හැම පක්ෂයකම සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනා එකතුකරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුව ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහනුවරදී කීවාය.
මහනුවර පුෂ්පදාන ශාලාවේ පැවැති විජය කුමාරතුංග ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය එසේ කීවාය.
අද සමහරු මට කතා කරන්නත් බයයි. මා සමග කතා කරන්නත් එපා කියා උපදෙස් දී තිබෙනවා. යුද්ධය දිනුවේ මගේ ආණ්ඩුව කාලේ ගෙනා අවි ආයුදවලින්. ඒක ෆොන්සේකා මහත්තයත් දන්නවා. අප කෆීර් ගෙන්නුවා. එක් යානාවක් කෝටි 150ක් වටිනවා. අප එහෙම මුදල් වැය කරලත් රජයේ සේවක පඩිය පස් ගුණයකින් වැඩි කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපු පොරොන්දු සහ කරපු වැඩ ගැන ඉක්මනට ලැයිස්තුවක් හදල පෙන්නන්න. එතකොට අපේ තීරණය කියන්නම්.(නදී)
කරත කොළොම්බන් කාපු කෙනා තමයි රස දන්නේ... එහෙම නේද ? (ස)
ඔබතුමිය දේශපාලන චරිතයක් (දී)
ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ලිස්ට් එක නෙමෙයි රට කාපු අයගේ ලිස්ට් එකක් හදන්න ඕන. (ස)
මේ අහන්න දරුවනේ... අයිත් සුනාමියක් එන්න ළඟයි..(ස)
මට මොකුත් කියන්න තේරෙන්නේ නැහැ (දී)
ඔබගේ වටිනාතම අපට තේරෙනවා..(ස)
ඇති කලොත් ශක්තිමත් එකක් වේවි (දී)
දේශපාලන වශයෙන් හොද තීන්දුවක් (දී)
දැන් තියෙන ආණ්ඩුව අපිට හොදයි.(නදී)
ඔබතුමිය විතරයි ත්‍රිවිද හමුදාවට පඩි වැඩ කලේ. ඉන් පස්සේ මේ වෙනකම් එක ශත පහක් සොල්දාදුවන්ට දුන්නේ නැහැ. ඒ වගේම ජීවිත පරදුවට තියලා රට බේරාගත්ත සොල්දාදුවන්ට කිසිම වරප්‍රසාදයක් මේ වෙනකම් දීලා නැහැ. එදා මිය ගිය සොල්දාදුවන්ගේ මිනි පෙටිටිය ගෙඩ ගත්තේ ගෙයි බිත්තිය කඩලා. තාම ඒ අහංසක දෙමවිපියන් ඉන්නේ කටුමැටි ගෙවල්වලම තමයි. සොල්දාදුවන්ගේ සහය ඔබ තුමියට ලැබෙනවාම තමයි.(නදී)
නිවැරදි නායකත්වයක අවශ්‍යතාවය අපිට තදින් දැනෙනවා. (නි)
මැඩම්ගේ වටිනාකම දැන් තමයි අපිට දැනෙන්නේ. (නි)
නිකමට කරලා බලමුද (දී)
මට හිතෙනවා ඒ වැඩේ දේශපාලනයට අලුත් මුහුණු වරක් දේවි (දී)
තව කෙනෙක් හිටියානම් කියාවි මම තමයි යුද්ධය ආරම්භකොලේ කියලා ...(නු)
ඉන්දියාවෙි ජනපති වගේ පුද්ගලයන් ගැන නෝසිතා රට ගැන සිතුවනමි ඔබ තවමත් ජනපති..!(නු)
අනේ මගෙ කට..!(නු)
තන්හාය ජායතිී සෝකෝ කියල කියන්න වෙයිද?(නු)
කෆීර් ගෙනල්ල නිකං තිබ්බට වැඩක් නැහැ. (නු)
අන්තිමට එයාලා බේරුණා. අපි අතරමං වුණා. (නි)
මොනවාද මේ කියවන්නේ..!(නු)
