රූපවාහිනියේ විකාශනය වූ චංගුමී (සුජාතා දියණිය) නාට්‍ය අළලා දෙහිවල කළුබෝවිල විදර්ශණ පබිලිෂර්ස් හි ජානක ඉනිමංකඩ විසින් ලියන ලද පොතේ අලෙවිය නතර කරන ලෙස කොළඹ වාණිජ මහා අධිකරණය අද අතුරු වාරණයක් නිකුත් කළේය.
දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලි විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් එය බාහිර පාර්ශවයකට එහි කිසිම අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පවරා ඇත.
විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර මහතා මාර්තු 13 වැනි දාට නඩුව කල් තැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මොනවද හොරකම් නොකරන්නේ.(නදී)
ඇත්තටම මේක බලපු අයට පොඩි හරි මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද? ඔය කියන රටේ එහෙම අය නොහිටියා කියලා පොඩි අයට කියලා දෙන්න වගේම බලපු අයට මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද හැබෑටම? අනේ මෙහෙව් රටක බලපු අය ගැන මොනව හිතන්නද? (නි)
අපේ මිනිස්සුන්ට කොහේවත් ඉන්න චන්ගුමීල ලොකු උනේ අපේ ටෙලි නාට්‍ය වලින් ගන්න දෙයක් නැති හින්දනෙ.(නදී)
මම හිතන්නේ යොහාන් හරි කියලයි.(නදී)
අපේ අයට මොන දේ කරලා හරි සල්ලි හම්බකරගන්න පුලුවන් නම් කමක් නැහැ. (නි)
බුද්ධිමය දේපල හොරු..(ස)
කොහේවත් රටක ඉන්න කාන්තාවකට අපේ අය මරාගන්නවා. ගියාපල්ලකෝ අපේ රටේ කෙනෙක් ගැන. (නි)
දැන් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නව වෙනසක්. එකම ආරක ටෙලි නාට්‍ය වලින් ඔවුන් හෙම්බත් වෙලා. (නි)
විකාශන අයිතිය තිබුණත් ප්‍රකාශන අයිතියක් නැහැනේ. නේද? (නි)
පොතක් ප්‍රකාශ කළහම අර මුලින් ලැබුණු යහපත් ප්‍රතිචාර පළුදු වෙනවා. (නි)
අපේ අය පිටරට වලින් එන ඕනෑම වසංගතයක් පැනලා භාරගන්නවනේ. (නි)
ලංකාවේ පුදුම ටෙලි නාට්‍ය පිස්සෝ තොගයක් ඉන්නේ. ඒ අයට ලෝකේ පෙරලුනත් ප්‍රශ්ණයක් නැහැ.(නදී)
ප්‍රකාශක අයිතීන් උල්ලංඝනය කිරීම බරපතල වරදක්. ශ්‍රී ලංකාවේ ප්‍රකාශන අයිතීන් ලියාපදංචි කිරීමේ නීතීන් වහා ඇති කළ යුතුයි.(නදී)
අපේ රටේ ටෙලි නාට්‍ය ගොඩක්ම ඒවා එකම සන්දර්භයක් තුළ දිවෙන්නෙ.ආදරයේ ,දුකේ,වෛරයේ අන්තයටම ගෙන ගොස් සහෘද මනස ලෙඩ කරවනවා.මානසික උද්වීපනය තුළින් ජීවිතය ජයගන්න ධනාත්මක ආදර්ශ ලබා දෙන සේ නිර්මාණයන් සිදු වෙනවා නම් චංගුමීට වගේම ආකර්ශනයක් ඇතිවේ.එය උතුම් සමාජ මෙහෙවරක්ද වේ.(නදී)
හොද වැඩේ. ලංකාවේ මිනිසුන්ගේ මොලේ කෑවට දඩුවම්.(නදී)