එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා පදනම් විරහිත අස්ථාන චෝදනා ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු එසේ කියනුයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අලුත්ම විකාශනයක් සම්බන්ධයෙනි.
කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුතා පණ පිටින් සිටින පින්තූර ද, මළ පසු පින්තූර ද විකාශනය කරමින් බොරු චෝදනා ඉදිරිපත් කරන බව ඔහු කියයි.
බොරු, බාගෙට බොරු, දූෂමාන ආරංචි හා කටකතා මගින් හමුදාවට එරෙහි ප්‍රචාර ගෙන යන බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා නොනගා සාක්කි ඇත්නම් කළ යුතු වන්නේ රජයට හෝ හමුදාවට ඒවා ඉදිරිපත් කිරීම බවත්, පිළිගත හැකි සාක්කි අනුව එසේ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් ෆෝ රූපවාහිනියේ වැඩ තවම ඉවර නැහැ වගේ (දී)
ඔවුන්ගේ බේගල් වලට උත්තර දෙන්න රජය පැත්තෙනුත් ජාත්‍යන්තර ශක්තිමත් වැඩ පිලිවෙලක් තිබිය යුතුයි. අපේ රටේ මහජනතාවට මොනවා කිව්වත් වැඩක් නැහැ.(නදී)
බොරුව රජකරන ලංකාවේ ඇත්තක් කිවුවත් කවුරුවත් පිළිගන්නේ නැහැනේ. (නි)
අනේ මහත්තයෝ ජිනීවා සමග මොන කතාද?(නදී)
මේ ගොල්ලන්ට දුක ඔවුන්ගේම නිර්මාණයක් වන ප්‍රභාකරන් මරා දැමීමයි.(නදී)
කවුද සර් බේගල් ඇදබාන්නේ.(නදී)
ඒගොල්ලන්ගේ හැටි දැනගෙනත් අපි අපි ඇනකොටා ගන්න නරකයි. (නි)
ලංකාවේ හමුදාව රබර් සෙරෙප්පු දාන්නේ නැහැ. මම දැක්ක පින්තූර 3 ක්. අනික වෙඩි වැදුනානම් ඇස් දෙක පියවෙන්නේ නැහැත මේක අමුලික බොරුවක්.(නදී)