ශ්රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ මරණය සැක බවට ඔහුගේ පුත් හරීන් ඩයස් කළ ප්‍රකාශය නිසා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කළේය. ලන්ඩනයේ පදිංචි හරීන් ඩයස් මහතා මරණය සැක සහිත බව නීතීඥ සංගමය මගින් පොලීසියට දැන්වීය. පාර්ශ්ව දෙකක් මරණය ඉල්ලා සිටී. ඔහු මියගියේ පසුගිය 18 වැනිදාය. පදිංචිව සිටියේ කොල්ලුපිටියේ කැමරන් පෙදෙසේය. මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුවක් නොදැක්විණි. ජනාධිපති නීතීඥ සී ආර් ද සිල්වා මහතා පැවසූවේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ලවා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි. ඔහුට දුන් බෙහෙත් ද, ඔහු මිය ගිය ස්ථානය ද පරීක්ෂා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. මරණ පරීක්ෂණ වාර්තාව සිකුරාදා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පුතාලා ඉන්නවද? (නි)
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පුතාද ? (ස)
වන්නිල ඇත්තොන්ට කියමු මේක විසඳලා දෙන්න කියලා (ස)
හරින් පුතේ ඇත්ත කියන්න. (ස)
අනේ මෙහෙමත් දේවල්.... අනිච්චං දුක්කං සංසාරේ කිවුවලු. (නි)
ඇත්තටම තාත්තාට ආදරයටද? නැත්නම් දේපළ ප්‍රශ්නයක්වද්ද? (නි)
බලමුකෝ වෙන දේ (නි)
මටත් සැකයි. ඕකත් මැරෙන වයසක්ද? (නි)
92ක් වුණත් මරණය සැක නම් ඒ ගැන හොයන්න ඕනෑ (නි)
මටත් සැකයි. අවසාන කාලයේ රැකබලාගත් අයට පින් සිදු වෙනවා. (නි)
පාර්ශ්ව දෙකක් මරණය ඉල්ලා සිටීම ! මරනයට හේතුවක් නොදෑක්වීම ! සෑක සහිතවීම ! වයස 92 ! උහතෝකොටික ප්‍රශ්නයක්? (ත)
මේක සල්ලි වලට තියෙන ආසාව වෙන්නත් පුලුවන්. (නි)
තාත්තට 92 ක්. පුතා ලන්ඩන් වල... ඔච්චර කැක්කුමක් තිබ්බ නම් එක්කෝ ලංකාවට ඇවිත් තාත්තව බලා ගන්න එපැයි. ඔය කියන්න හදන්නේ මෙහෙ අවුරුදු 92ක් ම බලාගත්ත මිනිස්සු මේතාත්තව මරා ගත්ත කියලනේ.. බලාගත්ත මිනිස්සු හිටියේ නැත්නම් ඔය තාත්ත මැරිච්ච තැන වල ගසුත් පැල වෙලා. අනේ මෙහෙමත් පුතාලා.!(නු)
අයියෝ සල්ලි
මදිද අනූ දෙකක් හිටියා..!(නු)
විකාර.... (නි)
නිදහස් සටනේ පුරෝගාමියාගේ මුනුපුරගේ පුතා පදිංචිය සුද්දගේ රටේ. (ත)
බලමුකො, මේකට මොකද වෙන්නේ කියලා. (ත)
92 දිත් මැරෙන්නෙ නැත්නම් 200 දි ද මැරෙන්නෙ..!(නු)