ස්පීඞ් 2012 මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාව ආරම්භ කරමින් පැවැති පළමු අදියරේ තරගාවලියේ වැඩිම ධාවකයන් පිරිසක් සහභාගි වු යතුරු පැදි ඉසව්වෙන් ලාබාල සොහොයුරන් වන ජේඩන් ගුණවර්ධන සහ අරෝන් ගුණවර්ධන පළමු හා දෙවැනි ස්ථාන ලැබුහ.
පන්නල ස්පීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී අද (12) සවස නිමාවු මෙම තරගාවලියේ ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. 4 ස්ට්‍රොක් තනි සිලින්ඩර යතුරු පැදි ඉසව්වට තරගකරුවෝ 20 දෙනෙක් සහභාගි වුහ. මෙම ඉසව්වේ ශූරයා වන 9 හැවිරිදි ජේඩන් ගුණවර්ධන සහ 8 හැවිරිදි අරෝන් ද ඉදිරිපත්ව සිටීම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි ලොකු කුඩා කාගේත් අවධානයට යොමු වු ඉසව්වක් විය.
තරගය ආරම්භයේ සිට ජේඩන් පෙරමුණ ගැනීමට සමත්වුවද අරෝන් ට තරගයේ ආරම්භය පමාවිය. කෙසේ වෙතත් වට 8 කින් සමන්විත වු මෙම ඉසව්වේ පළමු ක‍්‍රීඩකයන් සිවුදෙනා අතරට සැමවිටම එක් වන අරෝන් එහිදී සිය යතුරු පැදිය හරිහැටි පාලනය කරමින් සිය සොහොයුරුට හොද තරගයක් ලබාදීමට සමත්විය. ජේඩන් සහ අරෝන් සෙසූ ධාවකයන්ට වටක් ද තබමින් තරගය අවසන් කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම සොහොයුරන් දෙදෙනාගේ පියා වන්නේ ප‍්‍රවීණ යතුරු පැදි ධාවක ෂේන් ගුණවර්ධනයි. ඔහුගේ මග පෙන්වීම යටතේ මෙම ලාබාල ධාවකයන් දෙදෙනා මේ වන විට අන්තර්ජාතික තරග අත්දැකීම් පවා ලබා තිබේ.
එස්. එල්. ජී.ටී. 3500 සී.සී. වේගවත් මෝටර් රථ ඉසව්වේ අවසන් වටයේදී එහි ශූරයකු වන දිනේෂ් දෙහෙරගොඩ, පසිදු පීරිස් අබිබවා යමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය. පසිදු ට එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්වෙන් ද හිමි වුයේ දෙවැනි ස්ථානයයි.
ඡායාරූප: ශාන්ත රත්නායක

2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේඩන් - අරෝන් සොහොයුරෝ යතුරු පැදියෙන් දස්කම් දක්වති