චීනයේ වාර්ෂිකව පැවැත්වෙන හාර්බින් ජාත්‍යන්තර තුසර සැණකෙළියේ අලංකාරය දැක බලා ගැනීමට අදික සීතල ද නොතකා දහස් ගණන් ඇදී ආහ.
1963 දී ආරම්භවී හැම වසරකම ජනවාරි මාසයේදී මෙම උත්සව සැණකෙළිය පැවැත්වෙන්නේ සීත ඍතුව කාලයේදී අධික සීතලක් ඇති හෙඉලෝන්ජියාන් ප්‍රාන්තයේ අගනුවරවන හාර්බීන් නගරයේය.
රුසියාවේ සයිබීරියාවට යාබදව ඊසාන දිග චීනයේ පිහිටි එම පළාතේ කාලගුණය මෙකාලයේ සෙන්ටිග්‍රේට් රිණ 18 ට දක්වා අඩුවෙයි. එම අධික සීතල දේශගුණය නිසා හාර්බින් නගරය මැදින් ගලායන සින්ග්හුවා ගංගාවේ ජලය සම්පූර්නයෙන්ම කැටිගැසී මිදී යයි.
තුෂර සැණකෙළිය වර්ණවත්කිරීම සඳහා මනස්කාන්ත කැටයම් සහ මූර්ති නිර්මාණය කිරීමට අවශ්‍ය අයිස් ලබාගන්නේ මිදීගිය එම ගංගාවෙනි.
ඉක්මනින් කරකවෙන දැවැන්ත යාන්ත්‍රික කියත් යොදා විශාල අයිස් කුට්ටි කපාගනු ලැබේ. එම අයිස් කුට්ටි යොදාගනිමින් විවිධාකාර නිර්මාණයන් ඉදිකරනුයේ සින්ග්හුවා ගංඉවුර දිගේය.
සැණකෙළිය පවතින කාලයේ දිනපතා පැවැත්වෙන ගිණිකෙළි සංදර්ශන නැටුම් ගැයුම් අදියෙන් උත්සවයේ චමත්කාරය තව තවත් වැඩිවෙයි.
අයිස් නිර්මාණයන් විවිධ වර්ණයන්ගෙන් අලංකාර කිරීම සඳහා අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු යොදා ගැනේ.
චීනයේ ඉන්නා දක්ෂතම මුර්ති ශිල්පීන්ගේ තම හැකියාවන් පෙන්වීමටද මෙම උත්සවය අවස්තාවක් කරගනී.
අධික සීතල නොතකා සැණකෙළියට පැමිණි සමහරු විනෝදයට බාගෙට මිදුණු ජලතටාකයන්ට පැන්නාහ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන සීත මාලිගා ලස්සන බලන්න එති
අනිල් Monday, 07 January 2013 02:50 PM
රුවන් සුද්දෙක් වගේ නේ (ස)
සරත් Monday, 07 January 2013 07:27 PM
නියමෙට ඇති (දී)
ශාන්ත Monday, 07 January 2013 09:03 PM
සීතලයි...... සීතලයි......
නිත්‍යා Monday, 07 January 2013 01:05 PM
ඡායාරූපයකුත් මේ ලිපියට එකතු කරන්නකෝ (ස)
රත්නායක Tuesday, 08 January 2013 11:16 AM
සංචාරකයෝ බොහෝ දෙනා එනවා ඇති (දී)
ලලිත් Monday, 07 January 2013 01:21 PM
ඡායා රූප හෝ වීඩියෝ දර්ශනයක් තිබුණනම් මේ ප්‍රවෘත්තිය ඉතාම වටිනවා (ස)
අතපත්තු Monday, 07 January 2013 05:09 PM
ලස්සනට ඇති
සම්පත් Monday, 07 January 2013 05:22 PM
රුවන් ඔයා හරි (දී)
කුමාර Monday, 07 January 2013 05:32 PM
මමත් ආසයි ඒවා බලන්න (දී)
රුවන් Monday, 07 January 2013 02:13 PM
"...අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු..." නැතුව LED කිව්වා නම් කාටත් තේරෙනවා නේද? (ස)