
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 13 දෙනෙකුගේ අ.පො.ස සාපෙළ විභාග සහතික සනාථ කළ නොහැකි එවා බව විභාග කොමසාරිස් ජනරාල් විසින් දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂක වෙත දන්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එම නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අදාල නිලධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කඩිනමින් පියවරගතයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙම නිලධාරින් 13 දෙනා සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදුකරනුයේ අදාළ කමිටු තිරණය පදනම් කරගෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd