IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජයලලිතාට ශ්‍රී ලංකා භීතිකා වැඩිවේ

ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා  ජවන හා මළල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේනම්,    තමිල් නාඩුවේ පැවැත්වීමට ඉඩ නොදෙන බවට තමිල් නාඩු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් මහා ගෝරනාඩුවක් නගයි.

ජිනීවා මානව හිමිකම් සැසි වාරයට සමගාමීව ශ්‍රී ලංකා විරෝධීන් ගෙන යන  අසත්‍ය ප්‍රචාරයන් ගේ එල්ලී එම චෝදනා උපුටා දක්වමින් ජයලලිතා පවසන්නේ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගීවීම තමිල්නාඩුවේ ජනයාගේ "හිතරිදවිය හැකි" කරුණක් වන බවයි.

20 වෙනි ආසියා  ජවන හා මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාවට අවස්ථාවක් ලැබී ඇත්තේ වසර 20කට පසුවය.

මෙයට අමතරව ලබන මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව සිය ඡන්දය පාවිච්චි කළ යුතු බවද ජයලලිතා අවධාරණය කරයි.

ජයලලිතා නායකත්වය දරන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය මන් මොහාන් සින් සභාග රජයේ ප්‍රබල කොටස් කරුවෙකි.

ගිය වසරේ ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව සිය ඡන්දය භාවිතාකළේද ජයලලිතාගේ තර්ජන නිසා බව වාර්තාවිය.



අදහස් (0)

ජයලලිතාට ශ්‍රී ලංකා භීතිකා වැඩිවේ

සමන් Thursday, 21 February 2013 05:43 PM

ලලිත සලිත වෙනවා වැඩියි. (නි)

:       0       0

අනුර Thursday, 21 February 2013 05:52 PM

දැන්නම් හොදටම පිස්සු වගෙයි. (නි)

:       0       0

ජයා Thursday, 21 February 2013 05:59 PM

මේක හරි වැඩක් උනානේ (දී)

:       0       0

හිල්ම් Thursday, 21 February 2013 06:45 PM

ලංකාවට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ (දී)

:       0       0

අරුණ Thursday, 21 February 2013 07:36 PM

අනේ පව් ජයලලිතා.(නදී)

:       0       0

අරුණ Thursday, 21 February 2013 07:33 PM

අනේ පවු ජයලලිතා. අපි බයේ දුවයි. (නි)

:       0       0

ජූඩ් Thursday, 21 February 2013 08:22 PM

ඒකතමයි ඇන්ටන්. තවම එයා දන්නෙ නැහැ සිංහලයන්ගේ හැටි. (නි)

:       0       0

හේරත් Saturday, 23 February 2013 02:37 AM

අනේ පොඩ්ඩක් ඔලුවෙන් හිතන්නකෝ. (නි)

:       0       0

ලීල් Friday, 22 February 2013 12:14 AM

තම්ල්නාඩුවේ අයට හිතට දුක ඔබ ක්‍රීඩා නොකරන නිසයි.(නදී)

:       0       0

චාමිණී Friday, 22 February 2013 02:42 PM

ඒක ඇත්ත සජීව.(ස)

:       0       0

ජූඩ් Friday, 22 February 2013 02:38 AM

ඕවට ආවොත් නම් ඉතින් පරාජය ලලිතා පරාජය රාම් කියලා තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

ඩයස් Friday, 22 February 2013 06:23 AM

ලංකාවයි දකුණු ඉන්දියාවයි එකතු කරලා රාජ්‍යක් පිහිටවන්නනේ සිහින මැවුවේ. ප්‍රභා අපාගත වුණාට පස්සේ ජයාලගේ සිහින පාටපාට සිහිනයක් වෙලා. බොද මීදුම් වෙලා. (නි)

:       0       0

සජීව Friday, 22 February 2013 09:11 AM

අපිනම් බය වෙයි.(නදී)

:       0       0

ඇන්ටන් Thursday, 21 February 2013 04:15 PM

අනේ! එයාට කවුද බය? නේද ලක් වැසියනේ? (නි)

:       0       0

ඇන්ඩි Friday, 22 February 2013 09:14 AM

අපිට වීර ගජබා හමුදාවක් සිටියදී අපි කාටවත් බයවෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

මෝරාළ Thursday, 21 February 2013 04:15 PM

හොද තරගයක් බලන්න පුලුවන් වේවි. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 21 February 2013 04:18 PM

ටික ටික රෝග ලක්ෂණ පෙන්නනවා වගෙයි. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 04:24 PM

ජිනීවා ළං වෙනවනේ. ඒකයි. (නි)

:       0       0

දිල්කි Thursday, 21 February 2013 04:23 PM

අනේ අනේ අපි බයයි ඔයාට. (නි)

:       0       0

රත්න Thursday, 21 February 2013 04:26 PM

තමිල්නාඩුවේත් ඉන්නේ ලංකාවේ වගේම "දේශපාලන කට්ටියක්. (නි)

:       0       0

සදුන් Thursday, 21 February 2013 04:33 PM

ජයලලිතා ඔහොමද දන්නෙ නැහැ ඡන්ද ගන්නේ ? (නි)

:       0       0

පහන් Thursday, 21 February 2013 04:52 PM

ගෝඨාභය මහත්තයත් සරත් ෆොන්සේකා මහත්තයත් එකම වේදිකාවකට එනතුරු අපි බලාගෙන ඉන්නවා. එකට සිටිය යුතු මිනිසුන් විරසක වීම අපේ අවාසනාව. රටේ අවාසනාව. (නි)

:       0       0

නිශා Thursday, 21 February 2013 05:15 PM

අපේ එක්කෙනා සජිත්ට බයයි. එයා ජයලලිතාට බයයි. (නි)

:       0       0

සරත් Thursday, 21 February 2013 05:13 PM

ඔය නෝනගේ කට වහන්න පුලුවන් එක්කෙනාටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site