එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා පදනම් විරහිත අස්ථාන චෝදනා ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු එසේ කියනුයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අලුත්ම විකාශනයක් සම්බන්ධයෙනි.
කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුතා පණ පිටින් සිටින පින්තූර ද, මළ පසු පින්තූර ද විකාශනය කරමින් බොරු චෝදනා ඉදිරිපත් කරන බව ඔහු කියයි.
බොරු, බාගෙට බොරු, දූෂමාන ආරංචි හා කටකතා මගින් හමුදාවට එරෙහි ප්‍රචාර ගෙන යන බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා නොනගා සාක්කි ඇත්නම් කළ යුතු වන්නේ රජයට හෝ හමුදාවට ඒවා ඉදිරිපත් කිරීම බවත්, පිළිගත හැකි සාක්කි අනුව එසේ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන බව ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ජිනීවා සමුළුව එන විට බේගල් ඇදබානවා‘
කුරේ Tuesday, 19 February 2013 06:14 PM
චැනල් ෆෝ රූපවාහිනියේ වැඩ තවම ඉවර නැහැ වගේ (දී)
ලලිත්-එස්.එල් Tuesday, 19 February 2013 06:33 PM
ඔවුන්ගේ බේගල් වලට උත්තර දෙන්න රජය පැත්තෙනුත් ජාත්‍යන්තර ශක්තිමත් වැඩ පිලිවෙලක් තිබිය යුතුයි. අපේ රටේ මහජනතාවට මොනවා කිව්වත් වැඩක් නැහැ.(නදී)
කිවි Tuesday, 19 February 2013 06:48 PM
බොරුව රජකරන ලංකාවේ ඇත්තක් කිවුවත් කවුරුවත් පිළිගන්නේ නැහැනේ. (නි)
චනුද්‍රකුමාර Tuesday, 19 February 2013 07:27 PM
අනේ මහත්තයෝ ජිනීවා සමග මොන කතාද?(නදී)
සදුන් Tuesday, 19 February 2013 07:37 PM
මේ ගොල්ලන්ට දුක ඔවුන්ගේම නිර්මාණයක් වන ප්‍රභාකරන් මරා දැමීමයි.(නදී)
ක්‍රිස්ණ Tuesday, 19 February 2013 10:25 PM
කවුද සර් බේගල් ඇදබාන්නේ.(නදී)
ලියනගේ Wednesday, 20 February 2013 04:38 AM
ඒගොල්ලන්ගේ හැටි දැනගෙනත් අපි අපි ඇනකොටා ගන්න නරකයි. (නි)
කුරුවිට Wednesday, 20 February 2013 04:01 PM
ලංකාවේ හමුදාව රබර් සෙරෙප්පු දාන්නේ නැහැ. මම දැක්ක පින්තූර 3 ක්. අනික වෙඩි වැදුනානම් ඇස් දෙක පියවෙන්නේ නැහැත මේක අමුලික බොරුවක්.(නදී)