ඔබ බලයේ හිටපු කාලෙ අර සුනාමි සහන මණ්ඩලේ දාන්න හදාපු උත්සවේදී අර විදේශ රාජ නියෝජිතයො ඉස්සරහ ලෝකෙටම ඇහෙන්න පේන්න කිව්වෙ මට යුද්දෙ දිනන්න බැරි ලංකාවෙ දූෂිත හමුදා නිලධාරියො ඉන්න නිසයි කියල නේද? බුද්ධිමත් පරිනත දේශපාලන නායිකවක් නම් එහෙම කතා කියයිද?(නු)
විජය කුමාරතුංග මහත්මයා ගැන ගුණ අනුස්මරණ කතාව නැද්ද? (නි)
ඔබ නැවත තරගයට එනවා නම් අපේ උපරිම සහය.(නදී)
කපීර් ගෙනැල්ලා අරන් තියලා තිබිබ එක හොදයි. ඒවා පාවිචිචි කරන්න ගියා නමි දැන් ඕවා තියෙන්නේ කොටින්ගේ අතේ.(නදී)
කතාව සියට සියයක් හරි..!(නු)
පොන්සේකා මහත්තයව පෙරට අරන් අපි ඔක්කොම එකට ඉමු.(නදී)
ඔබතුමිය නැවත ඡන්දය ඉල්ලුවොත් අපිට ඔබතුමියට නැවත විහාර මහා දේවියක් කියලා අමතන්න පුලුවන්. (නි)
වික්ටර් අයිවන්ගේ පොතේ කෑලිද මේ දාන්න හදන්නෙ..!(නු)
දැං ඕවා කියලා වැඩක් වෙයිද?(නු)
කාගේත් අදහස් වලට අපි ගරු කරන්න ඕනේ (දී)
හොද ආයුධ තිබ්බ නිසා සහ හොද පාලනයක් තිබ්බ නිසා වෙන්න ඈති ප්‍රබාකරන් දුවනකම්ම ගෑහෑව්වේ.....(නු)
ඒ යෝජනාවක් (දී)
මෙදා සැරේ එකතු උනොත් උඩින්ම එන්න පුළුවන්.(නදී)
ඔබ කව්ද කියා අපි දනිමි,ඒවා අමතකකරමු. ඒත් යුද්දෙට නැති කඩුව කොස්කොටන්නටද?(නදී)
මේ වගේ අදහස් පහල වෙන්නේ විශ්‍රාම ගියාට පස්සේනේ.(නදී)
මැඩම්ගේ කාලේ අපි සතුටින් හිටියා. (නදී)
ඔබතුමිය ඕවා හිතන්න තිබුනේ ගොඩක් කලින්. (නි)
අපි නොදන්න මැඩම්
අරුණ, ඔයාට පිස්සුද ?(නදී)
අයිත් සුනාමියක් (ස)
මට නම් මොකුත් කියන්න නැහැ (දී)
ඔයා රට කරන කාලේ මේ වගේ අදහස් ආවෙ නැත්තේ ඇයි.. (නු)
මැඩම්ගේ අදහස හොදයි..!(නු)
මැතිනිය ඔබ තුමියගේ පාලන කාලයේ වැරදි තිබුනා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය තරමටම පාත් වෙලා තිබුනේ නැහැ. එයට අපි ඔබට ගරු කරමු.(නදී)
නුබ නාඩන්, නුබ නාඩන්.(නදී)
ඔව්! හොදයි.(නදී)
ජාතික ආණ්ඩුවක් හොදයි. ඒත් එන්.එම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන වගේ අය අද බෙහෙතකටවත් හොයාගන්න බැහැ. (නි)
ආ ... මෙයාගෙ පුතා නේද සිංහලයෙකු වීම ලැජ්ජාවක් කියල කිව්වේ(නු)
මේවා අපි එච්චර ගැඹුරට හිතන්න අවශ්‍ය නැහැ (නි)
ඔබ ගැන ජනතාව දන්නවා.(නදී)
ඉතා හොද අදහසක් නමුත් ඔබ ළගම තියාගන්න..!(නු)
ඔයාගෙ කාලෙ කරන්න බැරිඋනානේ මේ දේවල්.. නමුත් දැං ආයෙත් ඉල්ලන්න පුළුවං..!(නු)
මමත් හිතුවා විතරයි.. ඒ උනාට උඩින් අකුල් යටින් උගුල්..!(නු)
අදහස හොසයි ක්‍රියාත්මක කරන්න සුභ පැතුම්..(නු)
නැවතත් දේශපාලනයට එන්න ද හදන්නේ (දී)
