(ගයාන් සූරිය ආරච්චි)

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ වෙළෙඳ සල් හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ දරුවන් දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු ඊයේ (22) අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 ක් සහ මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13  ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබලදීම යටතේ සැකකරු වෙරළබඩ අනූපහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.