IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජේම්ස් පීරිස් මුණුබුරු අවමගුලට පොලිස් ආරක්ෂාව

ශ්‍රී ලංකා නිදහස් සටනේ නායකයකුවූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මුණුබුරු ගැමුණු පීරිස් ඩයස් (92) මහතාගේ දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවෙන්ද මරණයට හේතුව ප‍්‍රකාශ කළේ නැත. තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව ඔහුද කියා සිටියේය. මරණය සැකසහිත බව පීරිස් මහතාගේ පුත් හරීන්ද්‍ර ඩයස් මහතා කියා සිටීම නිසා දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. පීරිස් මහතා මියගොස් අදට දින නවයකි. ඔහුගේ පළමු විවාහයේ පුත් හරීන්ද්‍ර ඩයස් මහතාද දෙවැනි විවාහයේ බිරිය ටෙක්ලා ප‍්‍රනාන්දුද අවසන් කටයුතු සඳහා සිරුර ඉල්ලූහ. පානදුර පවුලේ සොහොන් බිමේදී සෙනසුරාදා පස්වරු හතරට දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් අවසන් කටයුතු කරන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා කොල්ලූපිටියේ සිට පානදුර සොහොන්බිම දක්වා ආරක්ෂාව සලසන ලෙස කොල්ලූපිටිය පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

ජේම්ස් පීරිස් මුණුබුරු අවමගුලට පොලිස් ආරක්ෂාව

ගලබොඩ Friday, 26 October 2012 05:25 PM

දෙමව්පියන්ට නොසලකන, මිය ගියාම බූදලේට රණ්ඩු කරන අයව ගෙනියන්න ඕනි වන්නිල ඇත්තෝ ලඟට (ස)

:       0       0

කුමාරි Saturday, 27 October 2012 10:03 AM

නිහඩ බව හොද නැත. සම්පුර්ණ කතාවම දැම්මනම් තමයි හොද (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:54 PM

පොලිස් ආරක්ෂාව දෙන්නේ යම් ප්‍රහාරයක් එල්ල වේවි කියලද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site