IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජයකොඩි මාස තුනෙන් යයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද එම දූරයෙන් පොලිස් විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ජයකොඩි මහතාට දෙවනවර එම දූරයේ කටයුතු කිරීමට හැකිවූයේ මාස තුනක් පමණි.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් විභාග කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිරිවර්ධන මහතා  අද වැඩබාර ගැනීමට නියමිතය.



අදහස් (0)

ජයකොඩි මාස තුනෙන් යයි

ගාමිණී Tuesday, 26 February 2013 02:49 PM

හරිම කණගාටුයි. ලංකා පොලිසියේ හිටපු හරිම දක්ෂ අවංක නිලධාරියෙක්. (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 07:55 AM

වැඩේ මේ සැරේ හරියට කරන්න නැතුව ඇති.(නදී)

:       0       0

ජගත් Tuesday, 26 February 2013 08:04 AM

අද ඇත්ත කථා කරන්න බැහැ. රටක නීතියට වල් වැදිලා. උසාවියට, පොලීසියට ගුටිකාලා බලා ඉන්න වෙලා (ස)

:       0       0

සිල්වා Tuesday, 26 February 2013 08:18 AM

මීට වඩා වැදගත් රාජකාරියකට යොමුකරවන්න ඇති.(නදී)

:       0       0

සමන් Tuesday, 26 February 2013 03:43 PM

අරුණ, සිසිර, මම අගය කරනවා ඔයාලගේ අදහස් ඇත්ත ඇති සැටියෙන් දැක්වීම ගැන... (ස)

:       0       0

රකිත් Tuesday, 26 February 2013 08:31 AM

අපේ පොලිසියේ මහත්තුරු දැන් මාරු වෙන්නේ හරියට සංගීත පුටු තරඟයක වගේනේ.(නදී)

:       0       0

අජිත් කුමාර Tuesday, 26 February 2013 09:28 AM

අර ඇමති පුතාගේ සහ පොලිස් පුතාගේ කතාව ප්‍රවෘත්ති වලට කියපු නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

සුනේත්‍රා Tuesday, 26 February 2013 09:29 AM

ඒ මොකද? හේතුව අපිට කියන්න බැරිද?(නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 26 February 2013 09:31 AM

ඕන විදියට වැඩේ කරලා නැහැ.(නදී)

:       0       0

නිශ්ශංක Tuesday, 26 February 2013 10:36 AM

කව්රු මොනවා කිව්වත් පොලිසි පොලිසියම තමයි. බලු වලිගේ උන පුරුකේ දාලාවත් ඇද අරින්න බැහැ කියනවනේ.(නදී)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 10:50 AM

මේ ගොල්ලෝ දාම් අදිනවා. පාලකයින් කියන විදියට වැඩ කරනවා.(නදී)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 10:51 AM

නැහැ මේක සුහද මාරුවක් වගේ.. මෙයා එතැනට එයා මෙතැනට. අවුලක් නෑ. ඒ ගොල්ලන්ගේම පොලිසියනේ...(ස)

:       0       0

ශීලා Tuesday, 26 February 2013 10:51 AM

ඇයි ඔබ තුමා මොනවට හරි බැහැ කිව්වද?(නදී)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 10:56 AM

මොකක් හරි අවකැපෙන කථාවක් කියන්න ඇති (ස)

:       0       0

ටිකිරි Tuesday, 26 February 2013 11:25 AM

අනේ මන්දා පොලිසියට ගිය කල. වනේ වන හතුරෙකුටවත් මෙවගේ දෙයක් සිද්ද වෙන්න එපා.(නදී)

:       0       0

පද්මි Tuesday, 26 February 2013 11:52 AM

මටත් කියන්න තියෙන්නේ ටිකිරි කී ටිකමයි. වනේ වන හතුරෙක්ටවත් මේ තනතුරට යන්න සිද්ද වෙන්න එපා. (ස)

:       0       0

අරුණ-කටාර් Tuesday, 26 February 2013 12:07 PM

ඌව පලාතේ ඩී.අයි.ජී වෙනුවෙන් කරපු ප්‍රකාශය නිසයි මාරුවීම ලැබුනේ. අර මංජුල තිලකරත්න මහත්තයට කලා වගේ.(නදී)

:       0       0

සිසිර Tuesday, 26 February 2013 12:07 PM

ශ්‍රී ලංකාවේ තියෙන පොලීසියෙ රස්සාවට යනවට වඩා හොඳයි පොල්ගෙඩියක් කඩලා කීයක් හරි සොයා ගන්න එක. ඒකෙත් ගෞරවයක් තියෙනවා. පේනවානේ හැමදාම වෙන දේවල්. ගුටි කනවා. නෑ කියනවා. දුක හිතෙනවා.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site