අනේ මැඩම්, ඇයි මේ මඩ ගොහොරුවට ආයෙත් බහින්නේ? (නි)
මොන කාලෙද දන්නෙ නැහැ ඔය අදහස ඇති වුණේ? (නි)
මේ දවස් වල පොතක් ලියනවා කීව නේද? ලියාගෙන යනකොට වෙන්න ඇති තමුන්ගෙන් වෙච්ච අඩුපාඩු තේරෙන්න ඇත්තෙ.(ස)
ඒ කාලේ නොආපු අදහස් ඇයි මේ දැන් එන්නේ? (නි)
අපි එයාව කොහොමහරි පත්කර ගනිමු. (නි)
ඕවා දෙනු පරහට තමා සම්මතෙයි පිහිටා සිට. (නදී)
මට නම් තේරෙන්නේ නැහැ (දී)
මම ඊයෙ පත්තරේ දැක්කා විපක්ෂය ළඟ වාඩිවෙලා මොනවද කුටුකුටු ගාන පින්තූරයක්. මට මතක්වුනා මැඩම් ස්ටේජ් එකක කියපු කතාවක් යමක් ගැන.(නදී)
ඉස්සර ජාතික ආණ්ඩු ගැන කතා කරන කී දෙනෙක්ව කපලා දැම්මද? (නදී)
දැන් ඔය දෙන පොරොන්දු බලය ලැබුණහම ස්ථිරෙටම ඉෂ්ඨ කරනවද? (නි)
ඔබේ ආන්ඩුවෙත් ඔය හොරුන්ගෙන් බාගයක් හිටියා. (නදී)
ඇත්ත දන්නේ අපිනේ... (නි)
දෙයියෝ සාක්කි! (නි)
මේ යෝජනාව ගුණ සමරුවට අදාලද? නැද්ද? දේශපාලනය කරන ශ්‍රේෂ්ඨ මිනිස්සු කොහේද ඉන්නේ? (නි)
අපි මේවා කියලා දෙන්න ඕනෑ අපේ ඉදිරි පරම්පරාවටයි. ඔබට ජය! (නි)
මොවුන් තමයි මේ රට කෑවේ. වගකියන්න ඕන.. (ස)
දැන් පුළුවන්නම් යූඑන්පී එකත් එක්ක එකතුවෙන්න.(නදී)
අනේ ඔව් මේ විදිහ හොදයි (දී)
නීලා, මඩගොහොරුවේ වැටුණු කෙනා තමයි එහි ස්වභාවය හරියටම දන්නේ. (නි)
ඔයාට අවස්ථාවක් දුන්නෙ ඕව කරන්න තමයි.. දැං වැඩැක් නැහැ කියලා.(නු)
ඔබ තුන් වෙනිපාරත් උත්සහ කලා ජනාධිපතිවෙන්න. (නදී)
කාලෙකට පස්සේ දැක්කේ (දී)
බලේ තියනකොට මොලේ නෑ මොලේ තියනකොට නෑ බලේ නැහැ.(නදී)
පහන් මේ යන විදිහ හොදයි (දී)
ජාතික ආණ්ඩුවට එකතු වෙන්නෙත් හිටපු අයමනෙ. අනේ මෙ ජාතික ආණ්ඩුවට එකතු වෙන්නෙත් හිටිය අයමනේ. අනේ මේ කුඩා රටේ උලගාල කණ්ඩ තියෙන්නෙ තව පොඩීඩයි. උත්සාහය වැඩත් වෙන එකක් නැහැ.(නදී) ි
මටනම් හිතෙනවා ඒ වැඩේ හොද වැඩක් කියලා (දී)
ඔබ තුමිය සරත් සිල්වට කියලා ගෙනාපු ලොකුම වැරදි ආයුදය තමයි මංත්‍රීවරුන්ට පක්ෂය මාරු කරන්න දුන්නු එක. දැන් ඒකා ප්‍රභාකරන්ටත් වැඩිය දරුණු වෙලා.(නදී)
මැඩම්, මේ ඔබේ වාරයයි.(නදී)
අරයා මේවා අහලා හොදට බලාපොරොත්තු තියාගෙන ඇති.(නදී)
එයාලා දන්නවා ලංකාවේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක් කියලා. (නි)
ඒක නම් හොද යෝජනාවක් වෙයි , නියතයි (දී)
අපි කවුරුත් මැඩම්ගෙ අදහසට ගරු කරන්න ඕනෑ. ඒ විතරක් නෙමෙයි, එයාට කියලා ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙ ලිස්ට් එකත් හදා ගන්න ඕනෑ. (නි)
