IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘චැනල් ෆෝර් දර්ශන බොරු‘

එංගලන්තයේ ස්වාධීන වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වන කැලම් මෑක්රේ ගේ " ශ්‍රී ලංකා ඝාතන රැල්ල" නමිවු තුන්වන චිත්‍රපටයේ දැක්වෙන බොහෝ දර්ශන නිර්ව්‍යාජ නොවන බව මේ පිළිබඳව සොයාබෑලු බොහෝ දෙනා පවසති. විශේෂයෙන් ප්‍රභාකරන්ගේ බාල පුතාවූ බාලචන්ද්‍රන් ලෙස හඳුන්වන අයෙකු මියගොස් ඇති ආකාරය දක්වන නිශ්චල ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධී බව ඔවුහු පෙන්වා දෙති. 

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් මැක්රේ නිෂ්පාදනය කළ මුල් චිත්‍රපට දෙකම විකාශනය කෙළේය. ඉන් දෙවෙනි චිත්‍රපටයේද ප්‍රභාකරන්ගේ පුතාගේ යැයි කිවූ මළසිරුරක් පෙන්වන ලද අතර ඒගැන දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කරනු ලැබීය. එම ඡායාරූපයේත් අලුතින් එළි දක්වා ඇති එවැනිම ඡායාරූප දෙකත් අතර විශාල වෙනස්කම් දක්නට ලැබෙතියි එය බැලූ බොහෝ දෙනෙක් කියති.

 අලුත් ඡායාරූපයේ යට කොටසේ එම පින්තූරය ගත් පුද්ගලයාගේ  සෙවනැල්ල දක්නට ඇත. හිසට කිට්ටුව සෙරෙප්පු සහ සපත්තු පැළඳගත් පා දෙකක් අක්නට ඇත. කලින් පෙන්වූ ඡායාරූපයේ මේ දෙකම දක්නට නොලැබෙයි. මේ නිසා එම පින්තුර දෙක නිර්ව්‍යාජ  ඒවා ලෙසින් පිළිගත නොහැකි බව මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සන් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න කියයි. මෙම ව්‍යායාමයේ එකම පරමාර්ථය මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් රැස්වීමේදී ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කිරීම බව ද මෙහි පිටුපසින් ඉන්නේ විදේශගතව ඉන්නා කොටි හිතවාදීන් බව හොඳටම පැහැදිලිවන බවද ඔහු කියයි.

කැලම් මෑක්රේ ගේ අලුත්ම චිතපටය පැය එකහමාරක් දිග බවත්  එය ප්‍රථමවතාවට ප්‍රදර්ශනය කිරීමට සුදානම් කර ඇත්තේ ජිනීවා සම්මේලනය අතර වාරයේදී බවත් දැනගන්නට ඇත.

මීටපෙරද මක්රේ හැදු චිතපට පෙන්වූයේ  ජිනීවා සම්මේලනය  ආසන්නයේය. මෙයින්  ඔවුන්ගේ යටි පරමාර්ථ පැහැදිලිවන බව කියන  වික්‍රමරත්න මහතා, ගිය වසරේ ජිනීවා සම්මේලනය පැවතී දිනවල එම ශාලාවේදී මක්රේ හමුවූ බවත්  එහිදී ඔහුගේ චිත්‍රපටවල ඇති පක්ෂපාතී භාවය සහ ශ්‍රී ලංකා විරෝධී භාවය ගැන දීර්ග වශයෙන්  කරුණු ගෙනහැර දැක්වූ බවත් කීවේය.

මැකරේ අඟහරුවාදා ඉන්දියා   මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ " ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දින කිහිපයේ තුල සිදුවූ යුද අපරාධ සඳහා කෙලින්ම ශ්‍රී ලංකාවේ දෙදෙනකු වන කිය යුතු බවයි.



