද්ධිත Sunday, 10 February 2013 03:18 PM

ඔයා හොද දරුවෙක් පුතේ. ඔය විදියටම ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

අසංක Wednesday, 13 February 2013 03:42 PM

ආඩම්බරයි... මමත් නාලන්දේ. ජයවේවා මල්ලී.. (ස)

:       0       0

බංඩා Sunday, 10 February 2013 03:32 PM

ධනංජය පුතේ බොරු කියන්න එපා.(නදී)

:       0       0

ජීව Sunday, 10 February 2013 03:53 PM

ගුරුවරු සැබෑ ඕනෑ කමින් විෂයන් සම්පූර්ණ් කරණව නම් පුද්ගලික පන්ති අවශ්‍ය වෙන්න නැහැ .නමුත් ගුරුවරු ම තමයි ළමයි පුද්ගලික පන්තිවලට යොමු කරන්නෙ.(නදී)

:       0       0

නිමල් Sunday, 10 February 2013 03:54 PM

ඇයි ඉතින් ටියුෂන් කාරයොනේ අද රටේ ප්‍රධාන තැන්වල ඉන්නේ. උන්ට ඕනේ මේක විකුනගෙන කන්න තමයි.(නදී)

:       0       0

අනුර Sunday, 10 February 2013 04:03 PM

නිෂාන් ඔයා ගැන ආඩම්බරයි.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 04:28 PM

ඔය ඇත්තටමද කොළුවෝ කියන්නේ.(නදී

:       0       0

ගයාන් Sunday, 10 February 2013 04:46 PM

අපේ සුභ පැතුම් මිනුවන්ගොඩට ආඩම්බරයක්.(නදී)

:       0       0

ලුෂාන්ත Sunday, 10 February 2013 04:51 PM

ගෞරවය හිමිවිය යුත්තේ විදුහල්පතිට සහ ගුරුවරුන්ටයි. (නි)

:       0       0

පුෂ්පා Monday, 11 February 2013 03:42 AM

නිශාන් ධනංජය පුතේ, ඔබට කරන්න තියෙන හොඳම දේ ඔය ටියුෂන් කාරයො කවුද කියලා නම් ගම් එක්ක මෙම තීරුවෙන් එලිකරන එකයි. (නි)

:       0       0

ඡායා Wednesday, 13 February 2013 05:06 PM

ඇත්තටම ටියුෂන් ගියේ නැත්නම් ඔය ටියුෂන් කඩ කාරයින්ට විරුද්දව නීතිමය පියවර ගන්න.(නදී)

:       0       0

පියල් Monday, 11 February 2013 05:31 AM

ආඩමිබරයි මල්ලී.දිනේවා නාලන්දය (ආදි නාලන්දියෙක්).(නදී)

:       0       0

නිරෝෂන Sunday, 10 February 2013 06:20 PM

විස්වාස කරන්නනම් අමාරුයි. උසස් පෙළ පාසැල් අධ්‍යාපනය ගැන අපි දන්නවනේ. සිලබස් එකවත් සම්පූර්ණ කරන්නේ නැහැ.(නදී)

:       0       0

හේරත් Sunday, 10 February 2013 06:25 PM

ඇත්තටම මගෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

මහේෂ් Sunday, 17 February 2013 07:03 PM

මමත් උසස් පෙළ පාස් වුනේ ඔයා වගේ පන්ති නොගිහින්.(නදී)

:       0       0

ඩොනල්ඩ් Sunday, 10 February 2013 06:54 PM

ප්‍රකාශය නිවැරදි නම් වටිනා ආදර්ශයකි. සුභ පැතුම්! (නි)

:       0       0

ඉමිටියාස් Saturday, 16 February 2013 05:00 PM

ආගම දහම හා රට ජාතියම විකුනාගෙන කන මේ සමාජයේ මේවත් දෙයක්ද?(නදී)

:       0       0

ආලෝක Monday, 11 February 2013 01:18 PM

ඒ වැඩේ අනුමත කරන්න බැහැ (දී)

:       0       0

සෑම් Sunday, 10 February 2013 07:30 PM

සත්තටම ඇත්තයි. පාසැලෙන් විභාගය ලියලා ඉහලින්ම සමත් උනාම ආඩමිබර පාසැලටයි. නමුත් පෝස්ටර්වල දකින්නේ මේ ළමයි කවදාවත් පාසැල් ගිහින් නැති බවයි. (නදී)

:       0       0

ගනේෂ් Monday, 11 February 2013 09:44 AM

මමත් පෞද්ගලික පන්ති නොගිහින් 2007 උසස් පෙල පාස් කලා.(නදී)

:       0       0

බන්දුල Sunday, 10 February 2013 07:42 PM

මටත් ආඩම්බරයි. මොකද මමත් මිනුවන්ගොඩ. (නි)

:       0       0

ගයාන් Sunday, 10 February 2013 07:59 PM

ටියුෂන් පන්ති නොගිහින් වානිජ, විද්‍යා,ගණිතය වගේ විෂය දාරාවක් කරන්න අමාරුයි. නමුත් කලා විෂය දාරාව නමි පුළුවන් බව ධනංජය ඔප්පු කලා නේද?(නදී)

:       0       0

ගෝඨාභය Sunday, 10 February 2013 08:23 PM

ඇයි ටියුෂන්කාරයෝ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ.(නදී)

:       0       0

කමල් Sunday, 10 February 2013 08:28 PM

ඇයි මල්ලි බොරු කියන්නේ. ඔයා ගම්පහ මොන්ටානා එකට ටියුෂන් ආවා කියලා ඔක්කොම දන්නවා.(නදී)

:       0       0

එම් විමල හිමි Monday, 11 February 2013 10:18 AM

ටියුෂන් නැතුව ඉගෙන ගන්න ලංකාවේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. නමුත් අද රටේ ඒවාට ඉඩ නැහැ. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 February 2013 06:58 AM

හරි ගියා කියමුකෝ. ගිය තරමට පාස් වෙන්න බැහැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site