IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියට වාර්තාගත සහභාගිත්වයක්

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන නොවැම්බර් 1, 2, 3 යන දිනවල සුගතදාස පිටියේදී පැවැත්වේ. මෙවර 90 වැනි වතාවට සංවිධානය කෙරෙන තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1300 දෙනෙක් සහභාගි වෙති. මෙම තරගාවලියට වසරකදී මෙතෙක් ඉදිරිපත්වූ වැඩිම අයැදුම්පත් ගණන මේබව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා පැවැසීය. මෙවර ජාතික තරගාවලියේදී දක්ෂතා දක්වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එළඹෙන සාෆ් කී‍්‍රඩා උළෙලට මෙන්ම ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කෙරෙන ජාතික මලල කී‍්‍රඩා සංචිතයට ඇතුළත් කර ගැනෙති. ”නවදිල්ලි” නුවරදී ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී සාෆ් කී‍්‍රඩා උළෙල පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ”චෙන්නායි” නුවරදී 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ ලබන ජූලි (2013) 4 වැනිදා සිට 7 වැනිදා දක්වාය. තරග ඉසව් 44ක් මෙවර ජාතික ශුරතාවලියට ඇතුළත් වෙන අතර ඒ සඳහා මෙරට නමගිය මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියලූ දෙනා සහභාගිවන බවත් ජාතික සංචිතයේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තරගාවලියට සහභාගිවීම අනිවාර්යකර ඇති බවත් මාධ්‍ය හමුවේදී සුනිල් ජයවීර මහතා පැවැසීය. නොවැම්බර් 3 වැනිදා පස්වරු 5ට පැවැත්වෙන ජය සංකේත ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහභාගිවීමට නියමිතය. මෙවර තරගාවලියේ අනුග‍්‍රහය දේශීය මලල කී‍්‍රඩාවේ අලූත්ම නිල අනුග‍්‍රාහකයා බවට පත්ව සිටින ලංකා බැංකුව විසින් දරයි. ඔවුන් දේශීය මලල කී‍්‍රඩාව නගා සිටුවීම සඳහා මෑතදී රුපියල් මිලියන 23ක ප‍්‍රදානයක් සිදු කළේය. ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියට අනුග‍්‍රහය දක්වන ලංකා බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිලකරත්න මුතුගල මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ  භාණ්ඩාගාරික චන්දන ඒකනායක  මහතාට බාරදුන් අනුග‍්‍රාහක චෙක්පත ඔහු විසින් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මහතාට පිළිගන්වන ලද අයුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර, ප‍්‍රධාන ලේකම් රියර්අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු,  යන මහත්වරු ද මෙහි වෙති.      (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියට වාර්තාගත සහභාගිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site