අදහස් (0)

‘චැනල් ෆෝර් දර්ශන බොරු‘

ජගත් Thursday, 21 February 2013 12:01 AM

මොකද්ද අප්පා මේ නොවිසදෙන ප්‍රශ්නය (දී)

:       0       0

ප්‍රසන්න Thursday, 21 February 2013 11:21 AM

රැවටෙන්න එපා (දී)

:       0       0

ජෝයි Thursday, 21 February 2013 02:08 AM

මෙයාලා එදා ඉදලාම අපේ රටට කලේ වින්නෑහියක්ම තමා. නමුත් තමන්ගේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් ලෝකය පුරා විසිරී සිටින වග අමතකද? එදා එයාලගේ උපක්‍රම අද අපි පාවිච්චි කරන වග ඒ අය දෑන් දන්නවා. මගේ ජීවිතයත් මගේ රටත් දෙකක් නොව එකක් බව දෑනගනිව්. එල්.ටී.ටී. එකට ප්‍රතම වෙඩි මුරය යුරෝපය තුල එල්ල කලේ අපි බවත් දෑනගනිව්. (නදී)

:       0       0

රකිත් Thursday, 21 February 2013 02:57 AM

හලීම්, ඔයාද ඡායාරූප ශිල්පියා? එහෙනම් ඔයා බොරුවක් කරලා තියෙන්නේ?(නදී)

:       0       0

තරංග Thursday, 21 February 2013 03:07 AM

මොකාක් හරි කියනවා කාලෙකට (දී)

:       0       0

බන්දුල Friday, 22 February 2013 10:34 PM

මේ ප්‍රශ්නයේදී කොටින්ට වඩා නරක, එයාලා මෙහෙයවන සමහර බටහිර රටවල්. (නි)

:       0       0

අසේල Thursday, 21 February 2013 12:36 PM

එක පාරකුත් බොරුයි කියල කියුවා නේද (දී)

:       0       0

කාන්ති Thursday, 21 February 2013 12:55 PM

සිංහලයිනි පෙළ ගැහෙන්න (දී)

:       0       0

අනුර Wednesday, 20 February 2013 08:01 PM

පුතා ගැන කතා කරනවා. තාත්තා කරපු දේවල්? (නි)

:       0       0

සුජිත් Thursday, 21 February 2013 06:55 AM

ත්‍රස්තවාදීන් සිංහල ගම් වලට පැනලා දරුවන් සිය ගණන් කපා කොටා මරා දැමූ එ‍කේ, මොකද මේ එක ළමයෙක් ගැන මෙච්චර කෑගහන්නේ? (නි)

:       0       0

හලීම් Wednesday, 20 February 2013 08:04 PM

මේක ජෙනුයින් ඡායාරූපයක්. (නි)

:       0       0

මහීන් Wednesday, 20 February 2013 08:13 PM

ප්‍රවෘත්තියක් වන්නේ මෙය බොරුවක් යයි නොකිවුවා නම්ය. (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 08:18 PM

අපි අපේ රට වෙනුවෙන් කැප වෙමු (දී)

:       0       0

ඉෆ්රාන් Thursday, 21 February 2013 01:48 PM

කොටි ලංකාවේ කරපු දේවල් කියලා දෙන්න කාලේ හරි වගේ (දී)

:       0       0

රංජිත් Thursday, 21 February 2013 07:49 AM

ලංකාවේ හමුදාව රබර් සෙරෙප්පු දාන්නේ නැහැ. එල්.ටී.ටීය තමයි රබර් සෙරෛප්පු දැම්මේ. අපේ හමුදාවට ඇති තරම් හැමදේම ලැබුනා.(නදී)

:       0       0

අජිත් Thursday, 21 February 2013 07:49 AM

හිටපු හමුදාපති ජෙනරල් පොන්සේකා මෙයට සුදුසු පිළිතුරු දුන්නා.(නදී)

