IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චිත්‍රපට සංස්ථාවට අතුරු වාරණයක්

සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බව  සඳහන් කරමින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපතිවරයා නිකුත් කළ ලිපිය බල රහිත කරමින් කොළඹ දිසා අධිකරණය අද (8) වාරණ නියෝගයක් නිකුත් කළේය.

ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බවට නියෝග කරමින් ඉකුත් දෙසැම්බර් 13 වැනිදා නිකුත් කළ ලිපිය වලංගු නොවන බැවින් ඊට එරෙහිව වාරණයක් නිකුත් කරන්නැයි ඉල්ලා චිත්‍රපට නිෂ්පාදකවරුන් පස්දෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම වාරණය ලබා දුන්නේය.

චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ආචාර්ය සෝමරත්න දිසානායක, සුනිල් ප්‍රනාන්දු, ප්‍රසන්ත ගයාන් රණධීර, රාජා සදීෂ් කුමාර් සහ ඊ ඒ පී ෆිල්ම්ස් ඇන්ඩ් තියර්ස් මෙහි පැමිණිලිකරුවෝ වෙති.

වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව, එම සංස්ථා සභාපති අශෝක සේරසිංහ නම් කරනු ලැබ ඇත.

ලබන 22 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණය ලබා දුන්නේය.



අදහස් (0)

චිත්‍රපට සංස්ථාවට අතුරු වාරණයක්

ලියනගේ Saturday, 09 February 2013 05:58 AM

මේ වාරණය ඉල්ලපු අයගේ ඉල්ලීම සාධාරණ වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

රිස්වාන් Friday, 08 February 2013 06:23 PM

අපිට නම් ‍ඕවා තේරෙන්නේ නැහැ. අනතර්ජාලයේ, ටීවී එකේ, හින්දි චිත්‍රපටයක් බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

හිල්මි Friday, 08 February 2013 08:41 PM

සිංහල මිනිස්සු වුණත් යන්නේ හොද කතා වස්තු තියෙන දමිළ, හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපටි නරඹන්නයි. (නි)

:       0       0

අජිත් Sunday, 10 February 2013 10:17 AM

ඒකටත් දොශාභියෝගයක් එයිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site