රූපවාහිනියේ විකාශනය වූ චංගුමී (සුජාතා දියණිය) නාට්‍ය අළලා දෙහිවල කළුබෝවිල විදර්ශණ පබිලිෂර්ස් හි ජානක ඉනිමංකඩ විසින් ලියන ලද පොතේ අලෙවිය නතර කරන ලෙස කොළඹ වාණිජ මහා අධිකරණය අද අතුරු වාරණයක් නිකුත් කළේය.
දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලි විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් එය බාහිර පාර්ශවයකට එහි කිසිම අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පවරා ඇත.
විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර මහතා මාර්තු 13 වැනි දාට නඩුව කල් තැඹිය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චංගුමී පොතට වාරණයක්
සුනිල් Thursday, 28 February 2013 07:54 AM
ලංකාවේ මොනවද හොරකම් නොකරන්නේ.(නදී)
සංජු Thursday, 28 February 2013 02:31 PM
ඇත්තටම මේක බලපු අයට පොඩි හරි මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද? ඔය කියන රටේ එහෙම අය නොහිටියා කියලා පොඩි අයට කියලා දෙන්න වගේම බලපු අයට මොළයක් කියලා දෙයක් තිබුනෙම නැද්ද හැබෑටම? අනේ මෙහෙව් රටක බලපු අය ගැන මොනව හිතන්නද? (නි)
රුවන් Wednesday, 27 February 2013 07:09 PM
අපේ මිනිස්සුන්ට කොහේවත් ඉන්න චන්ගුමීල ලොකු උනේ අපේ ටෙලි නාට්‍ය වලින් ගන්න දෙයක් නැති හින්දනෙ.(නදී)
කල්ප Wednesday, 27 February 2013 07:30 PM
මම හිතන්නේ යොහාන් හරි කියලයි.(නදී)
නිහාල් Wednesday, 27 February 2013 09:24 PM
අපේ අයට මොන දේ කරලා හරි සල්ලි හම්බකරගන්න පුලුවන් නම් කමක් නැහැ. (නි)
ජයන්ත Wednesday, 27 February 2013 03:26 PM
බුද්ධිමය දේපල හොරු..(ස)
වරුණ Wednesday, 27 February 2013 03:31 PM
කොහේවත් රටක ඉන්න කාන්තාවකට අපේ අය මරාගන්නවා. ගියාපල්ලකෝ අපේ රටේ කෙනෙක් ගැන. (නි)
ඉෂාන්ත Thursday, 28 February 2013 11:54 AM
දැන් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නව වෙනසක්. එකම ආරක ටෙලි නාට්‍ය වලින් ඔවුන් හෙම්බත් වෙලා. (නි)
යොහාන් Wednesday, 27 February 2013 04:14 PM
විකාශන අයිතිය තිබුණත් ප්‍රකාශන අයිතියක් නැහැනේ. නේද? (නි)
මේරි Wednesday, 27 February 2013 04:56 PM
පොතක් ප්‍රකාශ කළහම අර මුලින් ලැබුණු යහපත් ප්‍රතිචාර පළුදු වෙනවා. (නි)
අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 06:57 AM
අපේ අය පිටරට වලින් එන ඕනෑම වසංගතයක් පැනලා භාරගන්නවනේ. (නි)
පිටිගල-මිලානෝ Wednesday, 27 February 2013 05:15 PM
ලංකාවේ පුදුම ටෙලි නාට්‍ය පිස්සෝ තොගයක් ඉන්නේ. ඒ අයට ලෝකේ පෙරලුනත් ප්‍රශ්ණයක් නැහැ.(නදී)
දේශාන් Wednesday, 27 February 2013 05:21 PM
ප්‍රකාශක අයිතීන් උල්ලංඝනය කිරීම බරපතල වරදක්. ශ්‍රී ලංකාවේ ප්‍රකාශන අයිතීන් ලියාපදංචි කිරීමේ නීතීන් වහා ඇති කළ යුතුයි.(නදී)
රඹුකේවෙල ආනන්ද හිමි Thursday, 28 February 2013 07:38 AM
අපේ රටේ ටෙලි නාට්‍ය ගොඩක්ම ඒවා එකම සන්දර්භයක් තුළ දිවෙන්නෙ.ආදරයේ ,දුකේ,වෛරයේ අන්තයටම ගෙන ගොස් සහෘද මනස ලෙඩ කරවනවා.මානසික උද්වීපනය තුළින් ජීවිතය ජයගන්න ධනාත්මක ආදර්ශ ලබා දෙන සේ නිර්මාණයන් සිදු වෙනවා නම් චංගුමීට වගේම ආකර්ශනයක් ඇතිවේ.එය උතුම් සමාජ මෙහෙවරක්ද වේ.(නදී)
සෙනරත් Thursday, 28 February 2013 07:47 AM
හොද වැඩේ. ලංකාවේ මිනිසුන්ගේ මොලේ කෑවට දඩුවම්.(නදී)