IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජලීල් ඡන්ද 7000 සීමාව පසුකරයි

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේදී සිව්වැනි සතිය වන විට ඡන්ද 7108 ක් ලබාගනිමින් තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී තිබේ. ඡන්ද 3391 ක් ලබාගෙන රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ගෙවී ගිය සතිය තුළ තර්ස්ටන් විද්‍යාලයේ ජලීල් ඡන්ද 1634 ක් ලබා ගනිද්දී රිච්මන්ඞ් විද්‍යාලයේ ටිරෝන්ට ලබා ගත හැකිවී ඇත්තේ ඡන්ද 24 ක් පමණි.

ඔවුන් දෙදෙනාට අමතරව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත (2096) සහ ත‍්‍රිත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1423) ඡන්ද 1000 කට වැඩියෙන් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.

පසුගිය සති 2 ඇතුළත නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණට පැමිණි කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් මේ සතිය තුළදී ඡන්ද 179 ක් ලබාගෙන සමස්ත ඡන්ද 340 ක් සමගින් තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබේ.

ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡන්ද 2379  ක් ලබා ගෙන තව දුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ඔහු විසින් පසුගිය සතිය තුළ ඡන්ද 1202 ක් ලබාගෙන තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වලද සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේද පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 7108
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3391
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 2096
දිනුක වික‍්‍රමනායක ත‍්‍රිත්ව විදුහල 1423
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල    797
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 373
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 363
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 174
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 166
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 155
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 122
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 97
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 79
සන්ජික රිද්ම මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 47

 

නැගී එන පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
සංජු ශාරුක් කැළණිය විද්‍යාලෝක විදුහල 340
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 163
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 86
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 72
සදීප ලක්ෂාන් බලවන වේයන්ගොඩ 19
නිපුන යතිදුර කැළණිය ධර්මාශෝක 13

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල 2379
සසිත රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 75

 

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. රොශේන් ටෙ‍්‍රවිස්, ඔ/භ/6, ටෝනි මාවත, ගලගහව, හැඳල, වත්තල
2. චරිත් මධුෂාන්, ‘සමනල පාසල්’ මාවත, බෙරන්නාව, යටියන්තොට
3. කශ්මි දිසානායක, 24/6, කෝනිලියස් පෙදෙස, කොරලවැල්ල, මොරටුව
4. ටී. හෙන්ස්මන්, 60, මුහන්දිරම් පාර, කොළඹ 3 



අදහස් (0)

ජලීල් ඡන්ද 7000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site