(ගයාන් සූරිය ආරච්චි)

තුඩැල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, උන්ඩ 3 ක් සහ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 780 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගස් සැකකරු සන්තකයේ තිබී පොලිස් පරීක්ෂක තනතුරේ හැහැදුනුම්පතක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හැදුනුම්පතක්, රියදුරු බලපත්‍ර දෙකක් සොයාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකුත් ගෙවල් බිඳුම් හා දේපොල කොල්ලකෑම්වලට සම්බන්ධ නඩු පවතින පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් පරිදි ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.