ඔබතුමිය පිරිසුදු බංඩාරණායක ප්‍රතිපත්ති අනුරගමනය කලා නම් අද රටටත්, අපිටත් මෙහෙම වේන්නේ නැහැ. එදා යුද්දයටම පද්ම් වූ ජෙනරල් පොන්සේකා හමුදාපතිකරලා යුද්දය දිනුවානම් අද පවුල් වාදය රජවෙන්නේ නැහැ. කොහෙද ඔබ තුමියත් කරගහගත්තේ එදා ඉදලම රටකන හොර සමාජවාදයනේ.(නදී)
අද දේශපාලන පක්ෂ වල ඉන්නවද ශ්‍රේෂ්ඨ මිනිසුන්? එහෙම අය හිටිය බොහොම ඉස්සර. (නි)
බලය තියෙනකොට මේවා හිතන්නේ නැහැ. මොලේ පෑදෙනකෙට බලය නැහැ.(නදී)
ජනතාව වෙනුවෙන් අත්දැකීම් සහිත නායිකාවක් ලෙස ඔබ එයට මුල්වනවා නම් ජනතාව ඔබට එක්වේවි. ඔබතුමියගේ පාලන කාලය පිළිබඳ විවිධ මත පැවතියත් වර්තමාන ප්‍රෝඩාවෙන් මිදීමට ජනතාව ඒවා බාධාවක් නොකරගෙන පෙළගැසේවි. ඔබට ජය. (නි)
ඔබට මෙවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් සොයා ගත හැකිද?(නදී)
බලාගෙන, මගේ නහයෙත් බටර් ගෑවුනා.(නදී)
දැන් ගිහිල්ලත් එනවා කියනවා. ඔබගෙන් රට ගැලවුනේ නැත්නම් දැනටමත් රට ප්‍රභාකරන් අතේ. ඔබ ගොඩක් අයට පක්ෂය එපා කරා.(නදී)
කරලා බලමුද (දී)
මොනවද මේ කතා? (නි)
හැබැයි මැඩම් දේශප්‍රේමී කටවල් වලින් මොන වගේ චරිත සිදුවේවිද දන්නෙ නැහැ. (නි)
අපි මැරිලා ඉපදිලා නැත. (නි)
අපිට දැන් අවශ්‍ය පැහැදිලි දැක්මක් ඇති නායකත්වයක්. (නි)
මේ හදන්න යන ආන්ඩුවෙන් මුලින්ම පාර්ලිමේන්තුවේ පුටුවකට යයි වගේ.(නදී)
ජනතාව වෙනුවෙන් අත්දැකීම් සහිත නායිකාවක් ලෙස ඔබ එයට මුල්වනවා නම් ජනතාව ඔබට එක්වේවි. ඔබතුමියගේ පාලන කාලය පිළිබඳ විවිධ මත පැවතියත් වර්තමාන ප්‍රෝඩාවෙන් මිදීමට ජනතාව ඒවා බාධාවක් නොකරගෙන පෙළගැසේවි. ඔබට ජය. (නි)
අනේ මැඩම්, ඔය කවුරු ආවත් කෙරුවාව එකයි. පරණ වේදිකා නාට්‍යයක කෑල්ලක් මේ වෙලාවේ මගේ සිහියට නැගේ. ඔබ තුමිය පැය 24න් විධායක ජනාධිපතික්‍රමය නැති කල හැටි තවමත් මට මැවී පෙනේ.(නදී)
යුද්ධය හොදට කරගෙන ගියාට අතරමග නැවැත්තුවානේ..!(නු)
ජාතික ආණ්ඩුවට මම යෝජනා කරනවා රනිල් මහත්තයාව..!(නු)
පක්ෂ වල සිටින ජේෂ්ටයෝ එකතු වෙන්න (දී)
අපි ඔබ සමගයි.(නදී)
මමනම් හිතන්නේ ඒ යෝජනාව පිටුපස මොකාක් හරි දෙයක් තියෙනවා (දී)
එංගලන්තයේ ගෙදර අලුත් වැඩියාවක් පටන්ගෙනද දන්නේ නෑ... (ස)
අපි කරු ජයසූරිය මහත්තයයි, පොන්සේකා මහත්තයයි එකතුකරන් ආන්ඩුවක් හදමු.(නදී)
යුද්දෙන් දිනාගත්ත රට මෙහෙම ගියොත් නිකන් දෙන්ඩ වෙන්නෙ එක නිසා මැඩම්ගෙ අදහස ඉක්මනටම ක්‍රියාවට නැන්විය යුතුයි.(නදී)
මමනම් හිතනවා දේශපාලන වෙනසකටත් එක්ක ඒ වැඩේ හොදයි කියල (දී)
මොකද්ද ඒ ගැන හිතන්නේ (දී)
සිහින හතක් දුටුවෙමි මම - එක දිගටම... (ස)
මොකද්ද අනේ ඒ (දී)