ඉදිරි වසර 5 ක කාල සීමාව සඳහා ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ නිළ පන්දු සපයන්නා වශයෙන් කටයුතු කිරීමට ඩන්ලොප් ආයතනය ඉදිරිපත් වී සිටී. ඒ සඳහා වූ ගිවිසුමට පසුගියදා ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී අත්සන් තැබිණ.
මෙම අනුග‍්‍රාහකත්වයේ එක් අංගයක් ලෙස ක‍්‍රියාත්මක වන පිට පළාත් පාසල් ටෙනිස් ක‍්‍රීඩකයින් දිරිමත් කිරීමේ වැඩසටහන යටතේ පසුගිය කාල සීමාව තුළ සුවිශේෂී දස්කම් දැක්වූ මීගමුව ප‍්‍රදේශයේ පාසල් ටෙනිස් කී‍්‍රඩකයකු වන ෂෙහාන් පෙරේරාට අනුග‍්‍රහය දැක්වීමටද ඩන්ලොප් ආයතනය ඉදිරිපත් වී සිටී.
ඩන්ලොප් ආයතනයේ එකම ශී‍්‍ර ලංකා නියෝජිතයා වන රල්හම් ඇඟලූම් කම්හලේ කළමණාකාර අධ්‍යක්ෂක එම්. මොහොමඞ් මහතා විසින් ෂෙහාන් පෙරේරාට ටෙනිස් කී‍්‍රඩා උපකරණ කට්ටලයක් පිරිනමන ලද අවස්ථාව ඡයාරූපයෙන් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට යන්න පුතේ. ඔබට ජය ! (ස)