
(ෂේන් සෙනෙවිරත්න)
මෙරට අධික ඉන්ධන භාවිතය හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බැවින් ඒ පිළිබඳව චීන රජය අවධානය යොමු කොට මෙරටට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100 ක් කඩිනමින් ලබාදීමට සැලසුම් කොට තිබෙන බව මෙරට චීන තානාපති චී වොන් හොංග් මහතා මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් හමුවේ පැවසීය.
මෙරට චීන තානාපති චී වොන් හොංග් මහතා, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක නාහිමියන් බැහැදක දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය මෙන්ම චීන ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් තානාපතිවරයා ඒ බව මහා නා හිමිවරුන් හමුවේ පැවසීය.
එහිදී චීන තානාපතිවරයා අවධාරණය කර සිටියේ එම බස් රථ මහනුවර, ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල ධාවනය සඳහා යෙදවීමට ලබා දෙන බවත් එම එක බස් රථයක් අමෙරිකානු ඩොලර් 225,000 (දෙලක්ෂ විසිපන්දහසක්) පමණ වටිනාකමකින් යුතු වන බවත්ය. චීනයේ මේ වන විට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ විදුලි වාහන බවත් මෙරට විදුලි වාහන භාවිතාව වැඩි කිරීම සඳහා චීන රජයේ සම්පූර්ණ සහාය ලබා දෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd