මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ පැවති 2011 ”ජෝනා ජෝන්ස්” ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලියේදී කොළඹ නාලන්දා විද්‍යාල රිදී කණ්ඩායම බඳුන කාණ්ඩයේ අනුශූරතාවයද, එම විදුහලේ සුලෝහිත කණ්ඩායම ”පළග” කාණ්ඩයේ අනුශූරතාවද හිමිකර ගත්තේය. මෙම තරගාවලිය සඳහා මලයාසියාව, හොංකොං, සිංගප්පූරුව, චීන, තායිපේ, පිළිපීනය, හොන්ඩුරාස්, පීජි දුපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් 8ක කණ්ඩායම් 16ක් සහභාගි වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයෙන් රිදී සහ සුලෝහිත යන කණ්ඩායම් දෙකක් ඊට සහභාගි වූහ. අසංක මදුරංගේ නායකත්වයෙන් යුත් රිදී කණ්ඩායමට නුවංග ලක්ෂාන්, චතුර රන්දිත, චමුක නලින්ද, සඳුන්නෙත් වීරසිංහ, දිලීප් ශා්‍යාමන්ත, බෝදන ජීවන්ත, අංජන ජයෝධ, ඉසුරු ප‍්‍රසාද්, නිමේෂ් නෙත්මල්, යශෝද ප‍්‍රනාන්දු, චේතිය කවිඳු ඇතුළත් වූහ. සුලෝහිත කණ්ඩායමේ නායකත්වය එස්.යූ. දිගල්ල විසින් දැරූ අතර කසුන් ජයන්ත, නඳුන් ඩයස්, හිරන්ත සිරි කුමාර, විකුම් ප‍්‍රනාන්දු, චලන දේශාන්, තනුර ගෙවින්, පසිඳු මහසෙන්, අඛිල අපලේ, තිලින අනුරාධ, දුලාජ් තාරක, අචිර සමරනායක සහ දුලක්ෂිත මාරසිංහ ඇතුළත්වූහ. ප‍්‍රධාන පුහුණුකරු ලෙස චින්තක මිලින්ද ද, සහයක පුහුණුකරු ලෙස සුරංග අරුණ ශාන්ත සහ කණ්ඩායම බාර බලධාරීන් ලෙස නිරෝෂ් පෙරේරා සහ රනිල් ගුණසේකර යන මහත්වරුද සංචාරයට එක් වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්