බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව ළඟදීම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන් දෙකක් ප‍්‍රචාරය කිරීමට යතියි අන්තර්ජාතික මාධ්‍ය කියයි.
ශ්‍රී ලංකාවේ පැවති ත‍්‍රස්තවාදයේ නිමාව සහ ඉන්පසු ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳ විකෘතිකළ පණිවිඩයක් රැගත් වාර්තා වැඩසටහන් කීපයක්ම විකාශනය කර ඇත.
මෙය ”මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලයේ සැසිවාරය ඉලක්ක කරගනිමින් කරන තවත් කුඩුකේඩු වැඩක් බව එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා පවසයි.
ගිය වසරේ ජිනීවා සම්මේලනයට ස්වාධීන නියෝජිතයකු වශයෙන් සහභාගිවූ වික‍්‍රමරත්න මහතා එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යේජනාව ඉදිරිපත් කළ ඇමරිකානු නියෝජිත ඩොනාහීච් සමග දීර්ඝ වශයෙන් තර්ක කළේය.
වික‍්‍රමරත්න මහතා මෙවර සම්මේලනයට ද සහභාගි වීමට බලාපොරොත්තු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1971 සහ 1989 දකුණේ කලබල කාලේ වුණ දේවල් වාර්තා කරන්න චැනල් 4 අය කොළඹ ආවද? (නි)
බය වෙන්න එපා (දී)
අපි වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? (නි)
චැනල් 4 කරන වැඩේ හරි.. ඒත් කරන මාර්තුකාවයි වැරදි... මේ වීඩියෝ එක කරන්න ඕන ලංකාවෙ දේශපාලකයන්ගේ දූෂණ ගැන..!(නු)
ඩග්ලස් වික‍්‍රමරත්න මහත්මා නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබට ජය! (නි)
අපේ ලංකාවේ පාර්ලිමේන්තුව වගේ එකක් එහෙත් ඇති. (නි)
ඒක අශෝභන වැඩක් තමයි.. ඒ උනත් දැං දැං අපේ රටේ සිදුවන දේවල් දිහා බලනනෙකාට කොතනක හරි කෙළවරක් දකින්න ඕන.. අපිට ඕන නිදහසේ ජීවත් වෙන්න. (නු)
මේ චැනල් 4 අයටත් වෙන වැඩක් නැද්ද දන්නෙ නැහැ..!(නු)
"නිමල් 2013-01-09 02:54:24 1971 සහ 1989 දකුණේ කලබල කාලේ වුණ දේවල් වාර්තා කරන්න චැනල් 4 අය කොළඹ ආවද? " එහෙම එන්න අවශ්‍ය වුණේ නැතිලු. ඇයි ඔයාලට ඉතිහාසේ අමතකයිද?
මෙයාලා හැමදාම අපට ලෙඩ අදිනවා. (නි)
මේකෙ වැඩකරන අයටත් ලංකාවට මඩ ගහන්න තියෙනවානම් වෙන දෙයක් නැහැ වගේ..!(නු)
මෙයාලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?(නු)
ඉතා අශෝභන වැඩක් (දී)
චැනල් 4ට බැරිද දැන් දැන් ලංකාවේ වෙන දේවල් ගැන දාන්න? (නි)
සිංහලෙන් තර්ක කරන්න තිබුණානම් යවන්න අය ගොඩක් හිටියා..!!(නු)
ඉතාලි වල ඉන්න කට්ටිය ලන්ඩනයට ගිහිල්ලා මේකට හොද පාඩමක් උගන්වන්න ඕන..!(නු)
අපි චැනල් 4 කට්ටියවත් පාර්ලිමේන්තුවට ගෙන්නා ගමුකෝ. (නි)
කාටවත් බැහැ ලංකාව අස්තාවර කරන්න (දී)
මම නම් කියන්නේ අපි වැරද්දක් කරලා නැහැනේ බය වෙන්න එපා (දී)
මේ මිනිස්සු ලංකාව දිනාගත් සාමයට අකමැති මොකද (දී)
පනින රිලවුන්ට ඉනිමං තියනවාන වගේ අපිත් ලොක් නීති උල්ලංගනය කරලා ඒ අයට යන්න පාර හදන එකනේ කරන්නේ.. (නු)
ලලිත් නිවැරදියි. (නි)