2013-2015 මධ්‍ය කාලීන සැලස්මෙහි ඇතුළත් කරුණු හා ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යංශවලට යෑමට සැරැසෙයි.
පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම මෙම 18 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ආරම්භ කරයි.
ජනාධිපතිවරයා මාර්තු පළමු වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට සහ මාර්තු අට වැනිදා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයට යන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.
මෙහිදී අමාත්‍යංශවල සැලසුම් අඩුපාඩු, ජනතාවට ලැබෙන සහන, ඉදිකිරීම් හා කාර්ය සාධන දර්ශක ආශ්‍රිතව 2012 වසර පාදක කරගෙන 2013, 2014, 2015 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ගැන සාකච්ඡා කර බවත් වීරතුංග මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි.......(ස)
ජනාදිපති තුමනි ඔබ තුමා ඔය රට හදන්න දෙන ප්‍රතිලාබ මහජනතාවට ලැබෙන හැටි ඔබතුමා හරියට දන්නේ නැහැ. ඔබතුමාගේ අත්දෙකෙන් දෙන කියක් හරි තමයි ඒ අයට හරියට ලැබෙන්නේ . නැත්නම් 50% ඇමතිට ඒ මුදලෙනුත් 20% පලත් සබා මන්ත්‍රි තුමාට . ඒ මුදලෙනුත් 15% ප්‍රාදේශීය සභා පති තුමාට ,10% ප්‍රදේශීය සභා මන්ත්‍රි තුමාට ඊට පස්සේ ඉතින් තව කාටද මේවා බෙදෙන්න දෙයක් ඉතිරිවෙලා තියෙන්නේ ? තව ඉවර නැහැ 5%ග්‍රාමසේවක ,3% සමුර්දි නියාමකලා මේ විදියට බෙදිලා ගියාම. දුප්පතාට ලැබෙන්නේ මොනවද ? රට හදන්න නම් ඇස් අරින්න ඕනේ මෙන්න මේවට (1) දේශපාලකයෙකුට ගෙවල් කියක් තියෙනවද? ඉඩම් කියක් තියෙනවද ? වාහන කියක් තියෙනවද?හොටෙල් ,අමතර අදායම් .(නදී)
ඇමතිවරු ගැනත් සොයා බලන්න ඕනෑ. (නි)
අපි සියලු දෙනා අගය කලයුතුයි ඒ වැඩේ (දී)
මෙය ඇත්තෙන්ම ක්‍රියාවට නැංවිය යුතුමය. (නි)
ලංකාවේ අමාත්‍යංශ 65ක් තියෙන එකේ කොච්චර කල් යාවිද? (නි)
ඔහොම කිය කියා යන්න එපා. හදිසියේම දිගුදුර මෙහෙයුමෙහි යෙදෙන්න. එතකොට තමා බුදු දහමෙ හැටියට ඇත්ත ඇති සැටියෙන් දකින්න පුලුවන්. මූනිච්චාවට ඔබව සනසන නිළධාරින්ගේ අදහස් වලට වඩා පොදු ජනයාගේ අදහස් යෝජනාවලට අවස්ථාවක් දෙන්න. ජනතාව ඔබට ගොඩක් ආදරෙයි. ඒ ජනතාවම ඔබට ප්‍රතිඋපකාර කරයි . එයයි නියම පරම සත්‍ය. (නි)
මේ ක්‍රමය එවකට සිටි ප්‍රේමදාස මහත්තයා ක්‍රියාත්මක කළා. (නි)
ජනපතිතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! (නි)
අපි වයසට යද්දී හිතන්නේ අපි විසින් වැරදි වැඩ අත්හැරිය යුතු බවයි. නමුත් ඇත්ත වශයෙන්ම වන්නේ වැරදි වැඩ විසින් අපිව අත්හැරීමයි. (නි)
ජනාධිපතිතුමාට තිබුණේ නොකියාම යන්න. (නි)
හරියටම ඇත්ත දැනගන්න ඕනෑ නම් කරන්න තියෙන්නේ අප්‍රසිද්ධියේ හදිසියේ කඩාවදින එකයි. (නි)
දැඩිව අගය කලයුතු වැඩක් (දී)
ගරුකළ යුතු අදහසක්. ක්‍රියාවට නැංවීම ඊටත් වැඩ වටිනවා. අමාත්‍යාන්ශ ඇමති,ලේකම්,සාකච්චා කාමර වලට පමණක් නොවේ විශේෂයෙන් අනිකුත් තැන් වලට ගොස් නිරීක්ෂණයක යෙදෙනවානම් පවතින සම්පත් විනාශය සියසින්ම දැකබලා ගන්න පිළිවන්.රාජකාරිමය කාර්යක් සිදු නොවුවත් කමක් නැහැ, රටේ සිදුවෙන සම්පත් හානිය මේ තුලින් හරිවලක්වා ගන්න පිළිවන් නම් ලොකුම ලොකු දෙයක් වෙනවා. (දී)
වරදට දඩුවම තානාපති පදවියක් (ස)
දඬුවම සංස්තා සභාපති කමක්...(ස)