පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කළ හැකි පරිසර හිතකාමී රික්සෝවක් හෙවත් ත‍්‍රිරෝද රියක් ජපානයේ යොඩෝගාවා සමාගම නිපදවයි. එම සමාගම මේ රිය හඳුන්වනුයේ විදුලි රියක් ලෙසයි. තිදෙනකුට ගමන් කළ හැකියි.එය මීටර් 2.5 දිග මීටර් 1.2 පළල මීටර් 1.6 උසැතිය. සම්ප‍්‍රදායික ජපාන නිර්මාණ අනුව ස්වභාවික ද්‍රව්‍යවලින් නිපැදවූ මේ රියේ තට්ටුව පදම් කළ උණ ගස්වලින් නිපදවා තිබේ.ශ්‍රී ලංකා මුදලින් එහි මිල රුපියල් ලක්‍ෂ 14 කට ආසන්නය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපනා හපනා කියන්නේ නිකන්යැ?
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී කියල කිව්වෙත් අපි.. රාවණා රජ්ජුරුවෝ දඩුමොනරෙන් ගියා කියල කිව්වෙත් අපි... ඒත් අද අපි කරත්තයක්වත් හදනවද...?
ඉන්දියාව මේකත් කොපිකර අපේ රටටත් එවාවි."ඉන්දියනු දේ සිරි සැපදේ!" දැන්වත් වැරදි නිවැරදි කර ගනිමු.රට සුරකින්නට මහ පරිමාණයෙන් ඉතිරි කරමු.
ඒකත් ලක්ෂ 14 ද? - ලේසි නෑ. ඕකට තීරු බදු එහෙම වදුනාම - ලක්ෂ 20 ක් විතර වෙය්
මෙහි අධික මිල සංසන්දනය කිරීම සඳහා: එක්වර චාජ්කිරීමෙන් කි.මී.60ක දුරක් පැ.කි.මී. 30 පමණ වේගයෙන් පැදවියහැකි ලිතියම් බැටරි පාපැදියක අද ලෝක වෙළඳපොලේ සාමන්‍ය මිල රැපියල් 40000 ක් පමණ වේ.