ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 44 වැනි ජාතික කැරම් ශුරතාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවයි. තරගාවලිය පෙබරවාරී මස 18 වැනිදා මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී ආරම්භවේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී චමිල් කුරේ පිට පිටම අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් වැඩිම වරක් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. වසර අටක් පුරා ජාතික කැරම් ශූරතාව රැක ගෙන සිටින චමිල්ට මෙවරත් එය දිනා ගැනීමට හැකි වේවිද යන්න මෙවර තරගාවලියේ වඩාත් අවධානය යොමු වන සිදුවීම වනු ඇත. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගළ ඉසව්වලින් සමන්විත මෙම තරගාවලියට වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ ඉසව්වක් ද ඇතුළත් කර තිබේ. තරග අයැදුම්පත් බාර ගැනීම පෙබරවාරී මස 6 වැනිදා අවසන්වන අතර තරගාවලිය පිළිබඳව විමසීම් 0112725896 යන දුරකතන අංකයෙන් ලබාගත හැකිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd