ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 44 වැනි ජාතික කැරම් ශුරතාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 6 වැනිදා අවසන්වේ. තරගාවලිය මෙම මස 18 වැනිදා මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී ආරම්භවේ. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගළ හා මිශ‍්‍ර යුගළ ඉසව්වලින් සමන්විත මෙම තරගාවලියට වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ ඉසව්වක් ද ඇතුළත් කර තිබේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී චමිල් කුරේ පිට පිටම අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් වැඩිම වරක් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. තරග අයැදුම්පත් පිළිබඳ වැඩි විස්තර 0112725896 යන දුරකතන අංකයෙන් ලබාගත හැකිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd