බොල්ගොඩ ගගේ මොරටුව වලානේ මෝය කටෙන් මුහුදට ගසා ගෙන ගිය සිරුර ශ්‍රී ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තෙවැනි වසරේ ලලිත් ගුණරත්න ශිෂ්‍යාගේ බවට හඳුනාගත්තේ යැයි පොලිසිය කියයි. කහවත්ත යාඉන්නේ පදිංචිව සිටි ලලිත්ගේ මරණය අභිරහසක් බව ඔහුගේ මව එස්.ඒ. හීන්මැණිකේ මහත්මිය ද පියා එන්.ජී. ගුණරත්න මහතාද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඉක්මනටම හොයා ගන්න (දී)
අයියෝ පවු! (නි)
දියේ ගිලිලා මොනතරම් මිනිස්සු මැරෙනවද? (ස)
අපරාදේ කොච්චර වටිනා ජීවිතයක්ද (ස)
මේව සහගහන අපරාධ, දිට්ඨ ධම්මවේදනිය කර්මය පස්සෙන් පන්නාවි එදාට මේවා කරපු අයට ඒ අපරාධ මතක් වේවි. (ස)
මැරුවද, වැටුනද, දිවිනසා ගත්තාද (දී)
රටේ නිතිය වල් වැදිලා අධර්මය රජ කරනවා (ස)
ඉක්මණට මිනිය ගොඩට ගන්න. (නි)
ලංකාව දැන් අරාජික තත්ත්වයට පත්වෙලා. (නි)
ඔබට නිවන් සුව. මේවගේ දෙයක් යලි කවදාවත් නොවේවා (දී)
අසරණ ළමයා, ඔබට නිවන් සුව (දී)
රටේ නීතිය වල්වදිමින් යන අතර සියල්ලන් තම බලය රැක ගැනීමට වෙහෙසනු විනා යුක්තිය, සාධාරණය, සදාචාරය ගැන තැකීමක් නොකරයි. (නි)
මීට වඩා භයානක කාලයක් තිබුණා... (නි)
ඒ ගැන හොයල බලන්න (දී)
මේක දිවිනසා ගැනීමක් හෝ මිනීමැරුමක් වෙන්න බැහැ. මේක පිටුපස පලිගැනීමක් ඇති. විශ්ව විද්‍යාලයට ඇවිත් අවුරැදු තුනක් ඉගෙනගෙන මෙහෙම දිවිනසාගන්නේ නැහැ. තන අවුරුද්දකින් හොද රැකියාවක් පෙනි පෙනී එහෙම වීම පිලිගන්න අමාරුයි. කරුණාකරලා මේවා හොයන්න නැත්නම් ඉන්න බුද්ධිමතුන් රට හැර යයි.(නදී)
කව්රු උනත්, කොහොම උනත් රටට පාඩුවක්.(නදී)
මම හොදටම දන්නවා. මේ ළමයව මරලයි තියෙන්නේ. මුනින් අතට පිරිමි දියේ ගිලෙන්නේ නැහැ. ගැහැණු තමයි මුනින් අතට දියේ ගිලින්නේ. පොලිස් මහත්තුරු හොයා ගනියි.(නදී)
මට හිතෙන්නේ කුමාර හරියි කියලා. (නි)
සිය දිවි නසාගැනීමක් නම් කණගාටුයි. නමුත් ඝාතනයක් නම් ඒක පවක්. (නි)
අයියෝ පවු.(නදී)
මේ විදියට පින්තූර දාන්න එපා. අම්මා තාත්තට දුක හිතෙයි. බලන අයටත් එහෙමයි.(නදී)
දැන් ලංකාවේ හැටියට ඉස්සර වෙන කෙනා දිනුම්. ඒක හොඳ හෝ නරක ප්‍රශ්නයක් නැ.. (ස)
මට හිතෙන්නෙ මෙවැනි ඡායා රූප ප්‍රසිද්ධියේ පළ කිරීම මිය ගිය අයට කරණ නිගරුවක්, ඒත් දැන් බොහොමයක් මාධ්‍ය වලින් මේවා දැක ගන්න පුළුවන්.(නදී)
අයියෝ ..............(ස)
මහ අපරාධයක් තමයි. (නි)
අසරන අමිම තාත්තගේ බලාපොරොත්තු. විශ්ව විද්‍යලයට යන්නේ පාඩම් කරලා දුක්විදලා ඉගෙනගෙන. නමුත් විශ්ව විද්‍යාලයට ගියාම එක එක අයගේ අතකොළු වෙනවා. මේ ළමයිගේ ජීව්ත විනාශ වෙනවා. මේ අයගෙන් වෙන වෙන අය ප්‍රයෝජන ගන්නවා.(නදී)
පලි ගැනීමක්ද?(නදී)
විශ්ව විද්‍යාලයට යන්නේ ඉගෙනගෙන අම්මගේ තාත්තගේ පැතුම් ඉටුකරන්න. ඒකට ගියහම සත්තු වගේ ඇන කොටාගෙන මරා ගන්නවා. මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ.(නදී)
සත්‍ය නොදැන එක් එක් පාර්ශව වලට චෝදනා කරන එක වැරදියි. (නි)
දෙයියෝ සාක්කි! මේ අපේ ලංකාවමද? හිතන්නත් අමාරුයි. (නි)
මිනිය ඉක්මණට ගොඩට ගන්න නරක් වෙන්න කලින්, මැජික් බලන්න වගේ බලාගෙන ඉන්නෙ නැතුව. (නි)
මහ අපරාධයක් තමයි. (නි)
දැන් මේකටත් ආන්ඩුවට බණීවි. (නි)
අනතුරක්ද ? අපරාධයක්ද ? මොකක් වුණත් අපරාදේ ජීවිතයක් (ස)
මේකත් කහවත්තේ ඝාතන රැල්ලෙන් එකක්ද දන්නේ නැහැ.(නදී)
ලක් මෑණියන්ට තවත් බුද්ධිමතෙක් අහිමි වුනා.(නදී)
කවදාහෝ සත්‍ය හෙලිවෙයි.(නදී)
ජේ.වී.පී. ය සහ අන්තරය මෙයට වගකිව යුතු බවයි මගේ අදහස. (නි)
කුමාර, ඔයා ලංකාවේ විශ්ව විද්‍යාලෙකට ගියේ නැති කොට ඒවා ගැන දන්නේ නැහැනේ. දන්නා දෙයක් කතා කරන්න. හිතේ තියෙන ඉරිසියාව වචන වලින් පේනවා. (නි)
මම එංගලන්තයේ ඉන්නේ. මෙහේ මාස අටකට සැරයක් මරණයක්. ලංකාවේ හැමදාම මරන 7ක්. මොකද මේ වෙලා තියෙන්නේ?(නදී)
තවත් අහිංසක ජීවිතයක්. සමහර අය දාන්නං වාලේ ප්‍රතිචාර දානවා. අපි මෙතන තීරකයෝ නොවෙයිනේ. මේක හදිසි අනතුරක් වෙන්නත් පුළුවන්/සියදිවි නසාගැනීමක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මිනීමැරුමක් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ලංකාවේ ජනතාව මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න නොඉවසිල්ලෙන් සිටින බව වගකිවයුතු අංශ දැනගත යුතුයි.(නදී)
බුද්ධිමත් අය ජීවිත හානි කරගැනීම අල්පයි. (නි)
මේක දැන් රටක්ද? නැත්නම් සත්තු වත්තක්ද? හැමදාම මිනීමැරුම්. (නි)