(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞදියේදී මරණ දඬුවමට නියම වී සිටින සිවරාසා අනෝජන්ට ජීවිත සමාව ඉල්ලා ජනාධිපති අනුර කුමාර මහතාගේ ලිපියක් ඉතා ඉක්මනින් එරටට යවන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් එම ලිපිය සෞදියට ගැවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ කාරණය සම්බන්ධයෙන් රජය උපරිම අවධානය යොමු කරමින් කටයුතු කරන බව කී අමාත්‍යවරයා ඒ සඳහා සියලු පාර්ශ්ව වල සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා  සිටියේය.

අමාත්‍යවරයා මේ බව කීවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.