(චාපා මධුභාෂිණි)

පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු අතවරයකට ලක් කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි.

මෙම ක්‍රීඩා භාර ගුරුවරයා සහ අනෙක් ගුරුවරයා විසින් දැරියගේ ජංගම දුරකථනයේ කෙටි පණිවුඩ ඔස්සේ දැරියට අසභ්‍ය ඡායාරූප ඒවා පසුව අතවරයට ලක්ව ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද කියයි.

මෙම සිදුවීමට සම්බන්ධ බව කියන ක්‍රීඩා භාර ගුරුවරයා සහ අනෙක් ගුරුවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

මොවුන් දෙදෙනා පාසල් නිවාඩුව හේතුවෙන් වෙනත් ප්‍රදේශයන්වලට ගොස් ඇතැයි අප කළ විමසීමකදී ස්ථානාධිපතිවරයා කියන්නට විය.