ශ්‍රී ලංකා නිදහස් සටනේ නායකයකුවූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවෙන්ද මරණයට හේතුව ප‍්‍රකාශ කළේ නැත. තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව ඔහුද කියා සිටියේය. මරණය සැකසහිත බව පීරිස් මහතාගේ පුත් හරීන්ද්‍ර ඩයස් මහතා කියා සිටීම නිසා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. පීරිස් මහතා මියගොස් අදට දින නවයකි. ඔහුගේ පළමු විවාහයේ පුත් හරීන්ද්‍ර ඩයස් මහතාද දෙවැනි විවාහයේ බිරිය ටෙක්ලා ප‍්‍රනාන්දුද අවසන් කටයුතු සඳහා සිරුර ඉල්ලූහ. පානදුර පවුලේ සොහොන් බිමේදී සෙනසුරාදා පස්වරු හතරට දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් අවසන් කටයුතු කරන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා කොල්ලූපිටියේ සිට පානදුර සොහොන්බිම දක්වා ආරක්ෂාව සලසන ලෙස කොල්ලූපිටිය පොලිසියට නියෝග කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ට නොසලකන, මිය ගියාම බූදලේට රණ්ඩු කරන අයව ගෙනියන්න ඕනි වන්නිල ඇත්තෝ ලඟට (ස)
නිහඩ බව හොද නැත. සම්පුර්ණ කතාවම දැම්මනම් තමයි හොද (ස)
පොලිස් ආරක්ෂාව දෙන්නේ යම් ප්‍රහාරයක් එල්ල වේවි කියලද? (නි)