කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර නාලන්දා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ඞී. එස්. සේනානායක විද්‍යාලය සමත්විය.
පළමු ඉනිමේදී ශතකයක් ලබාගැනීමට ඞී. එස්. සේනානායක විද්‍යාලයේ දුලීක බ‍්‍රාහ්මණගේ සමත්වූයේ පන්දු 107 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ බිනුර ප‍්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 24 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 39 කට කඩුලූ 3 ක් ලෙස සමස්ත තරගයේදීම ලකුණු 63 කට කඩුලූ 11 ක් දවාගැනීමට සමත්විය.
ඞී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 285
(දුලීක බ‍්‍රාහ්මණගේ 116, තිමිල විද්‍යාසේකර නොදැවී 42, සුපුන් මධුසංක 40, කනිශ්ක ප‍්‍රශාන් 25, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 77/4, අවිශ්ක ද සිල්වා 13/2, කුසල් ඩයස් 41/2)
නාලන්දා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 43
(වොෂාන්ත සිල්වා 10, බිනුර ප‍්‍රනාන්දු 24/8, උවින් බණ්ඩාර 11/2)
නාලන්දා විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 8 ක් දැවී 111
(අවිශ්ක ද සිල්වා 30, බිනුර ප‍්‍රනාන්දු 39/3, සුපුන් මධුසංක 15/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd