
(රෝෂන් තුෂාර)
රුපියල් මිලියන 147 බැංකු ගිණුම් පවත්වාගෙන ගියේ යැයි කියන බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි සැකකාරියගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ප්‍රතික්‍ෂේප කළේය .
සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කෙරිණි.
ඇප මත සිටින සැකකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නීතීඥවරයා කරුණු දක්වමින් ,සැකකාරියගේ දරුවා කුඩා බැවින් ඇප කොන්දේසිය "මසකට වරක් අවසන් ඉරු දින රහස් පොලිසියේ පෙනී සිටීම යනුවෙන් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය .
රහස් පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
සැකකාරිය ට අයත් බව කියන බැංකු ගිණුම් 4 ක ඇති රුපියල් ලක්ෂ 80 අධික මුදලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විමර්ශන ප්‍රගතිය මැයි මස 07 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd