IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඞී. එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර නාලන්දා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ඞී. එස්. සේනානායක විද්‍යාලය සමත්විය.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගැනීමට ඞී. එස්. සේනානායක විද්‍යාලයේ දුලීක බ‍්‍රාහ්මණගේ සමත්වූයේ පන්දු 107 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ බිනුර ප‍්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 24 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 39 කට කඩුලූ 3 ක් ලෙස සමස්ත තරගයේදීම ලකුණු 63 කට කඩුලූ 11 ක් දවාගැනීමට සමත්විය.

ඞී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 285
(දුලීක බ‍්‍රාහ්මණගේ 116, තිමිල විද්‍යාසේකර නොදැවී 42, සුපුන් මධුසංක 40, කනිශ්ක ප‍්‍රශාන් 25, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 77/4, අවිශ්ක ද සිල්වා 13/2, කුසල් ඩයස් 41/2)

නාලන්දා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 43
(වොෂාන්ත සිල්වා 10, බිනුර ප‍්‍රනාන්දු 24/8, උවින් බණ්ඩාර 11/2)

නාලන්දා විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 8 ක් දැවී 111
(අවිශ්ක ද සිල්වා 30, බිනුර ප‍්‍රනාන්දු 39/3, සුපුන් මධුසංක 15/2)

(**)

 



අදහස් (0)

ඞී. එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site