:       0       0

රංජිත් Thursday, 21 February 2013 07:52 AM

මේකේ අන්තිම ෆොටෝ එකේ පෙනෙන සෙරෙප්පු සහිත කකුල් කොටින්ගේ. අපේ හමුදාව සෙරෙප්පු කෑලි දාගෙන හිටියේ නැහැ කොයිම වෙලාවකවත්, ඉතින් තව මොනවද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 20 February 2013 08:36 PM

කැබිතිගොල්ලෑවේ දරුවන් කීදෙනෙක් ඔය පුතාගේ තාත්තා මරා දැම්මාද? (නි)

:       0       0

සදුනි Wednesday, 20 February 2013 08:52 PM

චැනල් ෆෝර් හැමදාම අපට කළේ හතුරුකම්මයි. (නි)

:       0       0

සනත් කුමාරසිංහ Thursday, 21 February 2013 08:25 AM

ඇයි මොකද ඇමරිකන් කට්ටිය මොකද්ද කියන්නෙ අපිත් ඔට්ටුයි ඕන දේකට. අපි සිංහල මව් කිරි බීල හැදුන කොල්ලො. එක සිංහල බෞද්ධයෙකුට අත තියන්න දෙන්නෙ නෑ (දී)

:       0       0

සේරසිංහ Thursday, 21 February 2013 08:33 AM

නමුත් තමන්ගේ රටට ආදරය නොකරන ශ්‍රී ලාංකිකයන් ද ලෝකය පුරා විසිරී සිටින වග අමතකද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 21 February 2013 08:52 AM

අවුරුදු 30ක් තිස්සේ ප්‍රභාකරන් දරුවෝ කී දාහක් නම් මරලා ඇද්ද? (නි)

:       0       0

තාරක Wednesday, 20 February 2013 09:09 PM

100% බොරු (දී)

:       0       0

කුරුවිට Thursday, 21 February 2013 03:10 PM

ප්‍රභා සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි කී දෙනෙක්ව මැරුවද? (නි)

:       0       0

හනිස් Thursday, 21 February 2013 09:14 AM

අපි කොහොමද ඒක ඔප්පු කරන්නේ. මම ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා (දී)

:       0       0

ඉම්රාන් Wednesday, 20 February 2013 09:40 PM

මුල ඡායාරූපයෙ කලිසම කලුයි. අනෙක් එකේ කහ පාටයි? (නි)

:       0       0

තංගවේලු Thursday, 21 February 2013 03:38 PM

මේ ඡායාරූප සියල්ල තනිකරම බොරු. (නි)

:       0       0

ඉසුරු Thursday, 21 February 2013 09:47 AM

අපි හඩ නගා කියමු (දී)

:       0       0

සනත් Thursday, 21 February 2013 09:52 AM

100% බොරු (දී)

:       0       0

හිල්ම් Wednesday, 20 February 2013 10:12 PM

කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසන්න ඕනේ (දී)

:       0       0

සුමිත් Wednesday, 20 February 2013 10:36 PM

දන්නා මිනිහා දන්නවා ඇත්ත නැත්ත (දී)

:       0       0

ශාන් Thursday, 21 February 2013 10:25 AM

සනත්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

රත්නපාල Thursday, 21 February 2013 10:31 AM

සනත් මෝඩ විහිලු දාන්න එපා. (නි)

:       0       0

සනත් Thursday, 21 February 2013 10:42 AM

ව්‍යාජ කියලා ඉතින් කෙළින්ම කියන්නකෝ. (නි)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 10:49 AM

අපි ලෝකෙටම කෑගහලා කියමු අපිට කොටි කරපු වැඩ (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 20 February 2013 11:19 PM

ආයේ එකේ කතා දෙකක් නැහැ (දී)

:       0       0

සකු Wednesday, 20 February 2013 11:21 PM

කාගේ උසි ගැන්වීමද මේවා (දී)

:       0       0

නිහාල් Thursday, 21 February 2013 10:58 AM

අපි නම් පිලි ගන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site